උච්ච/ඉහළ සංඛ්‍යාත

(උච්ච සංඛ්‍යාත වෙතින් යළි-යොමු කරන ලදි)

උච්ච/ඉහළ සංඛ්‍යාත (HF) යනු 3 සහ 30 megahertz (MHz) අතර රේඩියෝ සංඛ්‍යාත විද්‍යුත් චුම්භක තරංග (රේඩියෝ තරංග) පරාසය සඳහා වන ITU නාමයයි [1] . එහි තරංග ආයාමය දශමකයේ සිට දහය දක්වා ( මීටර් දහයේ සිට සියය දක්වා) පරාසයක පවතින බැවින් එය දශමක කලාපය හෝ දශමක තරංග ලෙසද හැඳින්වේ. ඉහළ සංඛ්‍යාත (HF) ට පහළින් ඇති සංඛ්‍යාත මධ්‍යම සංඛ්‍යාත (MF) ලෙස දක්වන අතර ඊළඟ ඉහළ සංඛ්‍යාත කලාපය ඉතා ඉහළ සංඛ්‍යාත (VHF) කලාපය ලෙස හැඳින්වේ. ඉහළ සංඛ්‍යාත (HF) කලාපය කෙටි තරංග සංඛ්‍යාත කලාපයේ ප්‍රධාන කොටසකි, එබැවින් මෙම සංඛ්‍යාතවල සන්නිවේදනය බොහෝ විට කෙටි තරංග රේඩියෝව ලෙස හැඳින්වේ. වායුගෝලයේ ඇති අයනගෝල ස්තරය මගින් මෙම කලාපයේ රේඩියෝ තරංග නැවත පෘථිවියට පරාවර්තනය කළ හැකි බැවින් –"ස්කිප් (skip)" හෝ "ස්කයිවේව් (skywave) " ප්‍රචාරණය ලෙස හඳුන්වන ක්‍රමයකි. – මෙම සංඛ්‍යාත අන්තර් මහද්වීපික දුර හරහා දිගු-දුර සන්නිවේදනය සඳහා සහ රේඛීය සන්නිවේදනය වළක්වන කඳුකර භූමි සඳහා සුදුසු වේ. [2] මෙම කලාපය ජාත්‍යන්තර කෙටි තරංග විකාශන මධ්‍යස්ථාන (3.95–25.82 MHz), ගුවන් සේවා සන්නිවේදනය, රජයේ කාල මධ්‍යස්ථාන, කාලගුණ මධ්‍යස්ථාන, ආධුනික ගුවන්විදුලිය සහ පුරවැසි කණ්ඩායම් සේවා මෙන්ම වෙනත් භාවිත සඳහා ද භාවිත කරනු ලැබේ.

උච්ච/ඉහළ සංඛ්‍යාත
සංඛ්‍යාත පරාසය
3 to 30 MHz
තරංගආයාම පරාසය
100 to 10 m
විද්යුත් චුම්භක වර්ණාවලිය HF හි පිහිටීම.

ප්‍රචාරණ ලක්ෂණ සංස්කරණය

 
සාගර HF රේඩියෝ සන්නිවේදනය සඳහා වන නවීන Icom M700Pro ද්වි-මාර්ග රේඩියෝවක්.

මෙම කලාපයේ දිගු-දුර සන්නිවේදනයේ ප්‍රමුඛ මාධ්‍යය ස්කයිවේව් (skywave) ("ස්කිප් (skip)") ප්‍රචාරණය වන අතර, එහිදී අහසට කෝණයකින් යොමු කරන රේඩියෝ තරංග අයනගෝලයේ අයනීකෘත පරමාණු ස්ථර මගින් නැවත පෘථිවියට වර්තනය වේ . [3] මෙම ක්‍රමය මගින් ඉහළ සංඛ්‍යාත (HF) රේඩියෝ තරංග ක්ෂිතිජයෙන් ඔබ්බට, පෘථිවි වක්‍රය වටා ගමන් කළ හැකි අතර අන්තර් මහද්වීපික දුරකදී ග්‍රහණය කර ගත හැක. කෙසේ වෙතත්, එවැනි සන්නිවේදනය සඳහා වර්ණාවලියේ මෙම කොටසෙහි යෝග්‍යතාවය සංකීර්ණ සාධක කිහිපයක් සමඟ බෙහෙවින් වෙනස් වේ:

  • සම්ප්‍රේෂණය සහ ග්‍රහණය කරන ස්ථානයේ හිරු එළිය / අන්ධකාරය
  • සූර්ය ටර්මිනේටරය හා සම්ප්‍රේෂක / ග්‍රාහක අතර සමීපත්වය
  • ඍතුව
  • සූර්ය ලප චක්‍රය
  • සූර්ය ක්‍රියාකාරීත්වය
  • ධ්‍රැවීය ඌෂාලෝකය (Polar aurora)

ඕනෑම අවස්ථාවක, ලක්ෂ්‍ය දෙකක් අතර ලබා දී ඇති "ස්කිප් (skip)" සන්නිවේදන මාර්ගයක් සඳහා, සන්නිවේදනය කළ හැකි සංඛ්‍යාත පහත පරාමිති මගින් නියම කෙරේ.

  • භාවිත කළ හැකි උපරිම සංඛ්‍යාතය (MUF)
  • භාවිත කළ හැකි අඩුම ඉහළ සංඛ්යාත (LUF)
  • ප්‍රශස්ත සම්ප්‍රේෂණ සංඛ්‍යාතය (FOT)

ශීත ඍතුවේ අන්ධකාරයේ දී භාවිතා කළ හැකි උපරිම සංඛ්‍යාතය නිතිපතා 10 MHz ට වඩා පහත වැටෙන අතර ගිම්හානයේ දිවා කාලයේ දී එය පහසුවෙන් 30 MHz ඉක්මවිය හැක. එය තරංගවල සිදුවීම් කෝණය මත රඳා පවතී; තරංග කෙළින්ම ඉහළට යොමු කරන විට එය අඩුම වන අතර තියුණු බවෙන් අඩු කෝණ සහිත විට ඉහළ වේ. මෙයින් අදහස් කරන්නේ තරංග ඉතා මොට කෝණයකින් අයනගෝලය තෘප්තිමත් කරන විට දිගු දුරකදී, භාවිත කළ හැකි උපරිම සංඛ්‍යාතය (MUF) වඩා වැඩි විය හැකි බවයි. භාවිතා කළ හැකි අවම සංඛ්‍යාතය අයනගෝලයේ (D-ස්ථරය) පහළ ස්ථරයේ අවශෝෂණය මත රඳා පවතී. මෙම අවශෝෂණය පහල සංඛ්‍යාතවලදී වඩාත් වැඩි වන අතර සූර්ය ක්‍රියාකාරකම් වැඩි වීමත් සමඟ ද වැඩි වේ. (උදාහරණයක් ලෙස දිවා කාලයේ); දිවා කාලයේ දී බොහෝ විට 5 MHz ට අඩු සංඛ්‍යාතවල සම්පූර්ණ අවශෝෂණය සිදු වේ. මෙම සාධක දෙකෙහි ප්‍රතිඵලය නම්, භාවිත කළ හැකි වර්ණාවලිය ශීත රාත්‍රී කාලයේ දී පහළ සංඛ්‍යාත දෙසට සහ මධ්‍යම සංඛ්‍යාත (MF) පරාසයට මාරු වන අතර ගිම්හානයේ පූර්ණ දිනයක දී ඉහළ සංඛ්‍යාත බොහෝ විට අඩු ඉතා ඉහළ සංඛ්‍යාත (VHF) කලාපය වඩාත් භාවිත කළ හැකි වේ.[ උපුටා ගැනීමක් අවශ්‍යයි ]

සියලුම සාධක ප්‍රශස්ත වන විට, ඉහළ සංඛ්‍යාත (HF) මත ලොව පුරා සන්නිවේදනය කළ හැකිය. වෙනත් බොහෝ අවස්ථාවලදී මහාද්වීප හෝ සාගර හරහා හා අතර සම්බන්ධතා ඇති කර ගත හැකිය. නරකම අවස්ථාවක, කලාපයක් "මියගිය" විට, කුමන බල ප්‍රමාණ, ඇන්ටනා හෝ වෙනත් තාක්ෂණයන් භාවිත කළ ද, සීමිත භූ තරංග පථ වලින් ඔබ්බට සන්නිවේදනයක් කළ නොහැක. මහාද්වීපික හෝ ලෝක ව්‍යාප්ත මාර්ගයක් නිශ්චිත සංඛ්‍යාතයක් මත විවෘතව ඇති විට, බොහෝ විට මිලිවොට් අනුපිළිවෙලෙහි, විස්මිත ලෙස අඩු සම්ප්‍රේෂණ බලයන් භාවිතයෙන් ඩිජිටල්, එස්එස්බී සහ මෝර්ස් කේත සන්නිවේදනය කළ හැකිය, සුදුසු ඇන්ටනා දෙපසම භාවිතයේ තිබේ නම් සහ ස්වල්පයක් හෝ මිනිසා විසින් සාදන ලද හෝ ස්වභාවික මැදිහත්වීම් නොමැති නම්. [4] එවැනි විවෘත කලාපයක් මත, පුළුල් ප්‍රදේශයක ආරම්භ වන මැදිහත්වීම් බොහෝ විභව පරිශීලකයින්ට බලපායි. මෙම ගැටළු මිලිටරි, ආරක්ෂාව [5] සහ ඉහළ සංඛ්‍යාත (HF) කලාපවල ආධුනික ගුවන්විදුලි භාවිතා කරන්නන්ට සුවිශේෂී වේ.

භාවිතයන් සංස්කරණය

 
ඉහළ සංඛ්‍යාත (HF) සම්ප්‍රේෂ-ග්‍රාහක දෙකක් ඇතුළත් ආධුනික ගුවන් විදුලි මධ්‍යස්ථානයක්.
 
කැනේඩියානු ගුවන්විදුලි ආධුනිකයෙකු දිගු දුර සන්නිවේදනය සඳහා භාවිතා කරන සාමාන්‍ය යාගී ඇන්ටෙනාවක්
 
බෝයිං 707 වලිග වරලෙහි ඉහලින් සවිකර ඇති ඉහළ සංඛ්‍යාත (HF) ඇන්ටෙනාවක් භාවිතා කළේය [6]

ඉහළ සංඛ්‍යාත වර්ණාවලියේ ප්‍රධාන භාවිතයන් වන්නේ:

  • හමුදා සහ රජයේ සන්නිවේදන පද්ධති
  • ගුවන් සේවා විසින් ගුවේ සිට ගොඩබිම වෙත සන්නිවේදනය
  • ආධුනික ගුවන් විදුලිය
  • කෙටි තරංග ජාත්‍යන්තර සහ කලාපීය විකාශනයන්
  • සමුද්‍රීීය මුහුදෙන් වෙරළට සහ නැේ සිට නැව් සේවා
  • ක්ෂිතිජයට ඉහළින් රේඩාර් පද්ධති
  • ගෝලීය සමුද්‍රීය ආපදා සහ ආරක්ෂණ පද්ධතිය (GMDSS) සන්නිවේදනය
  • ලොව පුරා සිටිසන්ස් බෑන්ඩ් රේඩියෝ සේවා (සාමාන්‍යයෙන් 26-28 MHz, ඉහළ සංඛ්‍යාත (HF) කලාපයේ ඉහළ කොටස, එය අඩු - ඉතා ඉහළ සංඛ්‍යාත (VHF) ලෙස හැසිරේ)
  • වෙරළ සාගර ගතික යෙදුම් රේඩාර්

ඉහළ සංඛ්‍යාත කලාපය ආධුනික ගුවන්විදුලි ක්‍රියාකරුවන් අතර ඉතා ජනප්‍රිය වන අතර, ඔවුන්ට සෘජු, දිගු-දුර (බොහෝ විට අන්තර් මහාද්වීපික) සන්නිවේදනයන් සහ විචල්‍ය තත්ත්‍වයන්හිදී සම්බන්ධතා ඇති කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස "ත්‍රාසජනක සාධකය" ප්‍රයෝජනයට ගත හැකිය. ජාත්‍යන්තර කෙටි තරංග විකාශනයන් මෙම සංඛ්‍යාත කට්ටලය භාවිත කරන අතර, මෑත වසරවලදී, මෙම සන්නිවේදන මාධ්‍යයන් වෙත නැඹුරු වී ඇති "උපයෝගිතා" භාවිතා කරන්නන් සංඛ්‍යාව (සාගරික, ගුවන් සේවා, හමුදා සහ රාජ්‍ය තාන්ත්‍රික අවශ්‍යතා) අඩු වන බව පෙනේ. ඔවුන් ඒ වෙනුවට උදාහරණයක් ලෙස චන්ද්‍රිකා භාවිතයට පෙළඹී ඇත, නමුත් උපස්ථ අරමුණු සඳහා මාරු වීමෙන් පසු ද ඉහළ සංඛ්‍යාත (HF) මධ්‍යස්ථාන පවත්වාගෙන යා හැක.

කෙසේ වෙතත්, ස්වයංක්‍රීය සම්බන්ධතාවය සහ සංඛ්‍යාත තේරීම සඳහා MIL-STD-188-141 මත පදනම් වූ ස්වයංක්‍රීය සබැඳි ස්ථාපිත තාක්‍ෂණයේ දියුණුව හා චන්ද්‍රිකා භාවිතයේ අධික පිරිවැය රජයේ ජාල තුළ ඉහළ සංඛ්‍යාත (HF) භාවිතයේ පුනරුදයකට හේතු වී තිබේ. MIL-STD-188-110C ට අනුරූප වන, තත්පරයට කිලෝබිට් 120 දක්වා දත්ත අනුපාත සඳහා සහය දක්වන අධි වේග මොඩමයන් වල සංවර්ධනය ද දත්ත සන්නිවේදනය සහ වීඩියෝ සම්ප්‍රේෂණය සඳහා ඉහළ සංඛ්‍යාත (HF) භාවිතා කිරීමේ හැකියාව වැඩි කර ඇත. STANAG 5066 වැනි අනෙකුත් සංවර්ධිත ප්‍රමිති, ARQ ප්‍රොටෝකෝල භාවිතයෙන් දෝෂ රහිත දත්ත සන්නිවේදනය සපයයි.

අඛණ්ඩ තරංග මෝර්ස් කේත සම්ප්‍රේෂණ (විශේෂයෙන් ආධුනික ගුවන්විදුලි ක්‍රියාකරුවන් විසින්) සහ තනි පැතිකලාප (SSB) හඬ සම්ප්‍රේෂණ වැනි සමහර සන්නිවේදන ක්‍රම ඒවායේ කලාපපළල (Bandwidth) සංරක්ෂණ ස්වභාවය නිසා, අනෙකුත් සංඛ්‍යාතවලට වඩා HF පරාසය තුළ බහුලව දක්නට ලැබේ, නමුත් බ්‍රෝඩ්බෑන්ඩ් මාදිලි, රූපවාහිනී සම්ප්‍රේෂණ, සාමාන්‍යයෙන් HF හි විද්‍යුත් චුම්භක වර්ණාවලි අවකාශයේ සාපේක්ෂව කුඩා ඉඩකඩ හේතුවෙන් තහනම් වී ඇත.

ඇන්ටනා සංස්කරණය

මෙම කලාපයේ බහුලවම ඇත්තේ වයර් ඩයිපෝල් හෝ රොම්බික් ඇන්ටනා වැනි වයර් ඇන්ටනා ය; ඉහළ සංඛ්‍යාතවල දී, Yagi, quad, සහ log-periodic antennas වැනි බහු මූලද්‍රව්‍ය dipole ඇන්ටනා වේ. බලවත් කෙටි තරංග විකාශන මධ්‍යස්ථාන බොහෝ විට විශාල කම්බි තිර අරා භාවිත කරයි.

යොමු කිරීම් සංස්කරණය

  1. "Rec. ITU-R V.431-7, Nomenclature of the frequency and wavelength bands used in telecommunications" (PDF). ITU. 31 October 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 January 2015.
  2. Harmon, James V.; Fiedler, Ltc David M; Lam, Ltc Ret John R. (Spring 1994). "Automated HF Communications" (PDF). Army Communicator: 22–26. 23 December 2016 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 December 2018.
  3. . 2005. pp. 55–58 https://books.google.com/books?id=4LtmjGNwOPIC&q=cross+polarization+discrimination&pg=PA57. {{cite book}}: Missing or empty |title= (help)
  4. Paul Harden (2005). "Solar Activity & HF Propagation". QRP Amateur Radio Club International. සම්ප්‍රවේශය 2009-02-22.
  5. "Amateur Radio Emergency Communication". American Radio Relay League, Inc. 2008. January 29, 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-02-22.
  6. Shoquist, Marc. "The Antenna Coupler Program". VIP Club.
"https://si.wikipedia.org/w/index.php?title=උච්ච/ඉහළ_සංඛ්‍යාත&oldid=651052" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි