ඉරාන-ශ්‍රී ලංකා සබඳතා

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ගොඩනැගෙන්නේ 1961 සිට වේ.[1]

ඉරාන- ශ්‍රී ලාංකික සබඳතා
Map indicating locations of ඉරානය and ශ්‍රී ලංකාව

ඉරානය

ශ්‍රී ලංකාව

ඉතිහාසය සංස්කරණය

1961 දී ශ්‍රී ලංකාව (එකල සිලෝන්) පාකිස්තානය තුල ඉස්ලාමාබාද් හි පිහිටවූ තානාපති කාර්යාලය හරහා ඉරානය සමග සබඳතා ගොඩනංවා ගත් අතර පසුව 1990 දී, ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවන ලදී. ඉරානය සිය තානාපති කාර්යාලය 1975 දී කොළඹ නගරය තුල පිහිටුවන ලදී.

ඉරානයේ හිටපු ජනපති මහමුද් අහමදිනෙජාද්, සිය දූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව සිදුකල පලමු ආසියානු සංචාරයේදී ශ්‍රී ලංකාවේද සංචාරය කල අතර[2] ශ්‍රී ලංකාවේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාද ඉතා සමීප මිත්‍රත්වයක් ඉරානය සමග පවත්වා ගන්නා ලදී.[3]

ආර්ථික සබඳතා සංස්කරණය

ශ්‍රී ලංකාවේ බොහොමයක් සංවර්ධන වැඩකටයුතු සඳහා ඉරානයද සිය දායකත්වය සපයයි. 2010 වසරේදී ඉරානය, ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ මෙගා වොට් 100 ක පමණ ධාරිතාවකින් යුත් ජල විදුලි බලාගාරයක් සහිත උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සිදුකිරීමට අමෙරිකා ඩොලර් මිලියන 450-500 අතර ආධාර ලබා දීමට එකඟ විය.[4] ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදු අංශවලද ඉරානය සිය ආයෝජන සිදු කරන අතර[5] එමගින් ශ්‍රී ලංකාවේ පිරිපහදු තෙල් නිශ්පාදනය දෙගුණ කිරීමට අපේක්ෂා කරයි.[6] මීට අමතරව ග්‍රාමීය විද්‍යුත් අවශ්‍යතාව පිරවීමටද සහය දක්වමින්[3] ශ්‍රී ලංකාවට ආධාර කරන ප්‍රධාන රටවල් අතුරින් එකක් බවට ඉරානය පත්ව තිබෙයි.[7][8]

ආරක්ෂක සබඳතා සංස්කරණය

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවැති සමයේ රජය ඉරානයෙන් අවම පොලී යටතේ ණය සහ යුධ ආධාර ලබා ගත් අතර,[9] ශ්‍රී ලංකාවේ යුධ නිලදාරීන්ට පුහුණුව ලබා දීමට ඉරානය කටයුතු කරන ලදී.[10][11]

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය



"https://si.wikipedia.org/w/index.php?title=ඉරාන-ශ්‍රී_ලංකා_සබඳතා&oldid=591456" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි