ජපාන-ශ්‍රී ලංකා සබඳතා

ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹෙන්නේ 1952 වර්ෂයේදී යී.

ජපාන - ශ්‍රී ලාංකික සබඳතා
Map indicating locations of ජපානය and ශ්‍රී ලංකාව

ජපානය

ශ්‍රී ලංකාව
ටෝකියෝ හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාව තුල ජපාන තානාපති කාර්යාලය කොළඹත්,[1] ජපානය තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ටෝකියෝ වලත් පිහිටුවා තිබෙයි.[2]2012 වසරේදී, ජපාන - ශ්‍රී ලංකා සම්බන්ධතාවයට වසර 60 ක් පිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී, සමරු උත්සවයක් සහ සමරු කාසියක් එලි දැක්වුනි.[3]

2005 දී බීබීසී ලෝක සේවය විසින් සිදු කල සමීක්ෂණයකදී, 50% වූ ශ්‍රී ලාංකිකයින් ජපානය පිළිබඳ යහපත් ආකල්ප දැරූ අතර, 4% ප්‍රමාණයක් පමණක් විරුද්ධ මත දැරූහ.[4]

මිතුදම සංස්කරණය

දිගු කාලයක පටන් ජපානය, ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ජාතිය ගොඩනැංවීමේ කටයුතු වෙනුවෙන් නොපැකිළිව ආධාර උපකාර සිදු තරයි.

පරිත්‍යාග සංස්කරණය

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව[5], ශ්‍රී ජයවර්ධනපුර රෝහල[6] සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන ගොඩනැගිල්ල ජපානය විසින් මෙරටට සිදුකල පරිත්‍යාග අතර වේ.

සංචාර සංස්කරණය

  • 2013 වර්ෂයේදී ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ සිව් දිනක නිල සංචාරයක් සිදු කරන ලදී. [7]
  • 2014 සැප්තැම්බර් 7 වන දිනදී ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සිදු කරන ලදී.[8]

ආර්ථික සබඳතා සංස්කරණය

1997 වසරේදී, ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් (Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation (BIMSTEC)) හි සාමාජික රටක් බවට පත්විය. එයට භූතානය, ඉන්දියාව, නේපාලය, තායිලන්තය සහ මියන්මාරය ද ඇතුලත් වෙයි. බිම්ස්ටෙක් හරහා නිදහස් වෙළඳ ගිවිසුමක් මගින් ජපානය සමග වෙළඳාම දියුණු කර ගත්තද, 2000 වර්ෂය වන විට එය දුර්වල විය. 2007 වසර වන විට, ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයනයෙන් 2.4% ක් ජපානය වෙත සිදු කර ඇත. ජපානයට අපනයනය කරන මූලික භාණ්ඩයන් වන්නේ තේ, රබර්, විසිතුරු මසුන් සහ මැණික් ගල් වෙයි.[9]

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "එම්බසි ඔෆ් ජැපෑන් ඉන් ශ්‍රී ලංකා". සම්ප්‍රවේශය 2009-07-18.
  2. "එම්බසි ඔෆ් ශ්‍රී ලංකා ඉන් ජැපෑන්". සම්ප්‍රවේශය 2009-07-18.
  3. "ශ්‍රී ලංකා ඇන්ඩ් ජැපෑන් සෙලිබ්‍රේට් 60 ඉයර්ස් ඔෆ් ඩිප්ලොමටික් රිලේෂන්ස්". සම්ප්‍රවේශය 2012-09-14.
  4. සංරක්ෂිත පිටපත, http://www.globescan.com/news_archives/bbc06-3/index.html, ප්‍රතිෂ්ඨාපනය 2014-01-18 
  5. සංරක්ෂිත පිටපත, http://www.rupavahini.lk/index.php/about-us, ප්‍රතිෂ්ඨාපනය 2014-03-24 
  6. http://www.ewisl.net/jayawardana/index.html
  7. සංරක්ෂිත පිටපත, http://www.presidentsoffice.gov.lk/index.php?option=com_k2&view=item&id=14:president-arrives-in-japan, ප්‍රතිෂ්ඨාපනය 2014-09-13 
  8. http://www.livemint.com/Politics/tbNLskxu2rctX0jnJEmn7O/Shinzo-Abe-becomes-first-Japanese-PM-to-visit-Sri-Lanka-in-2.html
  9. "ශ්‍රී ලංකා ෂුඩ් මේක් බෙටර් යූස් ඔෆ් එක්ස්සිස්ටිං ට්‍රේඩ් ඩීල්ස්: එක්ස්පර්ට්ස්". Bilaterals.org. 11 සැප්තැම්බර් 2007. සම්ප්‍රවේශය 2009-07-18.



"https://si.wikipedia.org/w/index.php?title=ජපාන-ශ්‍රී_ලංකා_සබඳතා&oldid=596638" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි