ඉයන් පේස්ලි කණිෂ්ඨ


ඉයන් රිචඩ් කයිල් පේස්ලි කණිෂ්ඨ[1] (උපත 12 දෙසැම්බර් 1966), 2010 වසරෙහි සිට නෝර්ත් ඇන්ට්‍රිම් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) වෙයි. පෙරදී ඔහු, 1998 සිට 2010 දක්වා නෝර්ත් ඇන්ට්‍රිම් සඳහා උතුරු අයර්ලන්ත ව්‍යවස්ථාදායක මණ්ඩලයෙහි සාමාජිකයෙක් විය. ඩිමොක්‍රටික් යූනියනිස්ට් පක්ෂයෙහි (ඩීයූපී) සාමාජිකයෙක් වන පේස්ලි, ඩීයූපී පක්ෂයෙහි ආරම්භක වූ ඉයන් පේස්ලි ගේ ප්‍රත්‍රයා වෙයි.

ප්‍රථම අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය ප්‍රථම අමාත්‍යවරයාගේ කාර්යාලයෙහි කණිෂ්ඨ අමාත්‍යවරයා
තනතුර දරමින්
8 මැයි 2007 – 26 පෙබරවාරි 2008
සේවය කිරීම සහයෝගයෙන් ජෙරී කෙලී
පූර්වප්‍රාප්තිකයාජේම්ස් ලෙස්ලි
අනුප්‍රාප්තිකයාජෙෆ්රි ඩොනල්ඩ්සන්

නෝර්ත් ඇන්ට්‍රිම් සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
6 මැයි 2010
පූර්වප්‍රාප්තිකයාඉයන් පේස්ලි
බහුතරය20,643 (42.6%)
නෝර්ත් ඇන්ට්‍රිම් සඳහා
ව්‍යවස්ථාදායක මණ්ඩල සාමාජික
තනතුර දරමින්
25 ජූනි 1998 – 21 ජූනි 2010
පූර්වප්‍රාප්තිකයාමැතිවරණ කොට්ඨාශය නිර්මාණය කෙරිණි
අනුප්‍රාප්තිකයාපෝල් ෆ්‍රිව්
පුද්ගලික තොරතුරු
උපත
ඉයන් රිචඩ් කයිල් පේස්ලි කණිෂ්ඨ

12 දෙසැම්බර් 1966 (1966-12-12) (වයස 57)
බෙල්ෆාස්ට්, උතුරු අයර්ලන්තය
ජාතියබ්‍රිතාන්‍ය
දේශපාලන පක්ෂයඩිමොක්‍රටික් යූනියනිස්ට් පක්ෂය
කලත්‍රයාෆියෝනා පේස්ලි
දරුවන්4
දෙමව්පිය(s)ඉයන් පේස්ලි
අයිලීන් පේස්ලි
උගත් ශාස්ත්‍රාලයක්වීන්ස් විශ්වවිද්‍යාලය බෙල්ෆාස්ට්
වෙබ් අඩවියඉයන් පේස්ලි ජූනියර්


1990 වසරෙහිදී, ෆියෝනා හා සමගින් විවාහ වූ අතර ඔවුන්ට දරුවන් සතර දෙනෙක් සිටිති. අල්ස්ටර් හී ෆ්‍රී ප්‍රස්බිටේරියන් සභාවෙහි සාමාජිකයෙක් වන ඔහු, ලීව් මීන්ස් ලීව් නමැති යුරෝපියානු සංගමය පිළිබඳ අවිශ්වාසී මෙහෙයුමෙහි ආධාරකරුවෙකුද වෙයි. [2]

ළමා දිවිය සංස්කරණය

1966 වසරෙහිදී බෙල්ෆාස්ට් හී උපන් පේස්ලි, පූජ්‍ය ඉයන් පේස්ලි සහ ඔහුගේ බිරිඳ අයිලීන් පේස්ලි ගේ ලාබාලම දරුවා වෙයි. නැගෙනහිර බෙල්ෆාස්ට් හී සයිප්‍රස් වීදියෙහි පිඑිටි විශාල අබද්ධ නිවසක, ඔහුගේ වැඩිමහල් සහෝදරියන් තිදෙනා, ෂැරෝන්, රොන්ඩා සහ චෙරිත්, සහ ඔහුගේ නිවුන් සහෝදර කයිල් සමගින් ඔහු ඇතිදැඩි කෙරිණි.[3] නිවුන් සොහොයුරන් දෙදෙනාගෙන් බාලයා වූ ඔහු පියා අනුව යමින් නම් කෙරුණු අතර ඔහුගේ පියා ද සෙහොයුරන් දෙදෙනෙකු අතරින් බාලයා විය.[3] ඔහු කුඩා දරුවෙකු කල සිට ඔහුගේ පියා විසින් දේශනා පැවැත්වුණු අල්ස්ටර් හී ෆ්‍රී ප්‍රස්බිටේරියන් සභාවෙහි මෙහෙයයන් සඳහා ඔහු නිතොර සහභාගී විය.[3] 2007 අගෝස්තු මාසයෙහිදී ද හවුස් අයි ගෲ අප් ඉන් නමැති BBC රේඩියෝ 4 වැඩසටහන් මාලාවෙහි තුන්වන කතාංගයෙහි මාතෘකාව ඔහු වූ අතර, උතුරු අයර්ලන්ත ගැටුම් තිබුණද ඔහු ගෙවූ ප්‍රීතිමත් ලමා දිවියක් සහ සුරක්ෂිත පවුල් ජීවිතයක් පිළිබඳ එහිදී ඔහු විස්තර කලේය.[3]

අධ්‍යාපනය සංස්කරණය

ප්‍රාථමික පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව, බෙල්ෆාස්ට් හී ක්වීන්ස් විශ්වවිද්‍යාලය වෙත ඇතුලත් වීමට පෙර, ෂාෆ්ට්ස්බරී හවුස් ශාස්ත්‍රාලයෙහිද ඉන්පසු හයවන පන්තිය මෙතඩිස්ට් කොලේජ් බෙල්ෆාස්ට් හීදීද ඔහු අධ්‍යාපනය ලැබීය.[3] විශ්වවිද්‍යාලයෙහිදී, නූතන ඉතිහාසය සහ අයර්ලන්ත දේශපාලනය ඔහු විසින් හැදෑරුණු අතර ඒ සඳහා පිළිවෙලින් බීඒ (ගෞරව) සහ එම්එස්එස්සී උපාධි ලැබීය. පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු නිමවීමෙන් පසුව, ඔහුගේ පියා සඳහා දේශපාලන පර්යේෂකයෙක් ලෙසින් සහ පාර්ලිමේන්තු සහායෙකු ලෙසින් ඔහු ක්‍රියා කලේය.

දේශපාලන අභිවෘත්තිය සංස්කරණය

1996 වසරෙහිදී, නෝර්ත් ඇන්ට්‍රිම් සඳහා උතුරු අයර්ලන්ත සංසදය වෙත තේරී පත් විය. ඉන්පසු, 1998 වසරෙහිදී එම මැතිවරණ කොට්ඨාශය සඳහාම උතුරු අයර්ලන්ත ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙත ඔහු යළි තේරී පත් විය. උතුරු අයර්ලන්ත පොලිස් කටයුතු මණ්ඩලය තුල තනතුරු දැරූ ඩීයූපී සාමාජිකයින් තිදෙනා අතුරින් එකෙකු වූ ඔහු, පක්ෂයෙහිඅධිකරණ කටයුතු පිළිබඳ ප්‍රකාශක සහ පුවත්පත් නිලධාරියා විය.

46.4% ඡන්ද ප්‍රතිශතයක් ලබමින් 2010 එරා මහා මැතිවරණය ජයගනිමින්, නොර්ත් ඇන්ට්‍රිම් මැතිවරණ කොට්ඨාශයෙහි වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසින්, ඔහුගේ පියාගේ අනුප්‍රාප්තිකයා වීමට පේස්ලි සමත් විය.[4] පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසින් ඔහුගේ තේරී පත් වීමට පසුව, උතුරු අයර්ලන්ත මන්ත්‍රණ සභාවෙහි ඔහුගේ අසුනෙන් ඔහු ඉල්ලා අස් විය.

ඔහුගේ පක්ෂයෙහි නායකයා වීමට පේස්ලි කණිෂ්ඨ විසින් අරඅඳින බවට කටකතා පැතිර ගියද, එවැනි මනදොළක් ඔහු නිෂ්ප්‍රභා කලේය: "එවැනි මනදොළක් මට ඇත්තේම නැත. වර්තමානයෙහි මම සිටින තත්ත්වයෙන් ඔබ්බට යෑමට මට කිසිවිටෙක මනදොළක් තිබුණේ නැත. මම නායකයා වීමට තැත් කරන්නේද යන සැකය ඇති සමහරු මට පිහියෙන් ඇන මා නැවැත්වීමට උත්සාහ කරති. ඇත්ත වශයෙන්ම ඔවුන් මා සම්පූර්ණයෙන්ම වැරදි ලෙසින් අවබෝධ කරගෙන ඇත."[4]

වියදම් සංස්කරණය

2011–12 මුදල් වර්ෂය තුලදී, පේස්ලිගේ මුළු වියදම් ප්‍රකාශය, පාර්ලිමේන්තුවෙහි සියළුම මන්ත්‍රීවරුන් අතුරින් සත්වන වැඩිම වියදම විය.[5] 2012–13 මුදල් වර්ෂය සඳහා ඔහුගේ වියදම් £232,000 විය; එම වසර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වියදම් අතුරින් වැඩිම වියදම විය. මෙම වියදම් සමන්විත වූයේ පේස්ලි සඳහා සහ ඔහුගේ මැතිවරණ කොට්ඨාශ කාර්යමණ්ඩලය සඳහා ගමන් හා නැවතීම් ගාස්තු වෙතින් විය.[6] බැලිමීනා ටයිම්ස් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී, පේස්ලි පවසා සිටියේ "මේ මුදල් කිසිවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසින් මට ලැබෙන්නේ නැහැ ... ඒවා නිත්‍යානුකූල වියදම් වන අතර IPSA විසින් අනුමත කොට පාර්ලිමේන්තුව විසින් සෘජු ලෙසින් ගෙවනු ලබනවා".[5] 2013–14 මුදල් වර්ෂයෙහිදී ඔහු දෙවන විශාලතම වියදම් ඉල්ලීමට හිමිකම් කීය. 2014–15 වියදම් වර්ෂය සඳහා, ඔහු යළිත් දෙවන විශාලතම හිමිකම ඉදිරිපත් කරමින්, වියදම් ලෙසින් £227,000 ලැබීය.[7] 2010–2015 පාර්ලිමේන්තුව තුල, පේස්ලි විසින් වියදම් ලෙසින් £1,112,667 ත මුඵ ඉල්ලීමක් සිදු කොට ඇත.[8]

මතභේදාකාරී සිද්ධීන් සංස්කරණය

සමලිංගිකත්වය පිළිබඳ අදහස් සංස්කරණය

සම-ලිංගික විවාහ සම්බන්ධයෙන් පැවැති ඔහුගේ දිට්ඨිය පිළිබඳව 2005 වසරෙහිදී, පේස්ලි තරමක විවේචනයට පාත්‍රවිය.


දේපොල ප්‍රවර්ධකයෝ සංස්කරණය

උතුරු අයර්ලන්තයෙහි එකම යුනෙස්කෝ ලෝක උරුම අඩවිය වන ජයන්ට්ස් කෝස්වේ තුල පෞද්ගලික අමුත්තන්ගේ මධ්‍යස්ථානයක් කැනීම සඳහා දේශීය දේපොල ප්‍රවර්ධකයෙක් වන සිමෝර් ස්වීනිගේ සැලසුම් සාර්ථක කරගැනුමට රජය තුලින් බලපෑමක් ඇති කර ලීමට පේස්ලි විසින් උත්සාහ කල බවට 2007 වසරෙහිදී පළවූ පුවත්පත් වාර්තාවන්, සිමෝර් ස්වීනි විසින් පිළිගන්නා ලදි. ස්වීනි සමගින් කිසියම් හෝ මූල්‍යමය සම්බන්ධතාවයක් පැවැති බවක් පේස්ලි විසින් තදබල ලෙසින් නිෂ්ප්‍රභා කරන ලද මුත්, ඔහු පිළිගත්තේ මෙම ප්‍රවර්ධකයා සමගින් ඔහු ගැඹුරු මුහුදේ මසුන් මැරීමට සහභාගී වී ඇති බවයි.[9]

නෝර්ත් ඇන්ට්‍රිම් වෙරළ වාණිජමය ලෙසින් ප්‍රවර්ධනය කිරීමෙහි පේස්ලි සම්බන්ධ වූ අතර ජයන්ට්ස් කෝස්වේ අසබඩ රන්කෙරි හී වලවල්-18 ගොල්ෆ් පිටියක් සහ හෝටල් සංකීර්ණයකින් සමන්විත අල්ස්ටෙයාර් හන්නාගේ මතභේදකාරී බුෂ්මිල්ස් ඩූන්ස් ගොල්ෆ් රෙසෝට් සහ ස්පා යෝජනාව වෙත දැඩි සහායක් දැක්වීය.[10] ඩෙරික් කොන්වේ අපචාරයෙන් පසුව, දේශපාලනඥයින් විසින් පවුලේ සාමාජිකයන් රැකියාවන්හී නිරත කර ගැනීම පිළිබඳ සමීක්ෂණය කෙරුණු අතර, 2008 පෙබරවාරියෙහිදී ප්‍රමාද දෝෂ මාලාවක් ප්‍රසිද්ධියට පත්කෙරුණු අතර තවත් මතභේදකාරී සිදුවීම් එලිදැක්වීමත් සමගම එළිදරවු වූයේ ව්‍යවස්ථාදායක මණ්ඩල මන්ත්‍රීවරයෙක් සහ කණිෂ්ඨ අමාත්‍යවරයෙක් ලෙසින් සේවය කරද්දීම පේස්ලි විසින් නෝර්ත් ඇන්ට්‍රිම් මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් පර්යේෂකයෙක් ලෙසින් සේවය කරමින් ඔහුගේ පියා වෙතින් වැටුප් ලැබූ බවයි.[11] මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, 2008 පෙබරවාරි 18 දිනදී ඔහුගේ කණිෂ්ඨ අමාත්‍ය ධූරයෙන් පේස්ලි ඉල්ලා අස්විය.[12]

රිපබ්ලිකානුවන් පිළිබඳ විමතික පරිකථන සංස්කරණය

2008 අගෝස්තුවෙහිදී තවදුරටත් මතභේදකාරී තත්ත්වයන් ඇති වූයේ, උතුරු අයර්ලන්ත පොලිස් සේවය වෙත ඇතිවූ ප්‍රහාර කිහිපයකට පසුව අදහස් පළ කරමින්, රිපබ්ලිකානුවන් වෙත "දුටු තැන වෙඩි තැබිය යුතු" බවට පේස්ලි විසින් පැවසීමත් සමගය.[13]


2013 ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය සංස්කරණය

2017 සැප්තැම්බරයෙහිදී ද ඩේලි ටෙලිග්‍රාෆ් විසින් ප්‍රෝක්ත කෙරුණේ 2013 වසරෙහිදී එම රටෙහි සංචාරයන් දෙකක් සඳහා ශ්‍රී ලංකා රජය වෙතින් පේස්ලි ආගන්තුක සත්කාර ලද බවත් ඒ බව ප්‍රසිද්ධියේ කියා නොපෑ මෙම සත්කාරයන් හා බැඳිව, එම රට හා සමගින් පශ්චාත්-බ්‍රෙක්සිට් වෙළෙඳ ගනුදෙනුවක් සලසා ගැනීම හා ඔහු සම්බන්ධ බවත්ය. [14] කෙසේවෙතත්, ඔහු විසින් ප්‍රකාශයට පත් කලේ මෙම චෝදනා ඉදිරිපත් කර ඇත්තේ ඔහු අපකීර්තිමත් කිරීමේ අරමුණින් බවත් මෙම කරුණ ඔහුගේ නීතිඥයාගේ අවධානයට යොමු කල බවත්ය. [15]

2018 ජූලි මාසයෙහිදී, මහජන මන්ත්‍රී මණ්ඩල ප්‍රමිති කමිටුව විසින් නිර්දේශ කෙරුණේ, ශ්‍රී ලංකා රජය විසින් මුදල් ගෙවනු ලැබුණු ශ්‍රී ලංකා සංචාරයන් පිළිබඳ ප්‍රසිද්ධියේ හෙළිදරව් නොකිරීම සහ මුදල් ලබමින් කිසියම් පාර්ශවයකට පක්ෂව කටයුතු කිරීම තහනම් කරමින් පනවා ඇති මහජන මන්ත්‍රී මණ්ඩල නීතිය කැඩීම යන දේ මත පිහිටිමින් මහජන මන්ත්‍රී මණ්ඩලයෙහි රැස්වීම් වාර 30 ක තහනමක් පේස්ලි වෙත පැනවිය යුතු බවයි. කමිටුව විසින් අවසන් තීරණයකට එළඹියේ, පේස්ලි විසින් සිදුකල ඉහත දේ ඉතා තදබල දුරාචාරයක් නිරූපණය කරන බවයි. කමිටුව විසින් ඇඟවූයේ, බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංඝණයන් සඳහා චෝදනා ලැබ සිටි විදේශ රජයක් වෙතින් ඉතා අධික වැයක් සහිත ආගන්තුක සත්කාර පිළිගැනීමට ඔහු හා ඔහුගේ පවුල එකඟ වූ බව ප්‍රසිද්ධ වුවහොත් එය තුලින් ඔහුට අත්විඳීමට සිදුවන අපහසුකාරී තත්ත්වය පිළිබඳව ඔහු අවබෝධයෙන් සිටීම නිසාම පේස්ලි විසින් ශ්‍රී ලංකාව වෙත ඔහුගේ සංචාරයන් ප්‍රසිද්ධයේ ඇඟවීමට පැකිළුණු බවයි.[16]

ආශ්‍රිත සංස්කරණය

  1. "හූස් හූ". ukwhoswho.com.
  2. "කෝ-චෙයාර්මෙන් - පොලිටිකල් ඇඩ්විසරි බෝඩ් - සපෝටර්ස්". ලීව් මීන්ස් ලීව්.
  3. 3.0 3.1 3.2 3.3 3.4 පේස්ලි කනිෂ්ඨ ගේ විශේෂ සහභාගිත්වය සහිත ද හවුස් අයි ගෲ අප් ඉන්. ද හවුස් අයි ගෲ අප් ඉන්. {{cite කතාංගය}}: Unknown parameter |airdate= ignored (help); Unknown parameter |network= ignored (help); Unknown parameter |serieslink= ignored (help)
  4. 4.0 4.1 "ඉයන් පේස්ලි ජූනියර්: 'අය්ව් ඕල්වේස් බීන් ප්‍රවුඩ් ඔෆ් ඩෑඩ් – ඇන්ඩ් ප්‍රවුඩ් ටු බෙයාර් හිස් නේම්'". London: දි ඉන්ටිපෙන්ඩන්ට්. 12 ජූලි 2010. https://www.independent.co.uk/news/people/profiles/ian-paisley-jr-ive-always-been-proud-of-dad-ndash-and-proud--to-bear-his-name-2024378.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 ජූලි 2012. 
  5. 5.0 5.1 බ්ලැක්, රෙබෙකා (13 සැප්තැම්බර් 2013). "ඉයන් පේස්ලි ඩිෆෙන්ඩ්ස් හැවිං හයස්ට් එක්ස්පෙන්සර්ස් ක්ලේම් බයි එනි එම්පී". ද බෙල්ෆාස්ට් ටෙලිග්‍රාෆ්. http://www.belfasttelegraph.co.uk/news/politics/ian-paisley-defends-having-highest-expenses-claim-by-any-mp-29575488.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 6 නොවැම්බර් 2015. 
  6. "ඩීයූපීස් ඉයන් පේස්ලි ජූනියර් හෑඩ් හයියස්ට් එක්ස්පෙන්සර්ස් ක්ලේම්". බීබීසී නිවුස්. 12 සැප්තැම්බර් 2013. https://www.bbc.co.uk/news/uk-northern-ireland-24067856. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 අගෝස්තු 2014. 
  7. මොනාගන්, ජෝන් (11 සැප්තැම්බර් 2015). "ඩීයූපී එම්පීස් ටොප් යූකේ පාලිමෙන්ටරි එක්ස්පෙන්සර්ස් ටේබ්ල්". දි අයිරිෂ් නිවුස්. http://www.irishnews.com/news/2015/09/11/news/dup-mps-top-uk-parliamentary-expenses-table-258554/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 6 නොවැම්බර් 2015. 
  8. මැක්බ්‍රයිඩ්, සෑම් (11 අප්‍රේල් 2015). "ඉලෙක්ෂන් ඩයරි: එන්අයිස් එම්පීස් කොස්ට් £15.6m සින්ස් ලාස්ට් ඉලෙක්ටඩ්". ද නිවුස් ලෙටර්. http://www.newsletter.co.uk/news/northern-ireland-news/election-diary-ni-s-mps-cost-15-6m-since-last-elected-1-6683952. සම්ප්‍රවේශය කෙරුණු දිනය 6 නොවැම්බර් 2015. 
  9. "රන්කෙරි ගොල්ෆ් රෙසෝට් ප්ලෑන් ගෙට්ස් ග්‍රීන් ලයිට්". බීබීසී නිවුස්. 21 පෙබරවාරි 2012. https://www.bbc.co.uk/news/uk-northern-ireland-17099679. 
  10. පේස්පි ජූනියර් ඔන් ෆාදර්ස් එම්පී පේරෝල් බීබීසී නිවුස්, 6 පෙබරවාරි 2008
  11. "පේස්ලි ජූනියර් රිසයින්ස් ඈස් මිනිස්ටර්". බීබීසී නිවුස්. 18 පෙබරවාරි 2008. http://news.bbc.co.uk/1/hi/northern_ireland/7250877.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 14 ජූනි 2010. 
  12. "පේස්ලි ඩිෆෙන්ඩ්ස් ලීතල් ෆෝස් කෝල්". බීබීසී නිවුස්. 20 අගෝස්තු 2008. http://news.bbc.co.uk/1/hi/northern_ireland/7571688.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 මැයි 2010. 
  13. https://www.telegraph.co.uk/news/2017/09/07/mp-100k-gifts-brexit-trade-deal/
  14. https://www.rte.ie/news/ireland/2017/0908/903179-ian-paisley-jr/
  15. "හවුස් ඔෆ් කොමන්ස් කමිටි ඔන් ස්ටෑන්ඩර්ඩ්ස්, ඉයන් පේස්ලි, තර්ඩ් රිපෝට් ඔෆ් සෙෂන් 2017–19" (PDF). මහජන මන්ත්‍රී මණ්ඩලය. 17 ජූලි 2018. {{cite web}}: Cite has empty unknown parameter: |dead-url= (help)
"https://si.wikipedia.org/w/index.php?title=ඉයන්_පේස්ලි_කණිෂ්ඨ&oldid=425169" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි