ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1997

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 1997 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර ටෙස්ට් තරග දෙකකට සහ එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග තුනකට සහභාගී විය. පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 952 ක් රැස් කළ අතර එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක ඉනිමක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. මෙම තරඟයේදී සනත් ජයසූරිය සහ රොෂාන් මහානාමගේ දෙවන කඩුල්ල සඳහා වූ ඉහළම සබඳතාව ඇතුළත්ව තවත් වාර්තා කිහිපයක් පිහිටුවන ලදි. ටෙස්ට් තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ටෙස්ට් තරගමාලාව ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1997
ඉන්දියාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 1997 අගෝස්තු 2 – 1997 අගෝස්තු 24
නායකයන් සචින් තෙන්ඩුල්කාර් අර්ජුන රණතුංග
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය
වැඩිම ලකුණු සචින් තෙන්ඩුල්කාර් (290) සනත් ජයසූරිය (571)
වැඩිම කඩුළු අනිල් කුම්බ්ලේ (5) මුත්තයියා මුරලිදරන් (9)
තරගමාලාවේ ක්‍රීඩකයා සනත් ජයසූරිය
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මොහොමඩ් අසරුදීන් (211) අරවින්ද ද සිල්වා (212)
වැඩිම කඩුළු අබේ කුරුවිල්ල (6) සනත් ජයසූරිය (5)
තරගමාලාවේ ක්‍රීඩකයා සනත් ජයසූරිය

අයහපත් කාලගුණය හේතුවෙන් තුන්වන තරගය නැවත ක්‍රීඩා කිරීමට සිදු වුවද එක්දින ජාත්‍යන්තර තරඟ තුනම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කල අතර සනත් ජයසූරිය තරගාවලිය තුළ කැපී පෙනෙන ක්‍රීඩකයා විය. ඔහු ටෙස්ට් තරගමාලාව සහ එක්දින තරගමාලාව යන දෙකින්ම තරගමාලාවේ ක්‍රීඩකයා වශයෙන් තෝරා ගත් අතර තරගයේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තේය. ඔහු ටෙස්ට් තරගාවලියේදී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා වූ අතර එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් ද ලබා ගත්තේය.

පසුබිම සංස්කරණය

ආසියානු කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 1997 ජූලි 12 දින ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි. ඊට පසු, ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම සමඟ ටෙස්ට් තරග දෙකක් සහ එක්දින ජාත්‍යන්තර තරග තුනක් සඳහා මෙරට රැඳී සිටියහ. පසුගිය වසරේ ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වූ අතර අවසන් මහා තරඟයේදී ඉන්දියාව පරාජය කරමින් ආසියානු කුසලානය ද දිනා ගත්හ.[1]

පුහුණු තරගය සංස්කරණය

දින 3 තරගය: ශ්‍රී ලංකා මණ්ඩල සභාපතිගේ XI එරෙහිව ඉන්දියානුවන් සංස්කරණය

1997 ජූලි 29-31
ලකුණු පුවරුව
  ශ්‍රී ලංකා මණ්ඩල සභාපතිගේ XI
308 (ඕවර 93.4)
සරව් ගංගුලි 79
කේ.ජේ. සිල්වා 3/70 (ඕවර 26)
විසදුමක් නොමැත
පී සරවනමුත්තු ක්‍රීඩාංගනය, කොළඹ

විනිසුරුවන්:   එස් අමරසිංහ සහ   ටී එච් විජේවර්ධන
  • කාසියේ වාසිය දිනූ ඉන්දියානුවන් පන්දුවට පහරදීමට තීරණය කළහ.

ඕවර 50 තරගය: ශ්‍රී ලංකා මණ්ඩල සභාපතිගේ XI එරෙහිව ඉන්දියානුවන් සංස්කරණය

1997 අගෝස්තු 15
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා මණ්ඩල සභාපතිගේ XI  
240/7 (ඕවර 50)
  ඉන්දියාව
243/8 (ඕවර 49.3)
රාහුල් ඩ්‍රාවිඩ් 95
එන් සාඩිකින් 2/38 (ඕවර 7)
ඉන්දියානුවන්ට කඩුලු 2 ක ජයක්
ද සොයිසා ක්‍රීඩාංගනය, මොරටුව
  • කාසියේ වාසිය දිනූ ඉන්දියානුවන් පන්දු රැකීමට තීරණය කළහ.

ටෙස්ට් තරගමාලාව සංස්කරණය

 
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ එක් ටෙස්ට් තරඟයක් සහ එක්දින තරඟ දෙකක් පැවැත්විණි.

සංචාරය සඳහා නියමිතව තිබුනේ ටෙස්ට් තරඟ දෙකක් පමණක් වුවද, ටෙස්ට් තරගමාලාව ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී එකක් විය. ඒ දෙකම ඉහළ ලකුණු ලබා ගත් තරග වූ අතර සෑම තරගයකදීම වාර්තා වූ මුළු ලකුණු 1400 ඉක්මවීය. තරඟ දෙකම විසදුමක් නොමැතිවූ නමුත් ලෝක වාර්තා ගණනාවක් පිහිටවීය. විශේෂයෙන් පළමු තරඟයේදී වාර්තා රැසක් පිහිටුවන ලදි. ජුලි 29 දා ආරම්භ වන පළමු ටෙස්ට් තරඟයට පෙර ශ්‍රී ලංකා මණ්ඩල සභාපතිගේ XI ට එරෙහි ඉන්දියාව දින තුනක සංචාරක තරඟයක් ක්‍රීඩා කළේය. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 308 ක් රැස් කළේය. ශ්‍රී ලංකා මණ්ඩල සභාපතිගේ XI 291 ක් රැස් කල අතර, තරගය නිමා වන විට ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 5 ක් දැවී ලකුණු 255 ක් රැස් කළේය.[2] මෙම තරග මාලාවේ වැඩිම ලකුණු ලාභියා වූ සනත් ජයසූරිය ලකුණු 571 ක් ලබා ගත් අතර සචින් තෙන්ඩුල්කාර් ලකුණු 290 ක් ඉන්දියානුවන් වෙනුවෙන් ලබා දුන්නේය. මෙම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ මුත්තයියා මුරලිදරන් කඩුලු 9 ක් ද, අනිල් කුම්බ්ලේ කඩුලු 5 ක් ද ලබා ගත්හ. ටෙස්ට් මෙන්ම පුහුණු තරඟ දෙකම කොළඹදී පැවැත්විණි. මෙම සංචාරයේ සියලුම තරඟ කොළඹදී පැවැත්වීම මාධ්‍ය විසින් විවේචනයට ලක් කළ අතර ඉන්දීය ක්‍රීඩකයින් සහ නිලධාරීන් ද ඒ ගැන සතුටු වූයේ නැත. අයහපත් කාලගුණය හේතුවෙන් අනෙකුත් ක්‍රීඩාංගණ ක්‍රිකට් පාලක මණ්ඩලය තහනම් කර තිබේ.[3]

පළමු ටෙස්ට් තරගය සංස්කරණය

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක සචින් තෙන්ඩුල්කාර් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ආරම්භක පිතිකරු නයන් මොංගියා ලකුණු 36 ක් ලබා සිටියදී ඉක්මනින්ම දැවී ගියේය. කෙසේ වෙතත්, නව්ජෝත් සිං සිද් සහ රාහුල් ඩ්‍රාවිඩ් එක්ව 183 දක්වා ගෙන ගියහ. පසුව ඩ්‍රාවිඩ් තෙන්ඩුල්කාර් සමඟ එකතුවී ඉන්දීය ලකුණු පුවරුව 223 ක් දක්වා ඉහල ගෙනයන ලදී. පසුව මොහොමඩ් අසරුදීන් තෙන්ඩුල්කාර් සමඟ එක්වී සිටි අතර පිතිකරුවන් දෙදෙනා එක්ව විශිෂ්ට සබඳතාවක් ගොඩ නැගූ අතර දිනය අවසානයේ ඉන්දියාව ලකුණු 280 දක්වා ගෙන යන ලදි. දෙවන දිනයේදී පිතිකරුවන් දෙදෙනාම ශතක රැස් කර ඉන්දියාව ශක්තිමත් ස්ථානයක පිහිටුවා තිබුණි. කෙසේ වෙතත්, ලකුණු 141 දී දැවී ගිය තෙන්ඩුල්කාර්ගේ කඩුල්ලත් සමඟ ස්ථාවර ලකුණු පුවරුව නතර විය, කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 451 ක් විය. සෞරව් ගංගුලි ඉක්මනින්ම ලකුණු නොලබා දැවී ගිය අතර ඉන්දියාව ලකුණු 479 ක් ලබා සිටියදී අසරුදීන් ලකුණු 126 කට දැවී ගියේය. තවත් කඩුලු 2 ක් 516 සහ 537 දී බිඳ වැටුණු අතර ඉන්දියාව කඩුලු 8 කට ලකුණු 537 ක් රැස් කර ඉනිම අත්හිටුවන ලදී.[4][5]

 
සනත් ජයසූරිය ලකුණු 340 ක් රැස් කළේය, එය ශ්‍රී ලංකා පිතිකරුවෙකුගේ පළමු ත්‍රිත්ව ශතකයයි.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු සනත් ජයසූරිය සහ මාවන් අතපත්තු එදිනම පිටිය බලා පිටත් වූහ. කෙසේ වෙතත් අතපත්තු කඩුලු රකින නිලේෂ් කුල්කර්නි හට උඩපන්දුවක් ලබා දී පළමු කඩුල්ල ලෙස ලකුණු 26 කට දැවී ගියේය. දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකාව ලකුණු 39/1 ක් ලබා සිටි අතර ජයසූරිය නොදැවී ලකුණු 12 ක් සහ රොෂාන් මහානාම අනෙක් අන්තයේ සිටියහ. මෙම යුවළ තුන්වන දිනය පුරා පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකාව 322/1 දක්වා ගෙන ගියහ. දෙදෙනාම ශතක වාර්තා කර තිබූ අතර ඔවුන්ගේ සබඳතාව ලකුණු 283 ක් විය. ජයසූරිය සහ මහානාම සිව්වන දිනය වන විටත් පන්දුවට පහර දුන් අතර ඔවුන්ගේ හවුල් සබඳතාවට තවත් 265 ක් එකතු කර ශ්‍රී ලංකාව 587/1 දක්වා ගෙන ගියා. ජයසූරිය ප්‍රථම ත්‍රිත්ව ශතකය වාර්තා කළේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලෙස පලමු වතාවට වන අතර පසුව මහානාම ද්විත්ව ශතකයක් වාර්තා කළේය. ජයසූරිය වැඩිම ඕනෑම ක්‍රීඩකයකු රැස් කල පෞද්ගලික ටෙස්ට් ලකුණු සංඛ්‍යාවට ( බ්‍රයන් ලාරා ලකුණු 375) ලකුණු 50 ක් පසුපසින් සිටියේය. ජයසූරියගෙන් නව ලෝක වාර්තාවක් අපේක්‍ෂා කරමින් පස්වන දිනයේදී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට විශාල ජනකායක් රැස්ව සිටියහ. 30,000 කට පමණ නොමිලේ ඇතුළුවීමට අවසර දී ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ලකුණු පුවරුව 615 ක්ව තිබියදී අනිල් කුම්බ්ලේගේ පන්දු යැවීම හමුවේ මහානාම ලකුණු 225 කට දැවී ගියේය. ඊට ටික වේලාවකට පසු රාජේෂ් චෞහාන්ගේ පන්දු යැවීම හමුවේ ජයසූරිය ලකුණු 340 කට දැවී ගියේය. කෙසේ වෙතත් නායක අර්ජුන රණතුංග අරවින්ද ද සිල්වා සමඟ යුගල වී කණ්ඩායම ලකුණු 790 දක්වා ගෙන යන විට ලකුණු රැස් කිරීම අඛණ්ඩව සිදු විය. රණතුංග ලකුණු 86 කට දැවී යන විට මහේල ජයවර්ධන අරවින්ද ද සිල්වා සමඟ එක්ව සිටියේය. ඔවුන් සිය කණ්ඩායමේ මුළු ලකුණු 903 සීමාව පසු කළ අතර ජයවර්ධන ලකුණු 66 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 921 දී දැවී ගියේය. ලකුණු 924 දී අරවින්ද ද සිල්වා ද දැවී ගිය අතර රොමේෂ් කළුවිතාරණ සහ චමින්ද වාස් තවත් ඕවර කිහිපයක්ම පන්දුවට පහර දෙමින් සිටියහ. ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමට පෙර ඔවුන් මුළු ලකුණු 952/6 දක්වා ගෙන ගොස් තිබුණි.[6][7][8]

දෙවන ටෙස්ට් තරගය සංස්කරණය

1997 අගෝස්තු 8-12
ලකුණු පුවරුව
415/7 d (ඕවර 98.4)
සනත් ජයසූරිය 199 (226)
අනිල් කුම්බ්ලේ 3/156 (ඕවර 38.4)

සචින් තෙන්ඩුල්කාර් නැවත වරක් කාසියේ වාසිය දිනූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළේය. පළමු ටෙස්ට් තරඟයේ වැඩිම ලකුණු ලාභියා වූ සනත් ජයසූරිය මංගල තරගයට ක්‍රීඩා කරන ඩෙබාසිස් මොහාන්ති හමුවේ ලකුණු 32 කට දැවී යන විට ශ‍්‍රී ලංකා ඉනිම ලකුණු 53 ක් විය. මාවන් අතපත්තු දැවී ගියේ ඉන් ඉක්බිතිවය. මහානාම ලකුණු 37 කට දැවී යාමට පෙර අරවින්ද ද සිල්වා රොෂාන් මහානාම සමඟ එකතු වී ශ්‍රී ලංකාව 121 දක්වා ගෙන ගියේය. අර්ජුන රණතුංග සහ මහේල ජයවර්ධන පිළිවෙලින් 14 සහ 16 දී දැවී ගියද ද සිල්වා දිගටම පන්දුවට පහර දුන්නේය. රොමේෂ් කළුවිතාරණ (6) සහ චමින්ද වාස් (10) ද දිනය අවසානයේදී මුත්තයියා මුරලිදරන් ද සිල්වා සමඟ එක්වී කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 317 දක්වා ගෙන ගොස් තිබුනි. ද සිල්වා ඊළඟ දිනයේදී ලකුණු 146 කට දැවී ගිය අතර මුරලිදරන් දැවී යාමට පෙර තවත් ලකුණු 10 ක් ලබා ගත් අතර පසුව රවීන්ද්‍ර පුෂ්පකුමාර සඳහා දැවී ගියේය.[9]

ඉන්දියාව සිය පළමු ඉනිම සදහා නරක ආරම්භයක් ලබා ගත් අතර මුළු ලකුණු සංඛ්‍යාව 10 ක් වීමටත් පෙර සිය පළමු කඩුලු දෙක දැවී ගියේය. තෙන්ඩුල්කාර් සහ සිදු ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැගීය. කෙසේ වෙතත්, සෞරව් ගංගුලි තෙන්ඩුල්කාර් සමඟ එක්ව දිනය නිමා වන විට ඉන්දීය ලකුණු සංඛ්‍යාව 226/4 දක්වා ඉහළට ගෙන ගියා. තෙන්ඩුල්කාර් ශතකයක් වාර්තා කළේය.[10] තුන්වන දිනයේදී ගංගුලි ශතකයක් වාර්තා කළේය. කෙසේ වෙතත්, තෙන්ඩුල්කාර් සහ ගංගුලිගෙන් පසුව පිතිකරුවන් හොඳින් ලකුණු රැස් කිරීමට අසමත් වූ අතර ඉන්දියානුවන් ලකුණු 375 කට සීමා විය.[9]

ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී අතපත්තු ලකුණු 29 කට දැවී ගිය අතර දිනය නිමා වන විට ලකුණු 77/1 ක් ලෙස සටහන් විය. සිව්වන දිනයේදී මහානාම ලකුණු 35 කට දැවී ගිය අතර[9] පසුව අරවින්ද ද සිල්වා සමඟ එක්වූ ජයසූරිය තවත් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යමින් සිටියේය. පිතිකරුවන් දෙදෙනා ලකුණු 218 ක සබඳතාවක් ගොඩනැගූ අතර එය ශ්‍රී ලංකාවේ තුන්වන කඩුල්ල සඳහා වූ නව වාර්තාවකි. එම වසරේදී ලකුණු 1000 සීමාව පසු කළ පළමු පිතිකරුවා බවට ජයසූරිය පත්වූ අතර එක් අවස්ථාවකදී වේගවත්ම ද්විත්ව ශතකය සඳහා ලෝක වාර්තාවට ළඟා වන බවක් පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත් ඔහු නිලේෂ් කුල්කර්නිගේ පන්දුවකට ලකුණු 199 කට දැවී ගියේය. ද සිල්වා ලකුණු 120 ක් රැස් කරමින් සිය දිවියේ දෙවැනි වරටත් තරගයක ඉනිම දෙකේදීම ශතකයක් වාර්තා කළේය. ඔහුගේ කඩුල්ල බිඳ වැටීමෙන් පසු ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීම ප්‍රකාශයට පත් වූ අතර මුළු ලකුණු සංඛ්‍යාව 415/7 ක් විය.[11][12]

ඉන්දියානුවන්ගේ දෙවන ඉනිම ආරම්භ කරමින් ආරම්භක පිතිකරු අජේ ජඩේජා ලකුණු 73 ක් රැස් කළ නමුත් අනෙක් අන්තයේ කඩුලු බිඳ වැටුණි. මුළු ලකුණු 100 ඉක්මවීමට පෙර සිදු, තෙන්ඩුල්කාර් සහ ඩ්‍රාවිඩ් දැවී ගිය අතර ලකුණු 138 දී ජඩේජා දැවී ගියේය.[9] කෙසේ වෙතත් මොහොමඩ් අසරුදීන් ගංගුලි සමඟ එක්වී පස්වන කඩුල්ල සඳහා ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර එමඟින් ඉන්දියානුවන් අනතුරෙන් මිදී ශ්‍රී ලාංකිකයින්ට ජයග්‍රහණය කිරීමේ අවස්ථාව අහිමි විය. අසරුදීන් තුන් වරක් දවා ගැනීමට තිබූ අවස්තා මගහැරගත් අතර ඔහුට ලැබුණු අවස්ථා හොඳින් ප්‍රයෝජනයට ගත් අතර නොදැවී ලකුණු 108 ක් රැස් කළේය. ඉන්දියානුවන්ගේ අවසන් ලකුණු සංඛ්‍යාව 281/5 කි.[11]

එක්දින තරගමාලාව සංස්කරණය

මෙම සංචාරය සඳහා මුලින් එක් දින ජාත්‍යන්තර තරඟ තුනක් සැලසුම් කර තිබූ නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් තුන්වන තරගය අතහැර දැමීමට සිදු වූ බැවින් පසු දින තුන්වන තරගය නැවත ක්‍රීඩා කිරීමට සිදු විය.[13] ටෙස්ට් තරගාවලියේදී මෙන්ම එක්දින තරඟ වලදීද බොහෝ දුරට පිතිකරුවන්ගේ ආධිපත්‍යය හිමි විය. ඉන්දියාව අගෝස්තු 15 වන දින ශ්‍රී ලංකා මණ්ඩල සභාපතිගේ XI ට එරෙහිව සංචාරක තරඟයක් ක්‍රීඩා කළ අතර එමඟින් ඔවුන් කඩුලු 2 ක ජයක් ලැබීය. ශ්‍රී ලංකා මණ්ඩල සභාපතිගේ XI ලකුණු 240 ක් රැස් කර තිබූ අතර, ඉන්දියානුවන් ඕවර 49.3 කදී කඩුලු 8 කට 243 ක් ලබා ගත් අතර රාහුල් ඩ්‍රැවිඩ්ගෙන් ලකුණු 95 ක් ලැබුණි.[14] පළමු තරඟය රූපවාහිනී විකාශනයේදී විනිසුරු කේටී ෆ්‍රැන්සිස් විසින් ඉන්දීය ධජයක් ලෙස පෙනෙන අයුරින් පන්දුව පිසදමන අයුරු දැක්වෙන විට පළමු තරගය යම් මතභේදයක් ඇති කළේය. කෙසේ වෙතත්, පසුව එය එකම වර්‍ණ සහිත තීරු තුවායක් බවට තහවුරු විය.[15]

පළමු එක්දින තරගය සංස්කරණය

1997 අගෝස්තු 17
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
302/4 (ඕවර 50)
  ඉන්දියාව
300/7 (ඕවර 50)
ශ්‍රී ලංකාව ලකුණු 2 කින් ජයග්‍රහණය කළේය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:   අජේ ජඩේජා
විනිසුරුවන්:   කේ. ටී. ෆ්‍රැන්සිස් සහ   පී. ටී. මැනුවෙල්

කාසියේ වාසිය දිනාගත් තෙන්ඩුල්කාර් පන්දු රැකීමට තීරණය කළේය. ජයසූරියගේ වේගවත් ලකුණු 73 සමඟින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ඕවර 14 කදී ලකුණු 91 ක සබඳතාවක් ගොඩනැගූහ. ඔහු දැවී ගිය පසු අතපත්තු සහ මහානාම ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව 199 දක්වා ගෙන ගිය අතර මහානාම ලකුණු 53 කට දැවී ගියේය. අරවින්ද ද සිල්වා අතපත්තු සමඟ එකතුව මුළු ලකුණු 279 දක්වා ගෙන ගියේය. සිය මංගල ශතකය වාර්තා කළ අතපත්තු ලකුණු 118 කට දැවී ගිය අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය ඉනිම අවසන් කළේ මුළු ලකුණු 302/4 ක් සමඟිනි.[16]

සෞරව් ගංගුලි දැවී යන තුරුම ඉන්දීය ආරම්භක පිතිකරුවන් ලකුණු 58 ක සබඳතාවක් පැවැත්වූ නමුත් කඩුලු වේගයෙන් බිඳ වැටීමට පටන් ගත්හ. අජේ ජඩේජා මොහොමඩ් අසරුදීන් සමඟ එක්වන විට ඉන්දීය මුළු ලකුණු ප්‍රමාණය එකොළොස්වන ඕවරයේදී 64/4 ක් ලෙස සටහන් විය. මෙම පිතිකරුවන් දෙදෙනා වාර්තාගත ලකුණු 232 ක සබඳතාවක් සමඟින් ඉන්දියානුවන් ආරක්‍ෂා සහිත් තත්වයකට ගෙන ගිය අතර, ඉන්දියාව ලකුණු 287 දක්වා ගෙන ගියේ ජඩේජා වාස් හමුවේ ලකුණු 119 කට දැවී යාමට පෙරය. මොංගියා සහ චෞහාන් යන දෙදෙනාම වේගයෙන් දැවී ගිය අතර, තරඟයේ අවසන් පන්දු යැවීමේදී ලකුණු 5 ක් ලබා ගැනීමේ අසුරුදීන්ට ඉතිරි විය. කෙසේ වෙතත්, ඔහුට ලබා ගත හැකි වුයේ ලකුණු 2 ක් පමණක් වන අතර ඉන්දියානුවන් ලකුණු 300 ක් ලබා ගත් අතර නියමිත ඉලක්කයට වඩා ලකුණු 3 ක් අඩු විය. අසරුදීන් නොදැවී ලකුණු 111 ක් ලබා සිටියේය.[17]

දෙවන එක්දින සංස්කරණය

1997 අගෝස්තු 20
ලකුණු පුවරුව
ඉන්දියාව  
238 (ඕවර 49.3)
  ශ්‍රී ලංකාව
241/3 (ඕවර 41.5)
ශ්‍රී ලංකාව කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:   සනත් ජයසූරිය
විනිසුරුවන්:   බීසී කුරේ සහ   නන්දසේන පතිරණ

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර තෙන්ඩුල්කාර් ලකුණු 6 කට දැවී යාමෙන් ඉක්මන් ජයග්‍රහණයක් ලැබීය. කෙසේ වෙතත්, සෞරව් ගංගුලි සහ රොබින් සිං ඉන්දියානුවන් ලකුණු 105 දක්වා ගෙන ගියේ දෙවන කඩුල්ල ලෙස සිං දැවී යාමට පෙර ය. අසරුදීන් සහ ඩ්‍රැවිඩ් ද වැඩි ලකුණු නොලබාම දැවී ගිය අතර ඉන්දියානුවන් ලකුණු 159/4 ක් ලෙස සිටියහ. අනතුරුව ජඩේජා සහ ගංගුලි සබඳතාවක් ගොඩනඟා ගත් අතර මුළු ලකුණු 218 දක්වා ගෙන ගිය අතර ගංගුලි සිය මංගල ශතකය වාර්තා කළේය. කෙසේ වෙතත්, අවසන් කඩුලු 6 ලකුණු 26 ක් තුළ බිඳ වැටුණු අතර, අවසන් ඉන්දීය ලකුණු සංඛ්‍යාව 238 ක් විය.[18][19]

ජයසූරිය සහ අතපත්තු නැවත හොඳ සබඳතාවක් ගොඩනඟා ගත් අතර ඔවුන්ගේ කණ්ඩායම ලකුණු 79 දක්වා ගෙන ගියා. අතපත්තු ලකුණු 38 කට දැවී ගිය පසු, ජයසූරිය මහානාම සමඟ එක්ව ශී‍්‍ර ලංකා ලකුණු 130 දක්වා ගෙන යාමට සමත් වූ අතර, ඔහු ලකුණු 66 කට දැවී ගියේය. කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 219 ක් වන විට මහානාම ලකුණු 66 කට දැවී ගිය නමුත් අරවින්ද ද සිල්වා සහ උපුල් චන්දන ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 41 කදී ජයග්‍රහණය කරා මෙහෙයවූ අතර අරවින්ද ද සිල්වා අර්ධ ශතකයක් වාර්තා කළේය.[18][19]

තුන්වන එක්දින තරගය (අතහැර දමා ඇත) සංස්කරණය

1997 අගෝස්තු 23
ලකුණු පුවරුව
ඉන්දියාව  
291/9 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
132/6 (ඕවර 19)
ප්‍රථිපලයක් නොමැත
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා:
විනිසුරුවන්:   කේ. ටී. ෆ්‍රැන්සිස් සහ   ටී. එම් සමරසිංහ
  • තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ශ්‍රී ලංකාවට ඕවර 25 කදී ලකුණු 195 ක ඉලක්කයක් ලබා දෙන ලදි. කෙසේ වෙතත්, අයහපත් ආලෝකය හේතුවෙන් තරගය ඕවර 19 කට පසුව නතර කෙරිණි. අගෝස්තු 24 වෙනිදා තරගය නැවත ක්‍රීඩා කිරීමට තීරණය කෙරිණි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා විසින් ඉන්දියානුවන්ට පන්දුවට පහර දීමට ලබා දුන් අතර, ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 44 ක් ලබා සිටියදී ඔවුන්ව දැඩි අසීරුතාවයකට පත් කළහ.[20] කෙසේ වෙතත්, රොබින් සිං සහ රාහුල් ඩ්‍රාවිඩ් ශක්තිමත් සබඳතාවක් ගොඩනඟා ගත් අතර ඔවුන්ගේ කණ්ඩායම මුළු ලකුණු 206 දක්වා ගෙන ගිය අතර, ඩ්‍රාවිඩ් ලකුණු 78 කට දැවී ගියේය. ඔහු දැවී යන විට සිං සිය මංගල ශතකය සම්පූර්ණ කළේය. අසාරුදීන් එක්දින ලකුණු 7,000 පසු කළ තුන්වන පිතිකරුවා බවට පත්වූ අතර මුළු ලකුණු 273 දී ලකුණු 34 ක් ලබා සිටියදී ඔහු දැවී ගියේය. සෙසු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ අතර, අවසන් කඩුලු 6 පන්දු 23 කදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලබාගෙන ලකුණු 23 ක් ලබා දුන්නේය. ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේ ලකුණු 291/9 ක් රැස් කළේය.[13]

පෙර තරඟ වලින් ඔහුගේ හොඳ ස්වරූපය ඉදිරියට ගෙන යමින් ජයසූරිය 178.94 ප්‍රහාරාත්මක අනුපාතයකින් වේගවත් 68 ක් රැස් කළේය.[21] අටවන ඕවරයේදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඕවර 25 කදී ලකුණු 195 ක අඩු ඉලක්කයක් සමඟින් එය නැවත ආරම්භ කිරීමෙන් පසු ජයසූරිය සහ අතපත්තු ලකුණු 85 ක් සහ 96 ක් ලබා සිටියදී දැවී ගියා. රණතුංග, මහානාම සහ කල්පගේ යන සියලු දෙනාම වේගවත් ලකුණු සෙවීමේදී රොබින් සිංගේ පන්දු හමුවේ කඩුල්ල ඉක්මනින්ම අහිමි විය. ඔහු ද ලකුණු 22 කට දැවී යාමට පෙර අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකා ඉනිම බේරා ගැනීමට උත්සාහ කළේය. 6.05 ට පමණ අයහපත් ආලෝකය හේතුවෙන් තරගය නතර වන විට ශ්‍රී ලංකා කණ්ඩායම 132/6 ක් ලබා සිටියේය.[22] ඊළඟ දිනයේ තරගය නැවත ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.[23]

තුන්වන එක්දින තරගය සංස්කරණය

1997 අගෝස්තු 24
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
264 (ඕවර 49.4)
  ඉන්දියාව
255/8 (ඕවර 50)
ශ්‍රී ලංකාව ලකුණු 9 කින් ජයග්‍රහණය කළේය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා:   අරවින්ද ද සිල්වා
විනිසුරුවන්:   කේ. ටී. ෆ්‍රැන්සිස් සහ   ටී. එම් සමරසිංහ

කාසියේ වාසිය දිනූ ඉන්දියානුවන් පන්දු රැකීමට තීරණය කළ අතර, ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 3 බැගින් දැවී යාමෙන් අනතුරුව වාසිදායක තත්ත්වයකට පත් වූහ. කෙසේ වෙතත්, රොෂාන් මහානාම සහ අරවින්ද ද සිල්වා අතර පැවති ලකුණු 83 ක සබඳතාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අනතුරෙන් ගලවා ලකුණු 105 ක් දක්වා ගෙන ගිය අතර මහානාම ලකුණු 50 කට දැවී ගියේය.[21] රණතුංග ද ඉක්මනින්ම දැවී ගිය නමුත් ද සිල්වා ඔහුගේ පළමු අර්ධ ශතකය වාර්තා කළ අතර ලංකා ද සිල්වා සමඟ ලකුණු 82 ක සබඳතාවක් පිහිටුවමින් ලකුණු 114 ක් ලබා ගත්තේය.[24] ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ඕවරයේදී සියලු දෙනා දැවී ලකුණු 264 ක් ලබා ගත්තා.[21]

සචින් තෙන්ඩුල්කාර්ගේ ලකුණු 39 ක සබඳතාව සමඟ ලකුණු 50 ක ආරම්භක සබඳතාවයකින් ඉන්දියාව හොඳින් ආරම්භ විය.[25] රොබින් සිං සහ රාහුල් ඩ්‍රාවිඩ් පිළිවෙලින් 28 සහ 42 සමඟ දායක වූහ.[21] මොහොමඩ් අසරුදීන් සහ අජේ ජඩේජා කඩුලු 4 ක් දැවී ලකුණු 221 දක්වා ඉන්දීය පිල ගෙන ගිය නමුත් දෙදෙනාම දැවී ගිය අතර, ශ්‍රී ලංකා කණ්ඩායම තම පන්දු රැකීම හොදින් තබා ගත් අතර නියමිත ඕවර 50 අවසානයේදී ඉන්දියානුවන් ලකුණු 255 කට සීමා කළේය.[26]

යොමුව සංස්කරණය

  1. Rodrigopolle, Elmo (2 August 1997). "Test Cricket is what the game is all about". The Daily News. Cricinfo. සම්ප්‍රවේශය 8 February 2010.
  2. "India in Sri Lanka (1997): Three day tour match – Sri Lanka Board President's XI vs India". Cricinfo. සම්ප්‍රවේශය 6 February 2010.
  3. Thawfeeq, Sa'Adi (19 August 1997). "Indians confined to Colombo: Is it Cricket ?". The Daily News. Cricinfo. සම්ප්‍රවේශය 8 February 2010.
  4. "India in Sri Lanka Test Series (1997): Scorecard of 1st Test". Cricinfo. සම්ප්‍රවේශය 8 February 2010.
  5. Anandappa, Ranjan; Thawfeeq, Sa'Adi (6 August 1997). "1st Test: India v Sri Lanka, Match Report". The Daily News. Cricinfo. සම්ප්‍රවේශය 8 February 2010.
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; report1test නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. Lynch, Steven (September 1997). "The highest Test total". Wisden Cricket Monthly. Cricinfo. සම්ප්‍රවේශය 8 February 2010.
  8. "First Test: Sri Lanka vs India". Wisden. Cricinfo. සම්ප්‍රවේශය 8 February 2010.
  9. 9.0 9.1 9.2 9.3 "India in Sri Lanka Test Series (1997): Scorecard of 2nd Test". Cricinfo. සම්ප්‍රවේශය 8 February 2010.
  10. "2nd Test: India v Sri Lanka, Match Report". Daily News. Cricinfo. 13 August 1997. සම්ප්‍රවේශය 8 February 2010.
  11. 11.0 11.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; report2test නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  12. "Second Test: Sri Lanka vs India". Wisden. Cricinfo. සම්ප්‍රවේශය 8 February 2010.
  13. 13.0 13.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; 3odi නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  14. "India in Sri Lanka (1997): One day tour match – Sri Lanka Board President's XI vs India". Cricinfo. සම්ප්‍රවේශය 6 February 2010.
  15. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; wisden1odi නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  16. "India in Sri Lanka ODI Series (1997): Scorecard of 1st ODI". Cricinfo. සම්ප්‍රවේශය 6 February 2010.
  17. Thawfeeq, Sa'Adi (17 August 1997). "Sri Lanka in thrilling two-run win over India". The Daily News. Cricinfo. සම්ප්‍රවේශය 6 February 2010.
  18. 18.0 18.1 "Second One-Day International: Sri Lanka vs India". Wisden. Cricinfo. සම්ප්‍රවේශය 7 February 2010.
  19. 19.0 19.1 "India in Sri Lanka ODI Series (1997): Scorecard of 2nd ODI". Cricinfo. සම්ප්‍රවේශය 7 February 2010.
  20. "India in Sri Lanka ODI Series (1997): Scorecard of 3rd ODI". Cricinfo. සම්ප්‍රවේශය 6 February 2010.
  21. 21.0 21.1 21.2 21.3 "India in Sri Lanka ODI Series (1997): Scorecard of 3rd ODI". Cricinfo. සම්ප්‍රවේශය 6 February 2010.
  22. Anandappa, Ranjan (23 August 1997). "Bad weather forces third one-dayer to be abandoned". The Daily News. Cricinfo. සම්ප්‍රවේශය 6 February 2010.
  23. "Third One-Day International: Sri Lanka vs India". Wisden. Cricinfo. සම්ප්‍රවේශය 6 February 2010.
  24. Thawfeeq, Sa'Adi (24 August 1997). "Lanka wrap up one day series: win third one-dayer by nine runs". The Daily News. Cricinfo. සම්ප්‍රවේශය 6 February 2010.
  25. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; wrapup නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  26. "Fourth One-Day International: Sri Lanka vs India". Wisden. Cricinfo. සම්ප්‍රවේශය 6 February 2010.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග