ඈන් අබේසේකර (උපතේ දී පෙළපත් නම්: අමරසේකර​) (උපත: 1925 - ) ශ්‍රී ලංකාවේ පුහුණු පවුල් උපදේශිකාවක් සහ​ පුරෝගාමී පත්‍ර කලාවේදිනියකි. ඇය කොළඹ කාන්‍තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ලේක් හවුස් පත්‍ර සමාගමේ සිලෝන් ඩේලි නිව්ස් පුවත්පතේ කාන්තා පිටුවෙහි ප්‍රථම ලාංකික සංස්කාරකවරයා ඇය විය​. 1947 සිට 1951 දක්වා එම සංස්කාරක ධූරය දැරූ ඇය 1951 වසරේ දී ලේක් හවුසියෙන් ඉවත් වී ස්වාධීන පත්‍ර කලාවේදියෙක් ලෙස කටයුතු කළා ය​. 1984 දී ආරම් භ වූ ලංකා වුමන් පුවත්පත හරහා ඇය සිදු කළ උපදේශන සේවාව හේතුවෙන් ඇය දුක් ගන්නා නැන්දා (ඇගනි ආන්ටි) යන අන්වර්ථ නාමය ලැබී ය​.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය මඟින් සංවිධානය කරන පුවත්පත් කලාවේදී විශිෂ්ටතා සම්මාන උලෙළේ පහළොස් වැනි සම්මාන සැසියේ දී (2014), ඇය පුවත්පත්කලා දීර්ඝ සේවා සම්මානයෙන් පුද කරනු ලැබිණි.

මූලාශ්‍ර​ සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඈන්_අබේසේකර&oldid=368077" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි