ආලෝකවාහක ඊතරය
ආලෝකවාහක ඊතරය හෝ ඊතරය[1] ("ආලෝකවාහක", යන්නෙහි අරුත "ආලෝකය-දරන්නාවූ") යනු, ආලෝකය ප්‍රචාරණය වන්නාවූ මාධ්‍යය ලෙසින් උපග්‍රහණය කෙරුණු දෙය විය. [2] මෙය යෝජනා කරනු ලැබුවේ, හිස් අවකාශය ( රික්තයක්) තුලින් ගමන් නොකල යුතුව තිබුණු, තරංග-පදනම්වූ යැයි සැලකුණු ආලෝකය, එසේ ප්‍රචාරණය වීමට හැකි වීම පැහැදිලි කිරීමටය. අවකාශීය රික්තයක් වෙනුවට, ආලෝකවාහක ඊතරය නම් අවකාශීය පූරිතයක් පැවතීම උපකල්පනය කිරීම විසින්, ආලෝකයෙහි තරංග වාදය සඳහා අවශ්‍යව තිබූ සෛද්ධාන්තික මාධ්‍යය සපයන ලදි.
එහි ඉතිහාසය පුරාවටම ඊතර් කල්පිතය සැලකිය යුතු විවාද විතර්කයන්ට තුඩු දුන් මාතෘකාවක් වූයේ, භෞතික වස්තූන් හා සමගින් අන්තර්ක්‍රියාවක් නොමැති අදෘශ්‍ය සහ අනන්ත ද්‍රව්‍යයක් එය විසින් අවශ්‍යවූ නිසාය. විශේෂයෙන් 19වන සියවසෙහිදී ආලෝකයෙහි ස්වභාවය පිළිබඳව ගවේෂණය කෙරෙද්දී, ඊතරයක් සඳහා අවශ්‍යවූ භෞතික ගුණාංග අධික වශයෙන් පරස්පර විය. 1800ගණන්වල අගභාගය වන විට, ඊතර වෙනුවට භාවිතා කල හැකි භෞතික සිද්ධාන්තයක් නොමැති වුවද, එහි පැවැත්ම දැඩි ලෙසින් ප්‍රශ්න කෙරුණි.
මයිකල්සන්–මෝර්ලි පරික්ෂණය (1887) තුලින් ලැබුණු සෘණ ප්‍රතිඵලය විසින් ඊතර නොපවතින බවට ඉඟි කෙරුණු අතර, 1920ගණන් වල සිදු කෙරුණු තදනන්තර පරීක්ෂණ තුලින් මෙම නිගමනය ස්ඵුට කෙරිණි. මෙය හේතුවෙන්, ඊතර නොමැතිව ආලෝකය ප්‍රචාරණය වන්නේ කෙසේදැයි පැහැදිලි කිරීමට සැලකිය යුතු තරම් සෛද්ධාන්තික කර්තව්‍යයන් සිදු කෙරිණි. ප්‍රධාන පාරවේධනයක් වූයේ සාපේක්ෂතා වාදය වූ අතර, ඊතර ඇති බවට දැකීමට පරීක්ෂණය අපොහොසත්වූයේ කෙසේද යන්න එයින් පැහැදිලි කෙරුණු අතර, වැඩිමනත් වශයෙන් එය අනවශ්‍ය බව අර්ථනිරූපණය කිරීමට එයට හැකි විය.
- ^ බලන්න"ගූගල් ස්කොලර් 'ලුමිනෆරස් ඊතර්'".
- ^ අ ගයිඩ් ටු ද සයන්ටිෆික් නොලේජ් ඔෆ් තිංස් ෆැමීලියර් නම්වූ 19වන සියවසෙහි විද්‍යා ග්‍රන්ථය විසින් මෙම ක්ෂේත්‍රයෙහි එකල විද්‍යාත්මක චින්තනය පිළිබඳ කෙටි සාරාංශයක් දක්වයි.