අවුරංගාබාද් ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අවුරංගාබාද් නගර ආසන්නයේ නැගෙනහිර බටහිර ඔස්සේ දිවෙන කඳුගැටයක වූ බෞද්ධ ලෙන් දොළහකින් සමන්විත සංකීර්ණයකි. මෙම ලෙන් 6වන සහ 7වන සියවස්වල දී සාපේක්ෂව මෘදු බැසෝල්ට් පාෂාණයකින් නිර්මාණය කොට ඇත.

චෛත්‍ය ගෘහය සහ ස්තූපය, ලෙන් අංක IV (4), අවුරංගාබාද් ලෙන්
අවුරංගාබාද් ලෙන් දුරට පෙනෙන අයුරු

මෙම ලෙන් ඒවායේ පිහිටීම අනුව ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදා ඇත:[1] එනම් "බටහිර සමූහය"ට අයත් 1 සිට 5 දක්වා ලෙන්, "නැගෙනහිර සමූහය"ය අයත් 6 සිට 9 දක්වා ලෙන් සහ "උතුරුදිග සමූහය"ට අයත් 9 සිට 12 දක්වා වූ ලෙන් සමූහයයි.[2]

අවුරංගාබාද් කැටයම්වල ඇති විශේෂත්වය වන්නේ එහි ස්තූපය හීනයාන සම්ප්‍රදායට අයත් වීමත්, එහි මහායාන කලාකෘති සහ වජ්‍රයාන දේවතාවියන්ගේ රූ දක්‍නට ලැබිමයි. මෙම ලෙන්වල දුර්ගා, සහ ගණේෂ වැනි දේව රූප ද දක්නට ලැබේ.[3] එසේම තන්ත්‍රික සම්ප්‍රදායෙහි එන විවිධ බෞද්ධ දේවතා රූ ද මෙහි කැටයම් කොට තිබේ.[3][4]

ඛණ්ඩාංක: 19°55′01″N 75°18′43″E / 19.917°N 75.312°E / 19.917; 75.312

ලෙන් I සහ III සංස්කරණය

අවුරංගාබාද් හි ලෙන් අංක I සහ III සහ අජන්තාවේ අවසන් ලෙන් සමකාලීන බැව් පෙනේ. ඉතිහාසඥයන්ගේ අධ්‍යයන අනුව ලෙන් අංක III නිර්මාණය වී ඇත්තේ අංක I ට පෙර ය.[5]

ගැලරිය සංස්කරණය

සටහන් සංස්කරණය

  1. Qureshi, Dulari (1998). Art and Vision of Aurangabad Caves. New Delhi: Bhartiya Kala Prakashan. ISBN 81-86050-11-6.
  2. Fergusson, 385-392; Brancaccio, "Contents" etc
  3. 3.0 3.1 Pia Brancaccio (2010). The Buddhist Caves at Aurangabad: Transformations in Art and Religion. BRILL Academic. pp. 21, 41, 150, 181, 190–192, 202–209 with footnotes. ISBN 978-90-04-18525-8.
  4. David B. Gray; Ryan Richard Overbey (2016). Tantric Traditions in Transmission and Translation. Oxford University Press. pp. 47–48. ISBN 978-0-19-990952-0.
  5. Qureshi Dulari, "Art and Vision of Aurangabad Caves," Chapter I p.10

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

  • Video of Aurangabad Caves [1]
"https://si.wikipedia.org/w/index.php?title=අවුරංගාබාද්_ලෙන්&oldid=470941" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි