අවහිරතා අයකෙරුම් හෝ අවහිරතා ගාස්තු යනු පැහිනියම අවහිරතාව අඩුකර ගැනුමෙහි අභිලාශය ඇතිව අතිරික්ත ඉල්ලුම ඔස්සේ අවහිරතාවයට ලක්වන බස් සේවාවන්, විදුලිය, මෙට්රෝ පද්ධති, දුම්රිය, දුරකතන, සහ මාර්ග භාවිතා අයකෙරුම් වැනි පොදු භාණ්ඩ පරිහරණය කරන්නන් වෙතින්, භාවිතය සඳහා අධික උපරිම ගාස්තු වැනි අධිභාරයක් අය කර ගැනුමෙහි ක්‍රමයකි; ගුවන්තොටුපොළ සහ ඇළවල් ඔස්සේ කාර්ය බහුල කාල සීමා තුලදී ප්‍රවාහන සඳහා ගුවන් ගමන් සමාගම් සහ නැව් කටයුතු සමගම් වෙතින් අධික ගාස්තු අය කරනු ඇත. මැදිහත්කරුවන් කියා සිටිනුයේ මෙම අයකිරීම් උපාය මාර්ගය වෙතින් ඉල්ලුම නියාමනය වන බැවින්, සැපයීම වැඩි නොකොට අවහිරතාවයන් කළමනාකරණය කළ හැකි බවයි.

නගරබද මාර්ග සඳහා අවහිරතා අයකෙරුම් ක්‍රමයක් ලොව පළමුවෙන් හඳුන්වා දුන් ස්ථානය වන සිංගප්පූරුවේ ඉලෙක්ට්‍රොනික් මාර්ග අයකෙරුම ගැන්ට්‍රිය.

අවහිරතා අයකෙරුම් පදනම්ව ඇති ආර්ථික විද්‍යා න්‍යායය අනුව, මෙම ප්‍රතිපත්තියෙහි අරමුණ වනුයේ, උපරිම ඉල්ලුම පවතින විටදී සිදුකෙරෙන පරිහරණය කිරීම් තුලින් එකිනෙකා වෙත ඔවුන් විසින් පනවනු ලබන බැර පිළිබඳව මිල යාන්ත‍්‍රණය භාවිතා කොට අවබෝධයක් ඇති කිරීම සහ ඔවුන් විසින් නිර්මාණය කරන අමතර අවහිරතාවයන් සඳහා ඔවුන් විසින් ගෙවීමක් කළ යුතු බවද, එනයින් අවකාශය හෝ කාලය ඔස්සේ ඉල්ලුම ප්‍රතිව්‍යාප්ති ගතකිරීමට අනුබල දීම සහ ඔවුන් විසින් නිර්මාණය කෙරෙන ඍණාත්මක බාහිරතා වෙනුවෙන් ගෙවීමක් සිදු කිරීමට ඔවුන් වෙත බල කිරීම ඔස්සේ පරිසරය වෙත ඔවුන් විසින් සිදු කෙරෙන බලපෑම පිළිබඳව පරිහරණය කරන්නන් වඩාත් දැනුවත් කිරීමද වෙයි.[1][2][3][4][5]

1975 වසරෙහිදී හඳුන්වා දුන් සහ පසුව 1998 වසරෙහිදී ප්‍රසාදනය කෙරුණු ක්‍රමයක් ඔස්සේ, නගරබද මාර්ග සඳහා අවහිරතා අයකෙරුම් ක්‍රමයක් පළමුවෙන් හඳුන්වා දුන් රට වන්නේ සිංගප්පූරුව වෙයි. එතැන් සිට වර්තමානය දක්වා, ලෝකයෙහි නගරබද මාර්ගවල මෙම උපයෝගයෙහි භාවිතය දැනට නගර කිහිපයකට පමණක් සීමාවී ඇති අතර, ඒවා අතර ලන්ඩනය, ස්ටොක්හෝම්, මිලාන්, සහ ගොතන්බර්ග්, ස්වීඩනය, මෙන්ම, ඩරම්, එංගලන්තය; ස්නොය්මො, චෙක් ජනරජය; රීගා (2008 වසරෙහිදී අවසන් කෙරිණි), ලැටිවියාව; සහ වලෙත්තා, මෝල්ටාව වැනි කුඩා නගර කිහිපයක්ද වෙති. නිව්යෝර්ක් නගරයෙහි සහ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයෙහි මෙම උපයෝගය සංස්ථාපනය කිරීමට යෝජිත වෙයි. සාමාන්‍ය ලෙසින් ක්‍රම පද්ධති සතරක් භාවිතයෙහි පවතියි: නගර මධ්‍යයක් වට කර ඇති මුර වළලු ප්‍රදේශයක් සහ මුර වළලු සීමා රේඛාව පසුකිරීම වෙනුවෙන් අයකෙරුම්; ප්‍රදේශ පුළුල් අවහිරතා අයකෙරුම්, ප්‍රදේශයක් තුල සිටීම වෙනුවෙන් අයකෙරුම්;නගරය වටා ඇති ප්‍රදේශයෙහි මාර්ගාවසර අයකෙරුම් සහිතව නගර කේන්ද්‍ර මාර්ගාවසර කවයක්; සහ යම් වීදියකට හෝ පහසුකමකට හෝ ප්‍රවේශය සඳහා අයකෙරුම් සහිතව, පිවිසුම් හෝ තනි පහසුකමක් වෙනුවෙන් අවහිරතා අයකෙරුම්.

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ බට්න්, කෙනත් ජේ. (1993). ට්‍රාන්පෝට් ඉකනොමික්ස් දෙවන සංස්කරණය. එඩ්වඩ් එල්ගාර් පබිලිෂිං සීමාසහිත සමාගම, එංගලන්තය. p. 153. ISBN 978-1-85278-523-9.
  2. ^ ස්මෝල්, කෙනත් ඒ.; වර්හොෆ්, එරික් ටී. (2007). දි එකනොමික්ස් ඔෆ් අර්බන් ට්‍රාන්පෝර්ටේෂන්. රූට්ලෙජ්, නිව්යෝර්ක්. p. 120. ISBN 978-0-415-28515-5.
  3. ^ ස්මෝල්, කෙනත් ඒ.; ජොසේ ඒ. ගොමෙස්-ඉබනෙස් (1998). රෝඩ් ප්‍රයිසිං ෆො කන්ජෙෂන් මැනේජ්මන්ට් : ද ට්‍රාන්ෂිසන් ෆ්‍රොම් තියරි ටු පොලිසි. කැලිෆෝරිනියා විශ්වවිද්‍යාලය ප්‍රවාහනය පිළිබඳ මධ්‍යස්ථානය, බර්ක්ලිහී කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලය. p. 213.
  4. ^ වෝල්ටර්ස්, ඒ. ඒ. (1968). දි ඉකනොමික්ස් ඔෆ් රෝඩ් යූසර් චාර්ජර්ස්. වර්ල්ඩ් බෑන්ක් ඔකේෂනල් පේපර්ස් අංක පහ, VII පරිච්ඡේදය, Washington, D.C. පිටු. 191–217. ISBN 978-0-8018-0653-7.
  5. ^ හෝල්ට්ස්-ඉයකින්, ඩග්ලස් (2003-05-06). "කන්ාජ්ෂන් ප්‍රයිසිං ෆො හයිවේස් (Testimony before the Joint Economic Committee, U.S. Congress)". Congressional Budget Office. 2008-02-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-02-26.
"https://si.wikipedia.org/w/index.php?title=අවහිරතා_අයකෙරුම්&oldid=589939" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි