අයිස් මිනිසා, සිමිලවුන් මිනිසා (ඉතාලි: මමියා ඩෙල් සිමිලවුන්), හවුස්ලාබ්ජොක් වෙතින් පැමිණි මිනිසා, ටිරෝලියානු අයිස්මිනිසා, සහ හවුස්ලාබ්ජොක් මමිය ලෙසින්ද හැඳින්වෙන,අර්ට්සි (ජර්මානු උච්චාරණය: [ˈœtsi]  ( සවන්දෙන්න)) යනු, 3400 සහ 3100 ක්‍රිපූයු අතර ජීවත්වූ මිනිසෙකුගේ හොඳින් රක්ෂිත ස්වභාවික මමියකි. .[3] 1991 සැප්තැම්බර් මාසයෙහිදී මමිය සොයාගත්තේ, ඔස්ට්‍රියාව සහ ඉතාලිය අතර දේශසීමාවෙහිදී සිමිලවුන් කන්ද සහ හවුස්ලාබ්ජොක් අසබඩ අර්ට්සල් ඇල්ප්ස් වෙතදී වන බැවින්, "අර්ට්සි" යන අපනාමය යෙදිණි. [4][හොඳ මූලාශ්‍රයක් අවශ්‍යය] කැල්කොලිතික (තඹ යුගය) යුරෝපියානුවන් කෙසේ වූවාද යන්න පිළිබඳ අපූර්ව අවබෝධයක් ලබා දෙන, යුරෝපයෙහි පැරණිතම හා අප දන්නා ස්වභාවික මනුෂ්‍ය මමිය ඔහු වෙයි. ඔහුගේ දේහය සහ බඩුබාහිරාදිය, ඉතාලියෙහි බොල්සානෝ, සවුත් ටිරෝල් හී පිහිටි සවුත් ටිරෝල් පුරාවිද්‍යා කෞතුකාගාරය තුල තැන්පත් කර ඇත.

අර්ට්සි
අර්ට්සි නම් අයිස්මිනිසා රෙද්දකින් ආවරණය කෙරුණු මෘත පරීක්ෂණ මේසයක් මත
උපතප. ක්‍රිපූයු 3345
ඉතාලියෙහි, බොල්සානෝ වෙතින් උතුරු දෙසට, වර්තමාන ෆෙල්ටර්න්ස් (වෙල්ටර්නෝ) ගම්මානය අසබඩ
මියගිය දිනයප. ක්‍රිපූයු 3300 (වයස 45 පමණ)
අර්ට්ස්ටාල් ඇල්ප්ස්, ඔස්ට්‍රියාව සහ ඉතාලිය අතර දේශසීමාවෙහි හවුස්ලාබ්ජොක් අසල
වෙනත් නම්අර්ට්සි නම් අයිස්මිනිසා
සිමිලවුන් මිනිසා
හවුස්ලාබ්ජොක් වෙතින් පැමිණි මිනිසා
හවුස්ලාබ්ජොක් මමිය
හිමායිත මිනිසා
හිමායිත ෆ්‍රිට්ස්[1][2]
ප්‍රසිද්ධව ඇත්තේකැල්කොලිතික ( තඹ යුගය) යුරෝපියානු මිනිසෙකුගේ පැරණිතම ස්වභාවික මමිය
උස1.6 m (5 ft 3 in)
වෙබ් අඩවියසවුත් ටිරෝල් පුරාවිද්‍යා කෞතුකාගාරය
අර්ට්සි is located in Alps
අර්ට්සි
ගවේෂණ අඩවිය ඇල්ප්ස් සිතියමක සලකුණු කොට

සොයාගැනීම සංස්කරණය

අර්ට්සල් ඇල්ප්ස් මත ඔස්ට්‍රියානු-ඉතාලියානු දේශසීමාවෙහි ෆීනයිල්ස්පිට්ෂ හී නැගෙනහිර වැටිය තුලදී, 3,210 මීටර (10,530 ft) උසකදී, 1991 සැප්තැම්බර් 19 දිනදී ජර්මානු සංචාරකයින් දෙදෙනෙකු විසින් අර්ට්සි සොයාගන්නා ලදි. හෙල්මුට් සහ එරිකා සයිමන් නමැති මෙම සංචාරකයින් දෙදෙනා, හවුස්ලාබ්ජොක් සහ ටීසෙන්හොක් යන ගිරි දුර්ග අතර මාර්ගයෙහි ගමන් කරමින් සිටියහ. මෙම දේහය මෑතකදී මියගිය කඳුනගින්නෙකුගේ බව මොවුහු විශ්වාස කලහ. [5] ඊළඟ දවසෙහි, කන්දෙහි රාජකාරියෙහි නිරත ජොන්ඩෝමර් සන්නද්ධ භටයෙක් සහ අසබඩ සිමිලවුන්හුටෙ රැකවලා විසින්, ඉණෙන් පහළ කොටස අයිස් තුල මිදී තිබුණු දේහය, වායව විදිනයන් සහ අයිස්-පොරෝ භාවිතා කරමින් ඉවත් කිරීමට උත්සාහ කල මුත් අයපහත් කාලගුණය නිසා එය අත්හැර දැමීමට සිදුවිය. ඊළඟ දිනයෙහිදී, කණ්ඩායම් අටක් අඩවිය වෙත පැමිණි අතර, ඔවුන් අතර හන්ස් කමලන්ඩර් සහ රයින්හොල්ඩ් මෙස්නර් යන කඳු නගින්නෝ වූහ. සැප්තැම්බර් 22 දිනයෙහිදී දේහය අර්ධ-නිල වශයෙන් ගොඩ ගන්නා ලද අතර ඊළඟ දිනයෙහිදී නිල වශයෙන් ඉවත් කර ගන්නා ලදි. අනෙකුත් බඩුබාහිරාදිය හා සමගින් එය ඉන්ස්බෘක් වෛද්‍ය පරික්ෂක කාර්යාලයය වෙත ප්‍රවාහනය කෙරිණි. සැප්තැම්බර් 24 දිනදී, ඉන්ස්බෘක් විශ්වවිද්‍යාලයෙහි පුරාවිද්‍යාඥ කොන්රඩ් ස්පින්ඩ්ලර් විසින් සොයාගත් සියළු දෙය පරික්ෂණයට ලක් කෙරිණි . සොයාගත් වස්තු සමූහය "වසර හාරදහසක් පමණ පැරණි බව" ඔහු විසින් කාලනිර්ණය කලේ, සමුද්ධෘත වස්තූන් අතර වූ පොරොවක දර්ශාවලිය මත පදනම් කර ගෙනය. [6][7]

1919 වසරෙහි සාන්-ජාමාන්-ඔන්-ලයේ ගිවිසුම තුලදී, නෝර්ත් සහ සවුත් ටිරෝල් අතර දේශසීමාව ලෙසින් අර්ථදැක්වුණේ ඉන් සහ එට්ෂ් ගංගාවන්හී ජලාධාරය විය. ටීසෙන්හොක් අසබඩ තිබූ (දැනට විස්ථාපනය වී ඇති) ග්ලැසියරය විසින් ජලාධාරය නියම කිරීම සංකීර්ණ කෙරුණු හෙයින්, සීමාව සලකුණු කෙරුණේ උතුරු දෙසට වන්නටය. අර්ට්සි සොයාගත් අඩවිය වෙතදී ඔස්ට්‍රියානු පසට බැස්ම දක්වතත්, 1991 ඔක්තොම්බර් මාසයෙහිදී සිදුකල සමීක්ෂණ වෙතින් පෙන්නුම් කෙරුණේ, 1919 වසරෙහිදී නිරූපිත ඛණ්ඩාංක: 46°46′45.8″N 10°50′25.1″E / 46.779389°N 10.840306°E / 46.779389; 10.840306 පරිදී, දේහය සොයා ගත් ස්ථානය පිහිටා තිබුණේ 92.56 මීටර (101.22 yd) පමණ ඉතාලියානු භූමිප්‍රදේශය තුලට බවයි. මේ නිසා සවුත් ටිරෝල් පළාත විසින් වස්තූන් පිළිබඳ හිමිකම් පෑ නමුත්, ඉන්ස්බෘක් විශ්වවිද්‍යාලය විසින් එහි විද්‍යාත්මක පරික්ෂණ නිම කිරීමට ඉඩ හැරීමට එකඟ විය. 1998 වසරෙහි පටන්, සවුත් ටිරෝල් හී අගනගරය වන බොල්සානෝ නගරයෙහි පිහිටි සවුත් ටිරෝල් පුරාවිද්‍යා කෞතුකාගාරය තුල එය ප්‍රදර්ශනයට තබා ඇත.

විද්‍යාත්මක විශ්ලේෂණය සංස්කරණය

මළ සිරුර සවිස්තර ලෙසින් පරික්ෂා කොට, මිනුම් කොට, එක්ස්-කිරණ වලට භාජනය කොට සහ කාල නිර්ණය කෙරිණි. පටක සහ අන්ත්‍රයෙහි අන්තර්ගතය මෙන්ම දේහය සමග හමුවූ අනෙකුත් දේ අන්වීක්ෂ අනුසාරයෙන් පරික්ෂා කෙරිණි. සන් මත්තේව් සටන (1918) තුලදී මිය ගිය ඔස්ට්‍රෝ-හන්ගේරියානු සොල්දාදුවන් තිදෙනෙකුගේ හිමායිත දේහයන් 2004 අගෝස්තු මාසයෙහිදී ට්‍රෙන්ටීනො හී පුන්ටා සන් මත්තේව් කන්දෙහිදී සොයා ගන්නා ලදි. එක් දේහයක් කෞතුකාගාරයක් වෙත යවන ලද්දේ, පරිසරය විසින් එහි සංරක්ෂණයට බලපෑවේ කෙලෙසද යන්න පිළිබඳ පර්යේෂණ සිදු කිරීමෙන් අර්ට්සිගේ අතීතය පිළිබඳ තොරතුරු හෙළිවනු ඇතැයි යන බලාපෙරොත්තුව ඇතිවය. [8]

දේහය සංස්කරණය

 
1991 සැප්තැම්බරයෙහිදී දේහය සොයා ගැනීමෙන් පසුව, අර්ට්සි නම් අයිස්මිනිසා ග්ලැසියරයෙහි හිමායිතව සිටියදී, හෙල්මුට් සයිමන් විසින් ඡායාරූප ගත කරනු ලද අයුරු

වර්තමාන ඇස්තමේන්තු වලට අනුව (2016), ඔහුගේ මරණය සිදුවූ වේලාවේදී, අර්ට්සි 160 සෙන්ටිමීටර (5 ft 3 in) උසැති, 50 කිලෝග්‍රෑම් (110 lb) පමණ බරැති සහ, 45 පමණ වයස ඇත්තෙක් විය.

ආශ්‍රිත සංස්කරණය

  1. ෆාරීඩ් චෙනවුනෙ (15 පෙබරවාරි 2005). කැරීඩ් අවේ: ඕල් අබවුට් බෑග්ස්. හැරී එන්. ඒබ්‍රම්ස්. ISBN 978-0-86565-158-6.
  2. ජොවාකීම් ච්වෂ්කා; බ්‍රයන් බෙල් (1 අප්‍රේල් 1993). ඉටැලියන් ඇල්ප්ස්, සවුත් ටිරෝල්. හවුටන් මිෆ්ලින්. ISBN 978-0-395-65772-0.
  3. බොනානි, ජෝර්ජස්; අයිවි, සූසන් ඩී. (1994). "ඒඑම්එස් 14C ඒ්ජ් ඩිටර්මිනේෂන් ඔෆ් ටිෂූ, බෝන් ඇන්ඩ් ග්‍රාස් සාම්ප්ල්ස් ෆ්‍රොම් දි අර්ට්සල් අයිස් මෑන්" (PDF). Radiocarbon. 36 (2): 247–250. doi:10.1017/s0033822200040534. සම්ප්‍රවේශය 4 පෙබරවාරි 2016. {{cite journal}}: Invalid |display-authors=ආදිය (help)
  4. ජේම්ස් නීල් (27 ඔක්තොම්බර් 2004), අර්ට්සි, ද 5,300 ඉයර් ඕල්ඩ් අයිස්මෑන් ෆ්‍රොම් දි ඇල්ප්ස්: පික්චර්ස් ඇන්ඩ් ඉන්ෆර්මේෂන්, 12 මාර්තු 2007 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත, සම්ප්‍රවේශය 8 මාර්තු 2007
  5. ඩිස්ක්‍රිප්ෂන් ඔෆ් ඩිස්කවරි සංරක්ෂණය කළ පිටපත 13 දෙසැම්බර් 2011 at the Wayback Machine සවුත් ටිරෝල් පුරාවිද්‍යා කෞතුකාගාර වෙබ් අඩවිය තුල
  6. බ්‍රෙන්ඩා ෆවුලර් (2001). අයිස්මෑන්: අන්කවරිං ද ලයිෆ් ඇන්ඩ් ටයිම්ස් ඔෆ් අ ප්‍රීහිස්ටොරික් මෑන් ෆවුන්ඩ් ඉන් ඇන් ඇල්පයින් ග්ලැසියර්. චිකාගෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 37 ff. ISBN 978-0-226-25823-2.
  7. "දි ඉන්ක්‍රෙඩිබල් ඒජ් ඔෆ් ද ෆයින්ඩ්". සවුත් ටිරෝල් පුරාවිද්‍යා කෞතුකාගාරය. 2013. 24 ජූනි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 අගෝස්තු 2015.
  8. වර්ල්ඩ් වෝ වන් බොඩීස් ආ ෆවුන්ඩ් ඔන් ග්ලැසියර්, බීබීසී නිවුස්, 23 අගෝස්තු 2004, 30 ජූනි 2006 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත
"https://si.wikipedia.org/w/index.php?title=අර්ට්සි&oldid=443470" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි