අර්ජුන කමලනාත් කරුණාරත්න (උපත 1975 සැප්තැම්බර් 10), ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.[1][2] ඔහු සිනමාවේ නළුවෙකු ලෙස ජනප්‍රිය වුවද, කමලනාත් අධ්‍යක්ෂකවරයෙකු, නිෂ්පාදකවරයෙකු සහ තිර රචකයෙකු ලෙස ද කටයුතු කරයි.[3]

අර්ජුන කමලනාත්
Arjuna Kamalanath
උපත
අර්ජුන කමලනාත් කරුණාරත්න

සැප්තැම්බර් 10, 1975 (1975-09-10) (වයස 48)
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයමොරටුව වේල්ස් කුමර විද්‍යාලය
රැකියාවනළුවා, අධ්‍යක්ෂක, නිෂ්පාදක
සක්‍රීය වසර1998–වර්තමාන
කලත්‍රයා(යන්)අමීෂා කාවින්දි (m.2014)
දෙමව්පියන්
  • තිලක් කරුණාරත්න (පියා)
  • කුමුදු බුද්ධදාස (මව)

පෞද්ගලික ජීවිතය සංස්කරණය

අර්ජුන කමලනාත් 1975 සැප්තැම්බර් 10 වන දින පවුලේ එකම දරුවා ලෙස උපත ලැබීය. ඔහුගේ පියා තිලක් කරුණාරත්න වන අතර මව කුමුදු බුද්ධදාසය.[4] ඔහු මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අධ්‍යාපනය සම්පූර්ණ කළේය. ඔහු විවාහ වී සිටින්නේ සෙසු නිළි අමීෂා කාවින්දි සමඟයි.

වෘත්තීය ජීවිතය සංස්කරණය

1998 අගෝස්තු 16 වෙනිදා කමලනාත් ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය වන සුනිල් සෝම පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද මොහොතින් මොහොත චිත්‍රපටයෙහි රඟපෑවේය. ඉන්පසු ධර්මශ්‍රී වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කළ ‘‘සීතා රෑ’’ චිත්‍රපටයේ රඟපෑවේය. ඔහු වැඩිපුරම මුල් කාලයේ රඟපෑවේ වැඩිහිටි පමණක් සීමා වූ වාණිජ අඩු අයවැය චිත්‍රපට වලය.[5] ඔහුගේ පළමු ප්‍රධාන සිනමා රංගනය 2000 වසරේ තිරගත වූ "තිසරවී" චිත්‍රපටය හරහා සමලිංගිකයෙකු ලෙස රඟපෑවේය. සිනමා රංගනයට අමතරව ඔහු "සුපිරි තරුව", "සංසාර ප්‍රාර්ථනා", "නිලංජනා" සහ "වසුදා" වැනි රූපවාහිනී කතාමාලා කිහිපයකම ද රඟපෑවේය.[6]

අනෙක් ක්ෂේත්‍රයන් සංස්කරණය

ඔහු හෙළ බල කලා සංසදය සංවිධානයේ සභාපතිවරයාය. 2014 ජනාධිපතිවරණ සමයේදී ඔහුගේ සංවිධානය මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපාරයට ප්‍රසිද්ධියේ සහාය දැක්වීය.[7]

2018 මැයි 28 දින, කමලනාත් MPI සිනමා ශාලා හි සම කළමනාකාර අධ්‍යක්ෂ ලෙස පත් කරන ලදී.[8]

චිත්‍රපටකරණය සංස්කරණය

නළුවෙක් ලෙස සංස්කරණය

වසර චිත්‍රපටය
2000 තිසාරවි
2000 ඇගේ වෛරය 4
2001 සුන්දර වරද
2001 කන්‍යාවියකගේ රාත්‍රිය
2001 ජැක් ඇන් ජිල්
2001 සෙල්ලම් කුක්කා
2001 ජොලි හලෝ
2002 ජොලි හලෝ 2
2002 පතිනියකගේ හෝරාව
2003 හිත හොඳ පිස්සෝ
2004 හාදූ වැස්සක්
2004 ගිනිගත් හෝරාව
2004 අන්ඩ වල්ඩ්
2004 උකුසු ඇස්
2004 ජොලි බෝයිස්
2004 ඔහොම හරිද
2004 ලෙෆ්ට් රයිට් සර්
2005 සඳුනි
2006 ඩබල් ගේම්
2006 නාග කන්‍යා
2006 සොඳුරු වසන්තය
2009 සර් ලාස්ට් චාන්ස් නළුවා
2010 ජය පිට ජය
2010 සුදු හංසී
2011 කිව්වද නහී නොකිව්වද නහී රොනී
2012 සක්විති දඩයම ජැක්සන්
2013 රජ හොරු සිරිමල්
2015 මහරජ ගැමුණු සුරනිමල යෝධයා
2016 පුතන්ඩියා අජිත්

අධ්‍යක්ෂක ලෙස සංස්කරණය

වර්ෂය චිත්‍රපටය Ref.
2009 ඉඟිල්ලෙන්න ඇයි දඟලන්නේ
2009 කුසල්
TBD ආශාවේ මායා [9]

නිෂ්පාදක ලෙස සංස්කරණය

වර්ෂය චිත්‍රපටය Ref.
2009 ඝරසරප [10]

තිර රචකයෙක් ලෙස සංස්කරණය

වර්ෂය චිත්‍රපටය
2009 ඉඟිල්ලෙන්න ඇයි දඟලන්නේ
2009 කුසල්

References සංස්කරණය

  1. "Arjuna Kamalanath". IMDb. සම්ප්‍රවේශය 9 August 2016.
  2. "Actors in Sri Lankan cinema - Arjuna Kamalanath". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 9 August 2018.
  3. "Arjuna Kamalanath filmography". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 9 August 2018.
  4. "The Arjuna-Ameesha combination". Daily News. සම්ප්‍රවේශය 25 April 2019.
  5. "When everyone said don't, I did it - Arjuna". Sarasaviya. සම්ප්‍රවේශය 23 December 2017.
  6. ""Sudu Hansi" is a society that runs throughout touched characters". Divaina. සම්ප්‍රවේශය 23 December 2017.
  7. "Artistes organisation led by Arjun Kamalanath pledges support to President". The Island. සම්ප්‍රවේශය 9 August 2018.
  8. "Arjuna Kamalanath, Ameesha Kavindhi appointed to MPI board". Daily News. සම්ප්‍රවේශය 9 August 2018.
  9. "Arjuna completes..." Daily Mirror. සම්ප්‍රවේශය 25 April 2019.
  10. "Director Jayantha Chandrasiri's demonic cinema jamboree - Gharasarapa review". Sunday Observer. සම්ප්‍රවේශය 8 July 2018.

External links සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අර්ජුන_කමලනාත්&oldid=591300" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි