අඹගමුව සෙල් ලිපිය
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹගමුව සෙල් ලිපි ද්විත්වය පිහිටුවා තිබේ. සෙල් ලිපිය අඹගමුව නගරයේ සෙල්ලිපිගම ග්‍රාමයේ, නාවලපිටිය-ගිනිගත්හේන මාර්ගයේ සිට මීටර 400ක් පමණ දුරින් පිහිටා තිබේ.
අඹගමුව සෙල් ලිපි | |
---|---|
Ambagamuwa Inscriptions | |
පිහිටීම | සෙල්ලිපිගම, අඹගමුව |
ඛණ්ඩාංක | 7°01′20″N 80°29′44″E / 7.0221628268°N 80.4956404558°Eඛණ්ඩාංක: 7°01′20″N 80°29′44″E / 7.0221628268°N 80.4956404558°E |
පළමුවන විජයබාහු රජු (1070-1110) විසින් සිය තිස් අටවන රාජ්‍ය වර්ෂයෙහි අඹගමුව සෙල් ලිපිය පිහිටුවා තිබේ.[1] ශ්‍රීපාදස්ථානය වන්දනා කල රජු විසින් සිරිපා වන්දනාවේ යන බැතිමතුන්ගේ ප්‍රයෝජනය පිණිස සිදුකල දාන මාන[2] හා දෙමළ බලය මැඩපවත්වා ලක්දිව එක්සේසත් කල ආකාරය පිළිබඳ විස්තර මෙහි සටහන්ය.[3] සෙල් ලිපිය ප්‍රථම වරට එච්.සී.පී. බෙල් මහතා විසින් කියවන ලදී.[4]
මධ්‍යකාලීන සිංහල අක්ෂරයෙන් නිර්මාණය කොට ඇති මෙම ලිපි ද්විත්වයෙන් එක් ලිපියක දිග අඩි 12 අඟල් 3 ක් හා පළල අඩි 9 අඟල් 3 ක් වේ. අනෙක් ලිපිය අඩි 9 ක් හා අඟල් 4 ක් දිගු වන අතර පළල අඟල් 9 ක් හා අඟල් 7 ක් වේ.[3]
ආශ්‍රිත
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "හිස්ටොරික් ඉන්ස්ක්‍රිප්ශන් ෆේසින් ඩිකේස්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 6 ජනවාරි 2016.
- ^ "සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර". දිවයින. 23 දෙසැම්බර් 2009. සම්ප්‍රවේශය 6 ජනවාරි 2016.
- ^ a b වික්‍රමසිංහ, ඩී.එම්.ඩී.ඉසෙඩ්. (1912–1927). අඹගමුව ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් විජයබාහු I (1058-1114 A.D.). එපිග්‍රැෆියා සෙලනිකා II. p. 202-218.
{{cite book}}
: CS1 maint: date format (link) - ^ "සිරිපා පිදුම් ගැන කියන අඹගමු සෙල් ලිපිය". සිළුමිණ. 19 අප්‍රේල් 2009. සම්ප්‍රවේශය 6 ජනවාරි 2016.