අම්මා (හින්දි රූපවාහිනී කතාමාලාව)

අම්මා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියානු සංත්‍රාස, අපරාධ නාට්‍ය රූපවාහිනී කතාමාලාවකි. මෙම කතාමාලාව විකාශය ආරම්භ වූයේ 2016 ජූනි 25 දින වන අතර, සී ටීවී නාළිකාව ඔස්සේ එය විකාශය කෙරේ. මෙම රූපවාහිනී කතාමාලාව නිර්මාණය කරන ලද්දේ ෆර්හාන් පී. සම්මා විසිනි.[1] සිකුරාදා සිට ඉරිදා දක්වා විකාශය වන මෙම කතාමාලාව පුරා පැයක් විකාශය වේ.[2] මෙම කතාමාලාව සඳහා පාදක වී ඇත්තේ මුම්බායි පාතාල නායිකාවක ලෙස ප්‍රකට ජෙනාබායි දරුවාලිගේ දිවිය යැයි විශ්වාස කෙරේ.[3] මෙම කතාමාලාවේ කථා පුවත රචනා කරන ලද්දේ ආලෝක් උපධ්‍යාය විසිනි. මෙහි නිර්මාණ අධ්‍යක්ෂකවරයා ද ෆර්හාන් පී. සම්මා ය. මෙය නිෂ්පාදනය කරන ලද්දේ අසීෆ් ෂෙයික් සමග ෆර්හාන් පී. සම්මා විසින් සෝල්ට් මීඩියා LLP යන සන්නාමය යටතේ ය. සෝල්ට් මීඩියා LLP සමාගමේ නිෂ්පාදනයක් වුව ද, මෙය බෙදාහරිනු ලබන්නේ සී එන්ටර්ටේන්මන්ට් එන්ටර්ප්‍රයිසස් ආයතනය විසිනි. මෙය සඳහා පසුබිම් වී ඇත්තේ ඉන්දියාවේ මුම්බායි නගරයයි.

අම්මා
පළමු පෙනුම
ප්‍රභේදයඅපරාධ
සංත්‍රාස
නාට්‍ය
තැනුවේෆර්හාන් පී. සම්මා
රචනය කලේආලෝක් උපධ්‍යාය
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු)ෆර්හාන් පී. සම්මා
රඟපෑමපහළ බලන්න
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව01
කථාංග ගණන28 (2016 සැප්තැම්බර් 25 වන විට)
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)සෝල්ට් මීඩියා LLP (අසීෆ් ෂෙයික්, ෆර්හාන් පී. සම්මා)
ස්ථානය(න්)මුම්බායි, ඉන්දියාව
කැමරා සැලැස්මබහු-කැමරා
නිෂ්පාදන සමාගමසෝල්ට් මීඩියා LLP
බෙදාහරින්නාසී එන්ටර්ටේන්මන්ට් එන්ටර්ප්‍රයිසස්
ප්‍රචාරණය
මුල් නාලිකාවසී ටීවී
රූප ආකෘතිය576i (SDTV)
1080i (HDTV)
මුල් ධාවනය25 ජුනි 2016 (2016-06-25) – වර්තමානය
බාහිර සබැඳි
වෙබ් අඩවිය


මෙම රූපවාහිනී කතාමාලාවේ එක් පරම්පරාවක ඉදිරියට මෙම කථාව ගලා යන තෙක් මෙම කතාමාලාවේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය සඳහා ඌර්වෂි ෂර්මා නම් නිළිය යොදා ගැනිණි. වර්තමානය වන විට එහි ප්‍රධාන නායිකා චරිතය නිරූපණය කරනු ලබන්නේ ෂබානා අස්මි විසිනි.[4] මෙම කතාමාලාවේ ෆයිසාල් කුරේෂිගේ චරිතය නිරූපණය කරන්නේ අෂ්මිත් පටෙල් විසින් වන අතර, යුවිකා චෞධරි විසින් ප්‍රධාන කථා නායිකාවගේ දියණිය වන රෙහානා ෂෙයික්ගේ චරිතය නිරූපණය කරනු ලබයි.

කථාපවත සංස්කරණය

මෙම රූපවාහිනී කතාමාලාව මගින් දිග හැරෙන්නේ දශක පහක කාලයක් පුරා මුම්බායි නගරයේ පාතාල රැජිනියක ලෙස කටයුතු කළ ජෙනාබායි දරුවාලි නැමැති තැනැත්තියගේ ජීවන පුවතයි.[2] මීට අමතරව මෙමගින් අම්මාගේ දියණිය වන රෙහානා සහ අම්මාගේ විශ්වාසවන්ත මිනිසකු වන ෆයිසාල් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතාව ද නිරූපණය වේ. ඔවුනට විවිධ බාධා සහ පරීක්ෂාවන්ට මුහුණ දීමට සිදුවන අතර, එමගින් අම්මා ඔවුන්ගේ සම්බන්ධයට ඉඩ ලබාදෙන්නී ය. කෙසේ හෝ ඔවුනට විවාහ වීමට අවස්ථාව හිමි වේ. මීට අමතරව මෙම කතාමාලාව තුළින් තවත් අතුරු පෙම් පුවතක් ද දිග හැරෙයි. එනම් රෙහානාගේ සොයුරිය වන සරස්වතී සහ ඇගේ පාසල් සගයකු වන අතුල් අතර ඇති වන පෙම් සබඳතාවයයි. ඔවුන්ගේ මෙම සම්බන්ධතාව පිළිබඳ දැන ගැනීමෙන් පසු අම්මා ක්‍රියා කරන ආකාරය ප්‍රධාන වශයෙන්ම කථාවේ ඉතිරි ‍කොටස මගින් දිග හැරේ.!!!!

චරිත නිරූපණය සංස්කරණය

පෙර චරිත සංස්කරණය

  • ඌර්වෂි ෂර්මා, සීනත් ෂෙයික් ලෙස[11] (ජෙනාබායි දරුවාලා චරිතය පාදක කොටගෙන නිමවූවකි)
  • අමන් වර්මා, ෂේකරන් "අන්නා" ෂෙට්ටි ලෙස (වරදරාජන් මුදලියාර් චරිතය ඇසුරෙනි නිමවූවකි)[12]
  • නේහා චන්ද්‍රා
  • අෂ්රෆ් කරීම්, නායීම් ලෙස
  • නසීර් ඛාන්, අබ්බාස් ෂෙයික් ලෙස
  • ජීතු වර්මා, ඉන්‍ස්පෙක්ටර් පී. කේ. ප්‍රජාපතී ලෙස

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Farhn P. Zamma: Shabana Azmi is the female Amitabh Bachchan". The Times of India. සම්ප්‍රවේශය 26 Sep 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  2. 2.0 2.1 "Shawar Ali and Nawab Shah in Zee TV's Amma". The Times of India. 10 June 2016. සම්ප්‍රවේශය 15 June 2016.
  3. "TV show Amma based on the life of Mumbai's female don Jenabai?". "The Times of India. සම්ප්‍රවේශය 29 May 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  4. "Shabana Azmi plays godmather on television". The Deccan Chronicle. සම්ප්‍රවේශය 28 Sep 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  5. "Shabana Azmi is the new Amma on TV". The Times of India. සම්ප්‍රවේශය 7 Sep 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  6. "Ashmit Patel: Working with Shabana Azmi a learning experience". The Times of India. සම්ප්‍රවේශය 17 Sep 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  7. "Yuvika Chaudhary is the new protagonist in Amma". The Times of India. සම්ප්‍රවේශය 1 Sep 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  8. "Nawab Shah set to return in Amma". The Times of India. සම්ප්‍රවේශය 18 Oct 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  9. "Meghna Naidu and Zakir Hussain to enter 'Amma'". The Times of India. සම්ප්‍රවේශය 26 July 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  10. "Actor Raju Kher to play the role of Fakira in Amma". The Times of India. සම්ප්‍රවේශය 22 Sep 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  11. "Urvashi Sharma to make her TV debut". The Times of India. සම්ප්‍රවේශය 19 May 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  12. "Aman Verma bids adieu to 'Amma', gets emotional". The Times of India. සම්ප්‍රවේශය 23 Aug 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)

බාහිර සබැඳි සංස්කරණය