අඛාඩචණ්ඩි දේවාලය

ඔඩිෂාවේ දේවාලය

අංශුමාන් දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ භුබනේස්වර්හි පිහිටි 10වන සියවසට අයත් හින්දු දේවාලයකි. [1][2] මෙම දේවාලය පිහිටා ඇත්තේ පැරනි නගරයේ බාඩු සාහියේ බින්දුසාගර් ජලාශයේ නිරිතදිග ඉවුරේ ය.

අඛාඩචණ්ඩි දේවාලය
ଅଖଡ଼ଚଣ୍ଡି ମନ୍ଦିର
අඛාඩචණ්ඩි දේවාලය
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°14′27.888″N 85°50′1.2048″E / 20.24108000°N 85.833668000°E / 20.24108000; 85.833668000
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාචණ්ඩි
දිස්ත්‍රික්කයඛෝර්දා
ජනපදයඔඩිෂා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයමන්දීර්
සම්පූර්ණ කෙරුණේ10වන සියවස
සම්පූර්ණ විස්තර
උන්නතාංශය61 m (200 ft)

විස්තරය සංස්කරණය

මාර්කණ්ඩේස්වර දේවාලයට මීටර 15ක් නැගෙනහිරින් සහ මෝහිනී දේවාලයට මීටර 30ක් වයඹදිගින් පිහිටි මෙම දේවාලයේ වන්දනාවට ලක්වන ප්‍රමුඛ දේවතාවා වන්නේ මහීෂාසුරමර්දිනී දෙවඟනයි. දකුණු දෙසට මුහුණලා පිහිටි මෙම දෙවොලේ දේව ප්‍රතිමාව නැගෙනහිරට මුහුණලා පිහිටා ඇත. දුර්ගාෂ්ටමි සහ බලභෝග වැනි නොයෙකුත් ආගමික චාරිත්‍ර මෙහි දී සිදු කෙරේ. මෙම දේවාලය නඩත්තු කරනු ලබන්නේ භුබනේස්වර් නාගරික සංස්ථාව මගිනි. තරමක් සතුටු දායක සංරක්ෂණ මට්ටමකින් යුතුව මෙය පවතියි. X සහ XI මූල්‍ය කොමිසමේ ප්‍රදායනයන් මත ඔඩිෂා ප්‍රාන්ත පුරාවිදයා අධිකාරිය විසින් මෙහි ප්‍රතිසංස්කරණය කටයුතු සිදුකරන ලදී. මෙම දේවාලය වට කරමින් බින්දු සාගර් ජලාශය පිහිටියේ මෙයට මීටර 6.40ක් නැගෙනහිරිනි. බටහිරින් මාර්කණ්ඩේය දේවාලයෙනුත්, දකුණු දෙසින් නිවාස ගොඩනැගිලිවලිනුත් මෙය සීමා වී ඇත.

ගෘහනිර්මාණ ශිල්පය සංස්කරණය

ගෘහනිර්මාණ ලක්ෂණ සංස්කරණය

මෙම දේවාලය ඉදිකොට ඇත්තේ කාලිංග සම්ප්‍රදාය අනුගමනය කරමින් රළු වයිරම් සහිත වැලිගල් පාෂාණයෙනි. මෙහි ප්‍රධාන දෙවොල වන්නේ ඛාඛරා දෙවොලයි.[3] ඍජුකෝණාස්‍රාකාර බිම් සැලැස්මකින් යුත් එහි මිනුම් මීටර 1.28 x මීටර 1.83 ප්‍රමාණයේ වේ. උච්චත්වය අතින් ඛාඛරාහි විමානය පභාගයේ සිට මස්තකය තෙක් මීටර 42.94ක උසකි. දේවාලයේ පහළ සිට ඉහළට බාදා, ගණ්ඩි සහ මස්තකය පිහිටයි. කොටස් පහකින් යුත් බාදාව මීටර් 1.74ක උසකින් යුක්ත ය. පභාගයෙහි පහළ මීටර 0.26ක උසින් යුතු ය. ජංඝ නම් අංගය මීටර 0.52ක ප්‍රමාණයෙන් යුත් අතර, එය තල ජංඝ සහ උපර ජංඝ ලෙස කොටස් දෙකකට වෙන්වී ඇත්තේ බන්ධන බොරදම් මගිනි. බන්ධන නම් කොටස මීටර 0.08කින් ද, බරන්ද නම් කොටස මීටර 0.26ක උසකින් ද යුක්ත ය. දේවාලයේ ගණ්ඩි නම් අංගය ඛාඛාරා සම්ප්‍රදායයයෙන් යුත් අතර, ඒවා අර්ධ සිලින්ඩරාකාර පියස්සකින් යුත් පේසා තුනක් ලෙස සැකසී ඇත. දේවාලයේ මස්තකයේ ගජක්‍රාන්ත රූ දෙකක් පිරිවරා ගත් කලසක් දැකගත හැක.

මෝස්තර අංග සංස්කරණය

ද්වාරයේ උළුවහු කණු මීටර 1.10 x මීටර 0.65 මිනුම්වලින් යුත් බදාම නිර්මාණවලින් සරසා ඇත. ප්‍රධාන දොරටුව අසල නැගෙනහිර සහ උතුරු බිත්තිවල කුඩා තොරණවල් දෙකක් ද වේ. මෙම ද්වාරමාලක ද්විත්වය සමාන අතර මීටර 0.92 x මීටර 0.59 යන මිනුම්වලින් යුක්ත ‍වේ.

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Pradhan, Sadasiba (2009). Lesser Known Monuments Of Bhubaneswar. Bhubaneswar: Lark Books. pp. 1–2. ISBN 81-7375-164-1
  2. "Akhadachandi Temple, Old Town, Bhubaneswar, Dist.-Khurda" (PDF). ignca.nic.in ,16 October 2017.
  3. http://www.indianetzone.com/65/akhadachandi_temple.htm

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අඛාඩචණ්ඩි_දේවාලය&oldid=410600" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි