Trailer (Film) - පූර්ව ප්‍රචාරක පටය

Trailer (Film) - පූර්ව ප්‍රචාරක පටය

Trailer (පූර්ව ප්‍රචාරක පටය) ලෙස හඳුන්වන්නේ අනාගතයේ ප්‍රදර්ශණය කරනු ලබන සිනමා පටයක සකස් කරන ලද දැන්වීමකි. අතීතයේදී නම් ‘Trailer’ (පූර්ව ප්‍රචාරක පටය) යන කොටස චිත්‍රපටයක අවසානයේදී පෙන්වන ලදී. මෙම ක්‍රමය පසු කාලීනව අභාවයට පත්වූයේ චිත්‍රපටය අවසාන වූ විට ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවෙන් ඉවත් යන නිසාය. එහෙත් එම ‘Trailer’ (පූර්ව ප්‍රචාරකප‍ටය) යන නාමය තවදුරටත් භාවිතයට ගැනේ. අද වන විට ‘Trailer’ (පූර්ව ප්‍රචාරක පටය) පෙන්වනු ලබන්නේ චිත්‍රපයට ආරම්භ වීමට පෙරය.

අර්ථකථනය සංස්කරණය

‘Trailer’ (පූර්ව ප්‍රචාරකපටය) නමැති කොටසට චිත්‍රපට‍ෙය් විවිධ එකතු කර දැන්වීමක් නිර්මාණය කරනු ලබයි. ‘Trailer’ (පූර්ව ප්‍රචාරක පටය) එකක අරමුණ වනුයේ ප්‍රේක්ෂකයා සිනමා පටය සදහා ආකර්ෂණය කර ගැනීමය. චිත්‍රපටයේ ඇති වඩා ත්‍රාසජනක හෝ ප්‍රියජනක අවස්ථා ‘Trailer’ (පූර්ව ප්‍රචාරක පටය) නිර්මාණය සදහා යොදා ගනී. එහෙත් එසේ කරන ලබන්නේ සංක්ෂිප්ත ස්වරූපයකින් සහ චිත්‍රපටයට හානියක් නොවන අයුරිනි. රූපරාමු චිත්‍රපටයේ ඇති අනුපිළිවෙලටම තිබීම අත්‍යවශ්‍ය නොවන අතර එය විනාඩි දෙකහමාරකට අඩු කාලයක් තුළදී අවසන් විය යුතුය. මෙය සිනමා ශාලාවක් මගින් තීරණය කරනු ලබන උපරිම ධාවන කාලයකි. මෙම කාලය ඉක්මවා තම ‘Trailer’ (පූර්ව ප්‍රචාරක පටය) එක සෑදීමට සෑම චිත්‍රාගාරයක් හෝ බෙදාහරින්නකු හට වසරකට වරක් අවස්ථාවක් ලබාදේ. එසේ කරනුයේ ද එම කාලය එම චිත්‍රපටය සදහා අත්‍යවශ්‍ය නම් පමණි.

සමහර ‘Trailer’ (පූර්ව ප්‍රචාරක පටය) චිත්‍රපටයේ අඩංගු නැති දර්ශණ රූපගත කර නිපදවනු ලබයි. Terminater 2, Judgment Day හි ‘Trailer’ (පූර්ව ප්‍රචාරක පටය) එක මේ ආකාරයේ එකකි. Black Christmas චිත්‍රපටයේ ‘Trailer’ (පූර්ව ප්‍රචාරක පටය) එක සඳහාද මෙවැනි අමතර දර්ශන භාවිත කරන ලදී. 2002 තිරගත වූ ‘Spider Man’ චිත්‍රපටයේ ‘Trailer’ (පූර්ව ප්‍රචාරක පටය) සදහා යොදා ගෙන තිබුණේ බැංකු මංකොල්ලකරුවන් පිරිසක් හෙලිකොප්ටරයකින් පලායාමට තැත් කරන ආකාරයත් ඔවුන් ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි 2 අතරදී යෝධ මකුළු දැලකට හසුවන ආකාරයත්ය. එහෙත් 2001 සැප්තැම්බර් 11 වන දින සිදුවූ ලෝ වෙළද මධ්‍යස්ථාන ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඔවුන් එය නිකුත් නොකිරීමට තීරණය කළේය.

1960 දී නිපදවන ලද ඇල්ප්‍රඩ් හිච්කොක්ගේ Poycho නම් චිත්‍රපටය සඳහාද චිත්‍රපටයට අමතරව රූපරාමු එක්කොට ‘Trailer’ (පූර්ව ප්‍රචාරක පටය) එකක් නිර්මාණය කරන ලදී. මෙහි ප්‍රේක්ෂකයා Bates Motel නම් හෝටලයක් තුළට රැගෙන යන අතර පසුව එය නානකාමරයක දර්ශණයකට මාරුවේ. එක්වරම නානකාමරයේ තිරරෙදි මෑත් වී Vera Miles දර්ශණය වී ඇය වහා මහා භීතියෙන් කෑ ගසන ආකාරයක් දිස්වේ.

‘Trailer’ (පූර්ව ප්‍රචාරක පටය) නිපදවන්නන් එම ක්‍රියාව කරනුයේ චිත්‍රපටය රූගත කරන අතර වාරයේමය. චිත්‍රපටය සංස්කරණය කර නැතත් ‘Trailer’ (පූර්ව ප්‍රචාරක පටය) පටය සංස්කරණ කිරීම අරඹයි. එසේත් නොමැති නම් චිත්‍රපටය සංස්කරණය කරන විටම ‘Trailer’ (පූර්ව ප්‍රචාරක පටය) පටයත් සංස්කරණය කරගත හැක.

චිත්‍රපටයේ සංස්කාරක සහ ‘Trailer’ (පූර්ව ප්‍රචාරක පටය) පටයේ සංස්කාරක එකම දර්ශණයේ විවිධ කෝණ රූපරාමු ගෙන තම නිර්මාණ කටයුතු සිදු කරයි. තවත් ක්‍රමයක් වන්නේ ‘Trailer’ (පූර්ව ප්‍රචාරක පටය) පටයේ චිත්‍රපටයේ නැති සංගීතයක් භාවිත කිරීමයි. මෙය එක් අතකින් අවශ්‍ය ක්‍රමයක් වනුයේ ‘Trailer’ (පූර්ව ප්‍රචාරක පටය) පටය පිටකරන විට චිත්‍රපට සංගීතය නිර්මාණය කර නොතිබීමට හැකි නිසාය.

සංගීත ශිල්පින් වනාහි චිත්‍රපටයක අවසානයටම කටයුතු කරන නිර්මාණ කරැවන්ය.

Forrest Gurp චිත්‍රපටයේ ‘Trailer’ (පූර්ව ප්‍රචාරක පටය) සංගීතය සදහා Dragon : the Bruce Lee Story චිත්‍රපටයේ සංගීතය භාවිත කරන ලද අතර 2008 නිකුත් වූ Superhero චිත්‍රපටයේ සහ Iron Man චිත්‍රප‍‍ටයේ Black Salsath විසින් ගායන කරන ලද එකම ගීතයක් යෙදොගෙන තිබිණි.

මෙසේ චිත්‍රපටයේ අඩංගු කොටස් ගෙන පූර්ව ප්‍රචාරක පටය සදහා භාවිතා කරන්නේ බොහෝ විට එම කොටස් වල ඇති ආකර්ෂණීයත්වය නිසාය. මෙය බොහෝවිට සම්භාව්‍ය චිත්‍රපට සඳහා අදාල වේ. උදාහරණයක් ලෙස ‘කැසබ්ලැන්කා’ චිත්‍රපටයේ රික් බ්ලේන් නම් චරිතය ‘හරි නුඹ එහෙම අනුවයි කියල කියමුකො’ යන දෙබස පූර්ව ප්‍රචාරක පටයේ පමණක්