සයිකෝසියාව

(Psychosis වෙතින් යළි-යොමු කරන ලදි)

සයිකෝසියාව හෙවත් මනෝ විකාරය යනු මනසේ ඇතිවන අසාමාන්‍ය තත්වයකි. එය විස්තර කරනුයේ යථාර්තය සමග සමිබන්ධ විය නොහැකි මානසික තත්වයක් ලෙසයි ("loss of contact with reality"). ලොව පුරා බොහේ මිනිසුන් පිරිසක් මෙයට අයත් විවිධ තත්ත්වයන්ගෙන් පිඩා විඳිති. බොහෝ දෙනා පවසන ආකාරයට පෞරුෂයේ වෙනස්වීම් සහ සිතුවිලිවල ඇතිවන අසාමන්‍යතා මෙලෙස හදුන්වයි. මෙම පොදුවේ හදුන්වන සයිකෝසියාව නම් තත්වයේ විවිධ ස්වරූපයන් ඇත මායා දර්ශන, මායාව, බුද්ධිය අඩුවිම යනාදිය මෙම තත්ත්වයට ගැනේ. මෙම ඉහත කි ලක්ෂණ භින්නෝන්මාදය ලෙස හැඳින්වෙන රෝගයටද බොහෝවිට අදාල ලක්ෂණ වේ.

Psychosis
වෙනත් නම්Psychotic break (colloquial)
විශේෂතාවPsychiatry, clinical psychology
රෝග ලක්‍ෂණFalse beliefs, seeing or hearing things that others do not see or hear, incoherent speech and behavior[1]
සංකුලතාSelf-harm, suicide[2]
හේතුMental illness (schizophrenia, bipolar disorder), trauma, sleep deprivation, some medical conditions, certain medications, drugs (including alcohol, caffeine and cannabis)[1]
ප්‍රතිකාරAntipsychotics, counselling, social support[2]
PrognosisDepends on cause[2]
සංඛ්‍යාතය3% of people at some point in their life (US)[1]

වර්ගීකරණය සහ බාහිර ප්‍රභව ICD –S , OMIM , Medline plus , MeSH මානසික විකෘතිතාවය යනු යථාර්ථය සමග පවතින සම්බන්ධය ගිලිහී යාම නිසා මනසේ ඇති වන තත්වයකි. මෙම රෝගයෙන් පෙළෙන අය සයිකෝෂීය රෝගීන් ලෙස හැඳින්වේ.

මානසික විකෘතිතාවයෙන් පෙළෙන්නන් නොපවතින දෙයක් පිළිබඳ සං‍වේදනය, මිත්‍යා විශ්වාස , පෞරුෂත්වයේ වෙනස්කම් සහ සිතීමේ අක්‍රමිකතා වැනි ලක්ෂණ පෙන්වයි. මෙම රෝග අමුතු සහ විකාර රූපී හැසිරීම්, සහ දෛනික කටයුතු , සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමට අපොහොසත් වීම වැනි ලක්ෂණ සමග ද බැඳී පැවතිය හැක.

රසායනික සහ ව්‍යුහමය වෙනස්කම් නිසා ඇතිවන ක්‍රියාකාරී මානසික ආතතීන් මගින් මානසික විකෘතිතා ඇති කළ හැක. එම නිසා මානසික විකෘතිතා යනු මානසික රෝගයක් කැළඹීම ලෙස හැඳින්විය හැක.

නමුදු බොහෝ පුද්ගලයින් තම ජීවිතයට බාධාවක් නොමැතිව දිවියේ ඇතැම් කාලවල අසාමාන්‍ය සහ යථාර්ථය වෙනස් කරන සුළු අත්දැකීම් ලබා ඇත. උදාහරණ ලෙස ඇතැමුන් විවිධ ආකාරයේ දෘෂ්ටීන් අත්දැක ඇති අතර සමහර අය එමගින් ආගමික අනාවරණයක් හෝ අනුප්‍රාණයක් අත්විඳ ඇත. එම නිසා මානසික විකෘතිතා යනු සාමාන්‍ය සිහි බුද්ධියෙන් මුළුමනින්ම වෙන් වූවක් නොව සාමාන්‍යය සිහි බුද්ධිය හා බැඳී පවතින දෙයකි. මෙයට අනුව සායනික වශයෙන් මානසික විකෘතිතා ඇති පුද්ගලයින් තුළ විශේෂයෙන්ම තීව්‍ර සහ පීඩිතකාරී අත්දැකීම් ඇති බව කිව හැක.

සමකාලීන සංස්කෘතියට අනුව මානසික විකෘතිතා යන පදය මනෝව්‍යාධික හැසිරීම සමාන බවට වැරදි ලෙසට යොදා ගනී.

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ a b c "RAISE Questions and Answers". NIMH (ඉංග්‍රීසි බසින්). 8 October 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 January 2018.
  2. ^ a b c "Psychosis". NHS. 23 December 2016. 15 October 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 January 2018.

භාහිර සබැඳි

සංස්කරණය
 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
වර්ගීකරණය
බාහිර සම්පත්
"https://si.wikipedia.org/w/index.php?title=සයිකෝසියාව&oldid=629513" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි