M1 (දුම්රිය එන්ජිම)
ලංකාවේ දුම්රිය සේවයේ ආරම්භක යුගයේ සිට (1858- 1935 පමණ දක්වා) ශත වර්ශයකට ආසන්න කාලයක් එහි කොදු නාරටිය ලෙස සැලකිය හැකි වන්නේ වාෂ්ප බලයෙන් ධාවනය වුන වාෂ්ප දුම්රිය එන්ජින්. රටේ ප්‍රවාහන සේවයට මනා සහයක් ලබාදෙමින් මේ දැවැන්ත යෝධයන් මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය යහපත් කරන්නට සැපයූ නිහඬ සේවය අති මහත්. කෙසේ වුවත් මෙම එන්ජින් භාවිතයේ සහ නඩත්තුවේ අපහසුතාවයන් හේතුකොටගෙන සහ එවකට ක්‍රමයෙන් ලොවපුරා ජනප්‍රිය වෙමින් පැවතුන ඩීසල් දුම්රිය එන්ජින් අතිසාර්ථක වීමත් යන කරුණු ද්විත්වය හේතුකොටගෙන වර්ෂ 1953දී පමණ වන විට එවකට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු තනතුර හෙබවූ බී.ඩී රම්පාල [පසුව සාමාන්‍යාධිකාරී (1955-1970)-පළමු සිංහල සාමාන්‍යාධිකාරීවරයා] මැතිතුමාගේ මූලිකත්වයෙන් මෙරටට ඩීසල් දුම්රිය එන්ජින් හඳුන්වා දීමට ගෙන ඒමට පිඹුරුපත් සකස් කරන ලදී. මේ වන විට S1 ඩීසල් බලවේග කට්ටලය මෙරට දුම්රිය මාර්ග වලට හඳුන්වා දී සාර්ථක වී තිබු යුගයද විය.ඒ අනුව 1953 වසරේදී මුල්ම ඩීසල් එන්ජිම ලංකාවට ගෙන එන ලදී. M1 ධාවන පන්තිය යටතේ වර්ග කරනලද මෙම එන්ජිම අලංකාර රතු පැහැයෙන් යුක්ත වූ අතර එහි විස්තර මෙසේයි.
- එන්ජින් පන්තිය - M1
- නිශ්පාදිත රට - මහා බ්‍රිතාන්‍යය
- නිපදවූ සමාගම - Brush Bagnall (England)
- ගෙන්වූ වර්ෂය - 1953
- දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electric
- බල සැපයුම් එන්ජිම - Mirrlees V12 JS12VT (4 stroke)
- උපරිම බලය - 1000hp
- උපරිම වේගය - 88 kmph
- Axel Arrangement - A1A-A1A
- බර - ටොන් 88
- වර්ණය - රතු පැහැය
- ගෙන්වූ එන්ජින් ගණන - 25
Sri Lanka Railways class M1 | |
---|---|
පිරිවිතර | |
Power type | Diesel-electric |
Builder | Brush Bagnall Traction |
Serial number | 3025–3049[1] |
Build date | 1952[1] |
Total produced | 25[1] |
AAR wheel arr. | A1A-A1A |
UIC classification | (A1A)(A1A) |
Gauge | 5 අඩි 6 අඟ (1,676 මිමී) |
Locomotive weight | 88 long tons (89 t; 99 short tons) |
Fuel type | Diesel |
Prime mover | Mirlees JS12VT[2] |
Engine type | 4-stroke diesel[2] |
Cylinders | V12[2] |
Power output | 1,000 hp (746 kW) |
Career | |
Railroad(s) | Ceylon Government Railway » Sri Lanka Railways |
Class | M1 |
Number | 539–563[1] |
First run | 1953–1956 |
Withdrawn | 1983 |
Sources:[3] except where noted |
මෙසේ ගෙන්වන ලද පළමු එන්ජිම අංක 539 ලෙස කාණ්ඩ ගත කරන ලද අතර (සෑම එන්ජිමකම තමන්ට හිමි අංකය එහි බඳෙහි සටහන් කර තිබේ). එම දුම්රිය එන්ජිම සාර්ථක ප්‍රතිඵල දැක්වූ අතර එම වර්ගයේ තවත් එන්ජින් 24ක් මෙරටට ආනයනය කරන ලදී. මෙසේ ගෙන්වූ එන්ජින් 25 (අංක 539 සිට 563 දක්වා) මගින් දුම්රිය එන්ජින් බල ඇණිය මගින් මෙරට දුම්රිය මාර්ග වල ධාවනය වූ බොහෝ දුම්රියන් සඳහා යොදවන ලද අතර විශේෂයෙන් (එන්ජිමේ දෙපසම රියදුරු කුටි සහිත ආකාරය ඇති- dual cabin) මෙම එන්ජින් උඩරට දුම්රියන් සදහාද ඉතා සාර්ථක ලෙස ධාවනයට පවා යොදවන ලදී. උඩරට ධාවනයේදී ඉහත කී විශේෂ පහසුකම නිසා Double-Headed (දුම්රියේ දෙපසට එන්ජින් දෙකක්) ආකාරයට ධාවනය කිරීමේදී එන්ජින් හැරවීමකින් හෝ ගලවා මාරුකිරීමකින් තොරව නැවත ආපසු ධාවනය කිරීමට තිබූ හැකියාව අමතර වාසියක් විය.
මෙසේ මෙරට දුම්රිය සේවයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කල M1 පන්තියේ දුම්රිය එන්ජින් 1953 සිට 1983 දක්වා අඛණ්ඩව වසර 30ක් පමණ කාලයක් ඒවායේ සේවය මෙරට ප්‍රාවාහය කටයුතු වෙනුවෙන් ලබාගෙන ඇති අතර එම දශක තුනකට ආසන්න කාලය තුල අති සාර්ථක එන්ජින් ලෙස බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වු බව කියවේ. කෙසේ වුවද 1984 වසර වන විට එතෙක් ධාවනයට යොදවා තිබුණ මෙම M1 එන්ජින් සියල්ලම ධාවනයෙන් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී. එයට හේතුව වූයේ එවායින් ලබා ගත හැකි උපරිම සේවය ඒ වන විට ලබාගෙන තිබීම නිසා ත්, අලුත් වැඩියාවන් සඳහා අවශ්‍ය අමතර කොටස් සපයා ගැනීමට අපහසු වීමත් නිසා තව දුරටත් නඩත්තු කල නොහැකි තත්වයට පත්වීමෙනි. එබැවින් ඒවා තව දුරටත් ධාවනය කරවීම ලාභදායී නොවු බැවින් එව වර්ගයේ සියලු එන්ජින් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදී.එසේ ධාවනයෙන් ඉවත් කර අත හැර දමන ලද එන්ජින් 25න් මේ වන විට ඉතිරිව නිබෙන්නේ එන්ජින් කිහිපයක් පමණි. ඉතිරි එන්ජින් බොහොමය විවිධ අවස්ථා වලදී පැරණි යකඩ සඳහා කපා අලෙවි කර තිබේ.
වැඩිදුර කියවන්න
සංස්කරණයආශ්රිත
සංස්කරණය- ^ a b c d Hughes 1996, පිටු අංකය: 92.
- ^ a b c උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;d
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ Ravi Fernando (30 August 2001). "The unforgettable 'M1' locomotive". Daily News (Sri Lanka). සම්ප්‍රවේශය 7 November 2013.
{{cite journal}}
: CS1 maint: url-status (link) Also reprinted at gyan.slrfc.org සංරක්ෂණය කළ පිටපත 2013-07-03 at the Wayback Machine