J.C. Bamford Excavators Limited (JCB ලෙස ලොවපුරා ප්‍රචලිත) යනු ඉංග්‍රීසි බහුජාතික සමාගමකි. එහි මූලස්ථානය එංගලන්තයේ ස්ටැෆර්ඩ්ෂයර් හි රොචෙස්ටර් වල පිහිටා ඇත. මෙම සමාගම මගින් ඉදිකිරීම් ක්ෂේත්‍රය, කෘෂිකර්මාන්තය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ බිඳහෙළීමේ ක්‍රියාවලි සඳහා බැකෝ යන්ත්‍ර, එක්ස්කැවේටර්, ට්‍රැක්ටර් සහ ඩීසල් එන්ජින් ඇතුළුව යන්ත්‍රෝපකරණ වර්ග 300 කට අධික ප්‍රමාණයක් නිපදවීම සිදු කරයි. සමාගම සතුව ආසියාව, යුරෝපය, උතුරු අමෙරිකාව සහ දකුණු ඇමෙරිකාව තුළ කර්මාන්තශාලා 22ක් පවතින අතර එහි නිෂ්පාදන ලොව පුරා රටවල් 150 කට වැඩි සංඛ්‍යාවකට අලෙවි කරයි.

J.C. Bamford Excavators Limited
වර්ගයPrivate company
ස්ථාපිතය1945
මූලස්ථානයRocester, Staffordshire, England
ප්‍රධාන පුද්ගලයන්Anthony Bamford, chairman
කර්මාන්තයHeavy equipment
නිෂ්පාදිතයන්Construction, agriculture, waste handling and demolition machinery
ආදායම£2.75 billion (2012)[1]
සේවකයන්Approximately 11,000[2]
වෙබ්අඩවියjcb.com

JCB සමාගම ජෝසෆ් සිරිල් බැම්ෆෝර්ඩ් විසින් 1945 දී ආරම්භ කරන ලදී. JCB යන නම සෑදී ඇත්තේ ඔහුගේ නමේ මුලකුරු වලිනි. මේ දක්වාද එම සමාගමේ හිමිකාරිත්වය බැම්ෆෝර්ඩ් පවුල විසින් දරනු ලබයි. පස්කපන යන්ත්‍ර සහ එක්ස්කැවේටර් හැඳින්වීම සඳහා එක්සත් රාජධානිය, ඉන්දියාව, අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව වැනි රටවල ග්‍රාමීය ලෙස බහුල වශයෙන් "JCB" යන වචනය භාවිත කරනු ලබයි. එනිසාම තවදුරටත් වෙළඳ නාමයක් ලෙස පවතින්නක් වුවද JCB යන වචනය ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයට ද ඇතුළත් වී ඇත.

  1. "JCB mit Rekordergebnis 2011". DEMCO JCB. 24 April 2012. සම්ප්‍රවේශය 24 April 2012.
  2. "Company Information". J C Bamford Excavators Limited. 10 අගෝස්තු 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 සැප්තැම්බර් 2010. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
"https://si.wikipedia.org/w/index.php?title=JCB&oldid=512890" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි