හතරවන විජයබාහු රජ
හතරවන විජයබාහු රජ යනු ක්‍රි.ව. 1270 දි දෙවන පරාක්‍රමබාහු රජතුමාගෙ මරණයෙන් පසු දඹදෙනිය අග නගරය කරගෙන රාජ්‍යත්වයට පත් වූ ඔහුගේ වැඩිමහළු පුත් විජයබාහු කුමාරයා ය. හතරවන විජයබාහු නමින් ප්‍රකට වූ මෙතුමා බෝසත් විජයබාහු නමින් ද හැඳින්වින.
හතරවන විජයබාහු රජ | |
---|---|
දඹදෙනිය රාජධානියේ රජ | |
රාජ්‍ය සමය | 1267/8-1270 |
පූර්වප්‍රාප්තිකයා | දෙවන පරාක්‍රමබාහු රජ |
අනුප්‍රාප්තිකයා | පළමු බුවනෙකබාහු රජ |
මරණය | 1272 ඔක්තොම්බර් දඹදෙණිය, ලංකාව |
දරුවන් | තෙවන පරාක්‍රමබාහු රජ |
වංශය | සිරි සඟ බෝ රාජවංශය |
පියා | දෙවන පරාක්‍රමබාහු රජ |
ආගම | ථෙරවාද |
එහෙත් මෙම රජතුමාට බලයේ සිටිය හැකි වුනේ දෙවසරක් පමණි. මිත්ත නම් සෙන්පතියෙක් ක්‍රි.ව. 1272 දී රජ ගෙදර මෙහෙකරුවෙකුට අල්ලස් දී රජු මරා දමා තෙමේ රජ විය. මිත්ත සෙන්පතියාට සිහසුනට උරුමයක් නොවූ අතර වැටුප් ප්‍රසාද දී හමුදාපතීන් පක්ෂ කරවාගෙන තමන්ට තර්ජනයක් විය හැකි බෝසත් විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු ආදිපාදයන් මැරවීමට චරපුරුෂයන් යෙදවීය.[1]
මෙකල රාජ සේවයේ සිටි විදේශීය හමුදාංකයේ සිටි ආර්ය භටයන් මිත්තට අවනත නොවුණු අතර ඔවුන්ගේ නායක ඨකුරක සෙන්පතියා මිත්තව මරා දමා තමා එය සිදුකලේ සිහසුනට උරුමකම් කියන බුවනෙකබාහු ආදිපාදගේ උපදෙස් පරිදි බව සිංහල සෙන්පතියන්ට පැහැදිලි කර ඔවුන්ද පක්ෂ කොටගෙන බුවනෙකබාහු ආදිපාදයන් කැඳවා රජ කරවීය. බුවනෙකබාහු කුමරා පළමු බුවනෙකබාහු රජ නමින් දඹදෙනිය අග නගරය කරගෙන රජ විය. ඒත් ටික කලෙකින් පළමු බුවනෙකබාහු රජතුමා තම අග නගරය වශයෙන් යාපහුව තෝරා ගත්තේය.
සබැඳි පිටු
සංස්කරණයයොමු
සංස්කරණය- ^ "මහාවංශය - හතරවන විජයබාහු රජු". www.sundaytimes.lk. සම්ප්‍රවේශය 2023-07-16.
බාහිර සබැඳි
සංස්කරණයහතරවන විජයබාහු රජ මරණය: 1270
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා දෙවන පරාක්‍රමබාහු රජ |
දඹදෙණියේ රජ 1267/8–1270 |
අනුප්‍රාප්තිකයා පළමු බුවනෙකබාහු රජ |