II වැනි සංකිලි රජු
සංකිලි II ( දෙමළ: சங்கிலி) හෙවත් සංකිලි කුමරන් යාපනයේ 12 වන මෙන් ම අවසාන පාලකයා වේ.
II වන සංකිලි රජු | |||||
---|---|---|---|---|---|
යාපනයේ රජු | |||||
![]() යාපනයේ ඇති සංකිලි රජුගේ පිළිරුව | |||||
රාජ්‍ය සමය | 1617-1619 | ||||
පූර්වප්‍රාප්තිකයා | එතිරිමාන චින්කම්( VIII වන පරරාසසේකරම් ) | ||||
අනුප්‍රාප්තිකයා | පෘතුගීසි පාලනය | ||||
මරණය | 1623 ගෝවා | ||||
| |||||
දෙමළ | சங்கிலி | ||||
සිංහල | සංකිලි කුමරන් | ||||
රාජවංශය | ආර්ය චක්‍රවර්ති පරපුර | ||||
පියා | පෙරියපිල්ලෛ රජු(Periyapillai) | ||||
මව | නොදනී |
ළමා කාලය
සංස්කරණයII සංකිලි රජුගේ මුල් නම සංකිලි කුමාරන් වේ. ඔහු VIII වන පරරාසසේකරම් රජුගේ බෑණා කෙනෙකු වේ.
රජකම ලබා ගැනීම
සංස්කරණය1617 දී VIII වන පරරාසසේකරම් මිය ගිය පසු ඔහුගේ පුත් කුමරු රජ විය. රජ වන විට ඔහු අවුරුදු 3 ක් පමණ වූ නිසා රාජ්‍ය පාලනය කළේ පරරාසසේකරම්ගේ සහෝදර අරිසකේසරි පණ්ඩාර ය. මෙනිසා සංකිලි කුමරු කැරලි ගසා පරරාසසේකරම්ගේ පුතා මරා රජ විය. ඒ අතර ඔහු තන්ජෝරයෙන් ආධාර ලබාගෙන යාපනයේ කිතුනුවන් තම යටතට ගත්තේ ය.
පෘතුගීසින්ට තර්ජන
සංස්කරණයකලක පටන් මන්නාරම අවට මුහුදේ මලබාර නෞකා යාත්‍රා කළේ ය. එම යාත්‍රා පෘතුගීසි නෞකවලට තර්ජනය කළහ. ඒ අතර සංකිලි රජු තන්ජෝරයේ හා බෙතාවියේ ලන්දේසීන්ගෙන්ද සහයෝගය ගෙන කෙමෙන් කෙමෙන් ස්වාධීන රාජ්‍යයක් බිහි කිරීමට කටයුතු කරමින් සිටියේ ය. මෙම කරුණු යුද්ධයක් ඇති වීමට මං විවර කළේ ය.ඒ අනුව ගෝවේ අධිරාජයා ලංකාවේ ආණ්ඩුකාරවරයාට යාපනය යටත් කර ගන්නා ලෙස නියෝග කළේ ය.
ආණ්ඩුකාර අණ
සංස්කරණයමේ නියෝගය බාර ගත් ආණ්ඩුකාර කොන්තස්තිනෝ ද සා නොරොඤ්ඤො පිලිප් ඔලිවෙයිරා යටතේ යුද හමුදාවක් පිටත් කළේ සංකිලි රජු යටත් වන තුරු හෝ මිය යන තුරු සටන ගෙන යා යුතු ය යන කොන්දේසිය දැඩි ව ඉදිරිපත් කරමිනි. ඒ අතර මන්නාරම සමාන්තයාට යුද හමුදාවක් යැවුවේ මලබාර නෞකා පලවා හැරීමට ය.
පෘතුගීසින්ට පුදුමයක් හා වාසියක්
සංස්කරණය1619 මැද භාගයේ සිට අගෝස්තු මස වන තෙක් පහර දුන්නත් ඉතා දක්ෂ ලෙස සටන් කළ මලබාර ජාතිකයෝ අතින් පෘතුගීසි හමුදාවන් සුණුවිසුණු වූහ. නමුත් පුදුමයට මලබාර ජාතිකයෝ අගෝස්තු මස අවසන දී නැවත රටින් පිට වූහ. ඒ වර්ෂා කාලය එළඹීම නිසා යැයි සඳහනි. මෙයින් පෘතුගීසීන්ට අමතර වාසියක් සැලසුණි.
යාපන රාජධානියේ අවසානය
සංස්කරණයපිලිප් ඔලිවෙයිරාගේ හමුදාවේ ගමන නැවැත්වීමට කොතෙක් උත්සහ කළ ද එය ඉටු කර ගැනීමට සංකිලි රජුට නොහැකි විය. පසුව රජු සාමකාමී ව ගැටලුව නිරාකරණයට ගිය ද එය ද සාර්ථක නොවී ය. ඒ අනුව සටන යාපනයේ දී ඇරඹුණි. සංකිලි රජුගේ හමුදාව සටනින් පැරදිණි. හනික තම පවුලේ සාමාජිකයෝ සමග ඔහු දකුණු ඉන්දියාවට පලා යමින් සිටිය ද ඔලිවෙයිරාට හසු වූහ. ඒ අනුව ඔවුන් ගෝවට පිටුවහල් කළ ඔලිවෙයිරා යාපන සටන ජයගත්තේ ය. එත් සමග ම පාලකයන් 12 දෙනෙක් පාලනය කළ යාපනය රාජධානියේ අවසානය සටහන් විය. සංකිලි රජු බෞතීස්ම කළ දොන් පිලිප් ලෙස නම වෙනස් කළේ ය. 1623 දී ඔහු ව උල හිඳුවා මරා දමන ලදී.