මිනිසාගේ ආහාර ජීරණ පද්ධතිය

(Human digestive system වෙතින් යළි-යොමු කරන ලදි)

ආහාර අධිග්‍රහණය කරනු ලබනුයේත්, එම ආහාර ජීරණය කරනු ලබනුයේත්, ජීරණයේ අන්ත ඵල දේහ පටක තුළට අවශෝෂණය කරනු ලබනුයේත්, ජීරණය කළ නොහැකි ද්‍රව්‍ය බැහැර කෙරෙනුයේත් ආහාර ජීරණය පද්ධතිය මගින් වේ. මිනිසාගේ ආහාර ජීරණය පද්ධතියට ආහාර මාර්ගයත්, ඒ ආශ්‍රිත ග්‍රන්ථීනුත් අයත් වේ. මිනිස් ආහාර මාර්ග පද්ධතියේ ප්‍රධාන කොටස් වනුයේ මුඛය, ග්‍රසනිකාව, අන්නස්‍රෝතය, ආමාශය, ක්ෂුදාන්ත්‍රතය, මහාන්ත්‍රය, ගුද මාර්ගය හා ගුදය වේ. මිනිස් ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත ග්‍රන්ථි වනුයේ ඛේට ග්‍රන්ථි, අග්න්‍යාශය, අක්මාව වේ.

ආහාර ජීර්ණ පද්ධතිය

ආහාර මාර්ගයට අයත් ප්‍රධාන අවයව

සංස්කරණය

මුඛ කුහරය, මුඛ විවරය මගින් බාහිරයට විවෘත වේ. ඇරිය වැසිය හැකි විවරයකි. ඇරිය විට ඕවලාකාර ය. මුඛ විවරය, තොල් වලින් මායිම් වී ඇත. තොල් වල ඇත්තේ ස්ථරීභූත අපිච්ඡදයයි. මුඛය විවෘත ව ඇති විටෙක දී මුඛ විවරය තුළින් මුඛ කුහරය දර්ශනය වේ. මුඛ කුහරය, උත්තල ව තල්ලෙන් ද අධර ව දිවෙන් ද පාර්ශ්වික ව කම්මුල් වලින් ද මායිම් වී ඇත. තල්ල මගින් මුඛ කුහරය නාස් මාර්ගයෙන් වෙන් කරයි. තල්ලේ පූර්ව ප්‍රදේශය දැඩි තල්ල ලෙස ද තල්ලේ අපර ප්‍රදේශය මෘදු තල්ල ලෙස ද හඳුන්වයි. දැඩි තල්ල අස්ථිමයයි. මෘදු තල්ල පේශිමයයි. මෘදු තල්ලේ නිදහස් අපර දාරයේ මධ්‍යයෙන් කුඩා පේශිමය ව්‍යුහයක් හටගෙන ඇත. එය කාකලිකය නම් වේ. කම්මුල් ආස්තරනය වී ඇත්තේ ස්ථරීභූත අපිච්ඡදයෙනි. මුඛ කුහරයේ පත්ලේ පිහිටා ඇති දිව, කංකාල පේශි වලින් තැනී ඇත. දිව ආස්තරණය වී ඇත්තේ ද ස්ථරීභූත අපිච්ඡදයෙනි. දිවෙහි තැනින් තැන රස සංවේදනයට ඉවහල් වන රසාංකුර පිහිටා ඇත. දිවෙහි ප්‍රධාන කාර්යයන් මෙලෙස දැක්විය හැක. රස සංවේදනයට වැදගත් වේ. කථනය‍ට වැදගත් වේ. මුඛ කුහරයේ දී ආහාර පිණ්ඩ ලෙස සකස් කිරීමට වැදගත් වේ. ආහාර ගිලීමට වැදගත් වේ. මුඛ කුහරයේ දී ආහාර මිශ්‍ර කිරීම‍ට වැදගත් වේ. දිවෙන් දැනගත හැකි ප්‍රධාන රස වර්ග 4කි. ලුණු රස දිවේ අග්‍රස්ථයෙන් ද ඇඹුල් රස දිවේ පැති වලින් ද තිත්ත රස දිවේ පාදස්ථයෙන් ද පැණි රස දිවේ අග්‍රස්ථයට මදක් අපරයෙන් ද දැනගත හැක.

ග්‍රසනිකාව

සංස්කරණය

අන්නස්‍රොතයත් ශ්වාසනාලයත් එකට හමුවන උගුරේ ඇති පොදු කුටීරය ග්‍රසනිකාවයි.ග්‍රසනිකාවේ ශ්වාසනාලය ආරම්භවන තැන අපිජිහ්විකාව නමින් හදුන්වන අවයවයක් පවතී.මෙම අවයවය ශ්වසනය සිදුවන අවස්තාවලදී ශ්වාසනාලය විවෘතව තබන අතර ආහාර ගිලීමේදී ශ්වාසනාලය ආවෘත කරනු ලබයි.එමගින් ආහාර ගුලිය ශ්වසන මාර්ගයට නොගොස් අන්නස්‍රොතයට හරවා යවයි.ඇතැම්විට ග්‍රසනිකාව තුල ආහාර හිරවීමක් සිදුවුව හොත් දිගටම අපිජිහ්විකාව වැසී පවතී.එවිට හුස්ම ගැනීමට අපහසු වීමෙන් මරණය පවා සිදුවීමට හේතුවිය හැකිය.

අන්නස්‍රොතය

සංස්කරණය

අන්නස්‍රෝත්‍රය යනු නලාකාර අවයවයකි.පේශිමය අවයවයක් බැවින් හැකිළිමට හා දිගහැරීමට හැකිය.මෙම ඇදෙන සුළු අවයවයක්වන අන්නස්‍රෝත්‍රය හරහා ආහාර මාර්ග ගමන් කරන්නේ ක්‍රමාකුංචනය නම් ක්‍රමවේදය මගිනි.අන්නස්‍රෝත්‍රයේ පේශි හැකිළිම හා දිගහැරීම මගින් ආහාර ගුලිය ආමාශය කරා ගමන් කරවයි.

 
ආමාශයෙහි ප්‍රදේශ

ජඨර-ආන්ත්‍රික පථයෙහි සහ ජීරණ පද්ධතියෙහි ප්‍රධාන අවයවය ආමාශය වෙයි. එය නිත්‍ය වශයෙන් ඉංග්‍රීසි J අකුර හැඩැති අවයවයක් වන අතර ඉහළ කෙළවරෙහිදී අන්නස්‍රෝතයටද පහළ කෙළවරෙහිදී ග්‍රහණියටද සම්බන්ධ වෙයි. ආමාශයෙහි නිපැයෙණ ආමාශයික අම්ලය (අනුපචාරමත් ලෙසින් ආමාශයික යුෂය), ජීරණ ක්‍රියාවලියෙහිදී අත්‍යවශ්‍ය භූමිකාවක් ඉටුකරන අතර, ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ සෝඩියම් ක්ලෝරයිඩ් වෙතිනි. ආමාශයද පේශිමය අවයවයකි එය දිගහැරීමට හා හැකිලීමට ලක්විය හැකිය.මෙය පෙනුමෙන් මල්ලක හැඩයක් ගනී.අන්නස්‍රොතය හරහා ආමාශයට වැටෙන ආහාර ගුලි ආමාශයේදී ආමලසය ලෙස විද්‍යාත්මකව හදුන්වයි.ආමාශයේදී ආමාශ යුෂ නමින් හදුන්වන හයිඩ්‍රොක්ලෝරයිඩ්(HCl) හා පෙප්සීන් යන රසායනික ද්‍රාවන වෑස්සේ.හයිඩොක්ලෝරයිඩ් යනු ඉතා ප්‍රබල අම්ලයකි.මෙම අම්ල මගින් පෙප්සීන් සක්‍රීය තත්වයට පත්කරයි.මෙම සක්‍රීය පෙප්සීන් ආමලසයේ අඩංගු ප්‍රෝටීන හා ක්‍රියාත්මකවී පොලිපෙප්ටයිස් සාදනු ලබයි.ආමාශය තුල ආහාර හෙවත් ආමලසය පැය තුනක් පමණ රදවාගනු ලබයි.පසුව ආමලසයේ අඩංගු ජීර්ණය නොවූ ප්‍රෝටීන කොටස් හා වෙනත් සංඝටක අඩංගු ආමලසය කුඩා අන්ත්‍රයට ඇතුළුවේ.

ක්ෂුද්‍රාන්තය

සංස්කරණය

ක්ෂුද්‍රාන්තය හෙවත් කුඩා බඩවැල නමින් හදුන්වන මෙම අවයවය ඉතා දිග අවයවයකි.ආසන්න වශයෙන් මෙය මීටර 7 පමණ දිගින් යුක්තය.ක්ෂුද්‍රාන්තයේ මුල් කොටස ග්‍රහණිය ලෙස හදුන්වයි.මෙය C අකුරේ හැඩය ගනී.ආහර ග්‍රහණිය තුල පවතිනවිට අග්න්‍යාශය මගින් වෑස්සෙන අග්න්‍යාය යුෂය ආහාර තුලට වෑස්සේ.මෙම අග්‍න්‍යාශ යුෂය තුල ට්‍රිප්සීන්,ඇමයිලේස් හා ලයිපේස් යන එන්සයිම අඩංගුවේ.ආහාර ග්‍රහණිය තුල තිබියදීම අක්මාවේ නිපදවා පිත්තාශයේ ගබඩාකර ඇති පිත නම්න් හදුන්වන යුෂ ආහාර කුලට එක්වේ.ග්‍රහණියේදී ප්‍රධාන වශයෙන් ලිපිඩ ජීර්ණය සිදුවේ.ආහාරයේ ඇති ලිපිඩ හා පිත එක්වී ලිපිඩ බිඳිති බවට පත්වේ.මෙම ක්‍රියාවලිය තෛලෝදකරණය ලෙස හඳුන්වයි.

ක්ෂුද්‍රාන්ත බිත්ති තුලින්ද මෝල්ටේස්,ලැක්ටේස්,සුක්රේස් සහ පෙප්ටිඩේස් යන එන්සයිම අඩංගු ස්‍රාවයන් වෑස්සේ.ආහාර ජීර්ණ ක්‍රියාවලියේ අවසාන කොටස සිදු වන්නේ ක්ෂ්‍රද්‍රාන්තයේදීය.අග්න්‍යාෂයෙන් කුඩා අන්ත්‍රය වෙත ට්‍රිප්සීන්,ඇමයිලේස්,ලයිපේස් යන එන්සයිම වෑස්සේ ට්‍රිප්සීන් ප්‍රෝටීන් සමග ක්‍රියාකර පොලිපෙප්ටයිඩ් සාදයි.ඇමයිලේස් පිෂ්ටය සමග ප්‍රතික්‍රියාකර මෝල්ටෝස් සාදයි.ලයිපේස් ලිපිඩ සමග ක්‍රියාකර මේද අම්ල හා ග්ලිසරෝල් සාදයි.මේවා කුඩා අන්ත්‍රයේදී තවදුරටත් ජීර්ණයවේ.ඒ සදහා කුඩා අන්ත්‍රයේ ආත්‍රික බිත්ති තුලින් වෑස්සෙන මෝල්ටේස්,ලැක්ටේස්,සුක්රේස් සහ පෙප්ටිඩේස් එන්සයිම දායකවේ.මෙහිදී මොල්ටේස් එන්සයිමය මෝල්ටොස් සමග ක්‍රියාකර ග්ලූකෝස් සාදයි.සුක්රේස් එන්සයිමය සුක්රෝස් සමග ක්‍රියාකර ග්ලූකෝස් හා ෆ්රක්ටෝස් සාදයි.ලැක්ටේස් එන්සයිමය ලැක්ටොස් සමග ක්‍රියාකර ග්ලූකෝස් හා ගැලැක්ටෝස් සාදයි.පෙප්ටිඩේන් එන්සයිමය පොලිපෙප්ටයිඩ් සමග ක්‍රියාකර ඇමයිනෝ අම්ල සාදයි.

පසුව මෙම ජීර්ණයවූ ආහාර සිරුරට අවශෝෂණය කරගනු ලබන්නේද කුඩා බඩවැලේදීමය.මෙම ඉතා දිගින් වැඩිවීම නිසා ආහාර අව්ශෝෂනය පහසු කරවයි.ක්ෂුද්‍රාන්ත අභ්‍යන්තරයේ වෘත්තාකාර නැවුම් රැසක් ඇත.ක්ෂුද්‍රාන්ත අභ්‍යන්තරයේ ඇති කුඩා නෙරුම් අංගුලිකා නමින් හදුන්වයි.මෙම අංගුලිකා තුල ක්ෂුද්‍ර අංගුලිකාද පිහිටා ඇත.මෙම අංගුලිකා ඉතා තුනීයට පිහිටා ඇති අතර ඒ තුල කේෂ නාලිකා පවතී.ක්ෂුද්‍රාන්තයේ පවතින ජීර්ණ ඵල කේෂ නාලිකා මගින් රුධිරයට අවශෝෂණය වෙයි.මේද අම්ල හා ග්ලිසරෝල් කේෂ නාලිකා හරහා පයෝපර නාලිකාවලටත් පසුව ඒවා වසා වාහිනියටත් වසා වාහිනියෙන් යලි රුධිර සංසරණ පද්ධතියටත් එකතුවේ.රුධිර සංසරණ පද්ධතියට අවශෝෂණයවූ ග්ලූකෝස් වැඩිපුර ඇතිවිට අතිරික්තය ග්ලයිකොජන් ලෙස අක්මාවේ තැන්පත්වේ.අව්ශෝෂණය නොවූ ජීර්ණ ඵල මහා අන්ත්‍රයට ගමන් කරයි.

මහා අන්ත්‍රය

සංස්කරණය

මහා අන්ත්‍රය මීටර් 1.5 පමණ දිගින් යුත් නලාකාර අවයවයකි.මෙහි මුල් කොටස උණ්ඩුකය ලෙසින් හදුන්වයි.උණ්ඩුකයේ පසු කෙළවරේ උණ්ඩුක පුච්චය නම් අවයවය පවතී.මිනිසාගේ උණ්ඩුක පුච්චය ඉතා කුඩා වන අතර පරිණාමයේ මුල් අවධියේදී මිනිසා රළු ආහාර ගත් බැවින් විශාලව පැවතී ඇත.මහා අන්ත්‍රයේ ප්‍රධාන කෘත්‍ය වන්නේ ජීර්ණ ඵල තුල අඩංගු ජලය අවශෝෂණය කරගැනීමයි.ජලය අවශෝෂණය කරගැනීමෙන් පසු මෙම අපද්‍රව්‍ය මළ නමින් හදුන්වයි.මෙම මළ මහා අන්ත්‍රයේ කෙළවරේ පිහිටි ගුදය තුලට ඇතුළු වේ.ගුදය කොටස තරමක් පළල් විවරයකි.මළ ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම ගුදය තුලින් සිදුවේ.

ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝග

සංස්කරණය

අර්ශස්

සංස්කරණය

මෙය වර්තමානයේ බහුලව දැකිය හැකි රෝගයකි. මෙහිදී ගුද මාර්ගයේ පිහිටි ශිරා ඉදිමී මොලොක් ගෙඩි මතුවේ. මලපහ කිරීමේදී ගුද මාර්ගය ආශ්‍රිතව දැඩි වේදනාවක් මෙම ගෙඩි නිසා හටගනී. මස් මාංශ වැඩියෙන් ආහාරයට ගන්නා පුද්ගලයින් අතර මෙය බහුලව දැකිය හැක. මෙයට පිළියම් ලෙස තන්තු බහුල වැටකොළු, කොහිල ආදිය ආහාරයට ගත හැක. අර්ශස් සුව කළ හැක්කේ එම ගෙඩි කපා ඉවත් කර හෝ ගෙඩිය තුලට බෙහෙත් විදීම මගිනි.


මල බද්ධය

සංස්කරණය

මහ බඩවැල තුළ වැඩි කාලයක් මළපහ රැඳී තිබීම නිසා ඒවායේ ජලය සිරුරට අවශෝෂණය වී මළපහ ඝන වේ. මෙසේ ඝන වීම නිසා මළ බද්දය ඇතිවේ. මළබද්ධය සඳහා හොඳම ප්‍රතිකර්ම වන්නේ වැඩිපුර ජලය පානය කිරීම හා තන්තු අඩංගු වැටකොළු, කොහිල ආදිය ආහාරයට ගැනීමයි.

දත් දිරායාම

සංස්කරණය

දත් දිරා යාම සිදුවන්නේ බැක්ටීරියා නිසා ඇතිවන අම්ල මගිනි. මෙම බැක්ටීරියා සෑදීමට ප්‍රධාන හේතු වන්නේ දත් අතර රැඳී ඇති ආහාර කොටස් වේ. දත් දිරායාමේදී මුලින් විනාශ වන්නේ දතේ එනමලය යි. අවසානයේ කල්කය ද විනාශ වූ පසු දත ගලවා දැමීමට සිදු විය හැක.

මේවාත් බලන්න

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය

බාහිර සබැඳුම්

සංස්කරණය