ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාව නමැති ස්වෛරීය රාජ්‍යයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සැප්තැම්බර 7 වන දිනදී ජාතික රාජ්‍ය සභාව විසින් එය ප්‍රඥාපනය කරණලදී. මෙය ජනරජයක් වූ ශ්‍රී ලංකාවේ දෙවන ව්‍යවස්ථාව වන අතර, ලංකාව නමින් 1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසුව එහි තුන්වන ව්‍යවස්ථාව වෙයි . 2015 අප්‍රියෙල් වන විට එය 19 වතාවක් විධිමත් ලෙසින් සංශෝධනය කොට ඇත.1978 ව්‍යවස්ථාව මගින් බොහෝ දුරට ගෝලිස්ට් ආණ්ඩුක්‍රමයක් පිළිඹිබු කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඉතිහාසය
සංස්කරණයහයෙන්-පහක බලයක් සහිතව එක්සත් ජාතික පක්ෂය (එජාප) 1977 ජූලි මසදී බලයට පත්වූ විට, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දෙවන සංශෝධනය 1977 ඔක්තොම්බර් 4 දිනදී සම්මත කර ගන්නා ලද්දේ විධායක ජනාධිපති ධූරයක් පිහිටුවීමට වන අතර, එය යටතේ (එකල අග්‍රාමාත්‍යවරයා) ජේ. ආර්. ජයවර්ධන 1978 පෙබරවාරි 4 දිනදී පළමු විධායක ජනාධිපතිවරයා බවට පත් විය. 1977 මහා මැතිවරණයට පෙර එජාප විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා මහජන වරමක් පැතීය. ඒ අනුව තේරීම් කමිටුවක් පත් කෙරුණේ පවත්නා ව්‍යවස්ථාව සංශෝධනය කල හැකි අයුරු විමසා බැලීමටය.
1978 සැප්තැම්බර 7 දිනදී ප්‍රඥාපනය කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්, ඒක-මණ්ඩල පාර්ලිමේන්තුවක් සහ විධායක ජනාධිපති තනතුරක් ලබා දුනි. ජනාධිපතිවරයාගේ ධූර කාලසීමාව සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය වන දෙකම වසර හයක් බවට නියම කෙරිණි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මැතිවරණ සඳහා බහු-මන්ත්‍රී සමානුපාතික නියෝජන ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබූ අතර, ඒ අනුව පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 196 දෙනෙකුගෙන් (පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ දහහතරවන සංශෝධනයට අනුව එය 225 දක්වා වැඩි කෙරිණි) සමන්විත විය යුතු විය.
විධායක ජනාධිපතා තනතුර
සංස්කරණය1972 ව්‍යවස්ථාවට අනුව ඇති වූ ජනාධිපති තනතුර වෙනුවට 1978 ව්‍යවස්ථාවේදී පූර්ණ බලතල හිමි ජනාධිපති තනතුරක් ඇති විය.ජනපතිට හිමි බලතල
- පාර්ලිමේන්තුව කැදවීම
- පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම
- අගමැති පත්කිරීම
- ඇමති මණ්ඩලය පත් කිරීම
- වීෂය භාර අමාත්‍යවරු පත් කිරීම