2019 ඉන්දු–පාකිස්තානු අවුල

2019 ඉන්දු–පාකිස්තානු අවුල යනු මතභේදකාරී කාශ්මීර ප්‍රදේශයෙහි සහ එහි අසල්වැසි පළාත් තුල දැනට සිදුවෙමින් පවතින හමුදාමය අර්බුදයකි. ජම්මු සහ කාශ්මීරය වෙතින් පැමිණි සටන්කාමියෙකු විසින් සිදුකල මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීමකින්, 2019 පෙබරවාරි 14 දිනදී, ඉන්දියානු මධ්‍යම උප-සේවා පොලිස් බලකායෙහි සාමාජීකයන් 40 දෙනෙකු මිය යෑමෙහි සිද්ධිය මත මූලික වශයෙන් පදනම්ව මෙම අවුල ඇරඹී ඇත. පකිස්තානයෙහි-පදනම්ව සිටින ජයීෂ්-ඊ-මොහම්මද් නමැති සටන්කාමී සංවිධානය විසින් මෙම ප්‍රහාරයෙහි වගකීම භාරගන්නා ලදි. පකිස්තානු රජය විසින් ප්‍රහාරය හෙලා දුටු අතර, එය හා කිසිදු සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කලේය. [1]

මෙයට ප්‍රතිචාරයක් වශයෙන්, ඉන්දියානු ගුවන් හමුදාව විසින් පෙබරවාරි 26 දිනදී කාශ්මීරයෙහි පාලන රේඛාව (එල්ඕසී) ඔබ්බෙහි ගුවන් ප්‍රහාර එල්ල කරන ලද අතර, 1971 ඉන්දු-පාකිස්තානු යුද්ධයට අනතුරුව සිදුවූ පළමුවන එවන් ගුවන් ප්‍රහාර විය. ඉන්දියානු රජය ප්‍රකාශ කලේ එය විසින් ත්‍රස්තවාදී පුහුණු කඳවුරක් ඉලක්ක කොට ප්‍රහාර සිදු කල බවත් එය විසින් සටන්කාමීන් කිහිප දෙනෙකු මරා දැමුණු බවත්ය. [2][3] ඉලක්ක ගත ප්‍රදේශයෙහි දේශිය නිවැසියන් විසින් සහ [4] පකිස්තානු හමුදාවන් විසින් මෙම හිමිකම් පෑම ප්‍රතික්ෂේප කල අතර, එය විසින් කියාපෑවේ ආපාතිකයන් කිසිවෙක් නොමැති අතර යටිතල ව්‍යුහයන් වෙතට කිසිදු හානියක් සිදු නොවූ බවයි.[5]

පෙබරවාරි 26 සහ 27 දින වලදී, ඉන්දියාව සහ පකිස්තානය විසින් එල්ඕසී හරහා වෙඩි හුවමාරු කර ගත්හ. සුළු සටන් වලදී ඉන්දියානු සොල්දාදුවන් දහ දෙනෙකු තුවාල ලදහ.[6] ෂෙල් වෙඩි ප්‍රහාර වලින් පාකිස්තානු සිවිල් වැසියන් සතර දෙනෙකු මිය ගියහ.[7]

පෙබරවාරි 27 දිනදී, පාකිස්තානය විසින් ඉන්දියානු-පරිපාලනය යටතේ පවතින කාශ්මීරය තුල ගුවන් ප්‍රහාර එල්ල කල අතර කිසිදු ආපාතිකයන් ‌හෝ හානියක් හෝ එයින් සිදු නොවීය.[8] පාකිස්තානය කියා සිටියේ පාකිස්තානු ගුවන් අවකාශය තුලදී ඉන්දියානු ජෙට් යානා දෙකක් බිම හෙලූ අතර ගුවන් නියමුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවයි. ඉන්දියාව පැවසුවේ මිග්-21 යානා එකක් පමණක් අහිමි වූ බවත් එහි නියමුවා වහා නිදහස් කල යුතු බවත්ය. පාකිස්තානු ඒෆ්-16 යානාවක් බිම හෙලූ බවට ඉන්දියාව විසින් හිමිකම් පෑ නමුදු, පාකිස්තානය විසින් එය නිෂ්ප්‍රභා කෙරිණි. එක් ඉන්දියානු නියමුවෙක්, අභිනන්දන් වර්තනාන්, පමණක් අත්අඩංගුවෙහි පසුවන බව පාකිස්තානය විසින් පසුව පැහැදිලි කර සිටි අතර, පසුව එනම් මාර්තු 1 දිනදී ඔහු නිදහස් කෙරිණි.[9]

මූලාශ්‍ර සංස්කරණය

  1. "ඔන් කශ්මීර් ඇටෑක්, ෂා මහ්මූඩ් කුරේෂි සේස් 'වයලන්ස් ඊස් නොට් ගවන්ට්ස් පොලිසි'". DAWN.COM. 16 පෙබරවාරි2019. {{cite web}}: Check date values in: |date= (help)
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; mea-balakot නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. ජොආනා ස්ලේටර්, පැමෙලා කොන්ස්ටබ්ල් (27 පෙබරවාරි 2019). "පකිස්තාන් කැප්චර්ස් ඉන්ඩියන් පයිලට් ආෆ්ටර් ෂූටිං ඩවුන් ඒයාර්ක්‍රාෆ්ට්, ඒස්කලේටිං හොස්ටිලිටීස්" (ඉංග්‍රීසි බසින්). ද වොෂිංටන් පෝස්ට්.
  4. "පාකිස්තානී විලේජර්ස් සේ වන් පර්සන් වූන්ඩඩ් ඉන් ඉන්ඩියන් එයාර් ස්ට්‍රයික්" (en බසින්). රොයිටර්ස්. 2019-02-26. https://in.reuters.com/article/india-kashmir-pakistan-villagers-idINKCN1QF0PC. 
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; BBC26Feb නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; tense නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. නකාෂ්, ටරීක් (27 පෙබරවාරි 2019). "4 ඒජේකේ සිවිලියන්ස් ඩෙඩ්, 11 වූන්ඩඩ් ඉන් in 'ඉන්ඩිස්ක්‍රිමිනේට්' ඉන්ඩියන් ෂෙලිං අක්‍රෝස් එල්ඕසී". DAWN.COM. සම්ප්‍රවේශය 27 පෙබරවාරි 2019.
  8. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; indiatoday නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Captured නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි