කාශ්මීර අර්බුදය
භූ දේශපාලනික වශයෙන් දකුණු ආසියානු කලාපය තුළ ව්‍යාප්ත වූ ගැටුමක් ලෙස කාශ්මීර අර්බුදය හැඳින්විය හැකි ය. මෙම ගැටුමට සම්බන්ධ ප්‍රධාන පාර්ශවකාර රාජ්‍ය දෙක වන්නේ ඉන්දියාව සහ පකිස්ථානය යි. ජම්මු කාශ්මීර් නැමැති ප්‍රදේශය සම්බන්ධයෙන් මෙම රාජ්‍ය දෙකම සමාන හිමිකම් ප්‍රකාශ කිරීම අර්බුදයට මුල් විය.
කාශ්මීර අර්බුදයට හේතු වු ජම්මු කාශ්මීර් ප්‍රදේශය බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාව යටත්කරගනු ලබන අවධියේදී "කුමාර රාජ්‍යක්" ලෙස පැවතුනි. මෙම ප්‍රදේශය බ්‍රිතාන්‍යයන් යටතට පත් වුයේ එහි සිටි සික් ජාතික පාලකයා පරාජය කිරීමෙනි. ඉන්දයානු නිදහස් අරගලයේ දී මුස්ලිම් ලීගයේ නායකත්වය ගත්මොහමඩ් අලි ජින්නා විසින් පකිස්ථානය යනුවෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1947 ඉදිරිපත් කල ස්වාධීනතා පනත යටතේ ඉන්දියාව දෙකඩ කරමින් පකිස්ථානය හා ඉන්දියාව යනුවෙන් නිදහස් රාජ්‍ය දෙකක් බිහි විය.
ඉන්දියාවට නිදහස ලැබීමට පෙර පකිස්ථාන් ප්‍රදේශ ඉන්දියානු ප්‍රදේශ වලට අයත් විය. මෙම ප්‍රදේශ තුල "කුමාර රාජ්‍ය" නැමැති ස්වාධීන රාජ්‍ය ගනනාවක් දක්නට ලැබුණි. බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාවට නිදහස ප්‍රදානය කිරීමේදී මෙම කුමාර රාජ්‍යයන්ට තමන් කුමන රාජ්‍ය සමග සම්බන්ධ වනවාද? යන්න තීරණය කිරීමේ අවස්ථාව ලබාදී තිබුණි. බොහෝ කුමාර රාජ්‍ය ඉන්දියාව සමග ද ඇතැම් කුමාර රාජ්‍ය පකිස්ථානය සමග ද එක් විය. නමුත් කාශ්මීරය තවදුරටත් ස්වාධීනව සිටියේය. මෙයට ප්‍රධාන හේතුව වූයේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බහුතරය මුස්ලිම් වීමත් එහි පාලනය හරිසින් නැමැති හින්දු මහාරාජා වරයෙකු විසින් සිදු කිරීමයි. මෙම පාලකයා ඉන්දියානු රජය සමග සබඳතා පැවැත්වූ නමුත් මුස්ලිම් බහුතරයකගේ ඉල්ලීම වූ පකිස්ථානය සමග එකතුවීම පිළිබඳ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. මෙම අර්බුදය නිසා කාශ්මීරය පිළිබඳ ස්වාධීන අදහසක් ඉදිරිපත් කිරීමට නොහැකි විය.
හින්දු මහාරාජාවරයාගේ පාලන කාලය තුළ මුස්ලිම් ජනතාවට කළ අසාධාරණකම් නිසාත්, මුස්ලිම් බහුතරය ජීවත් වූ "පූනැක්" ප්‍රදේශයේ මුස්ලිම් වරු පකිස්ථානයට එක්වීමට සහාය පලකරමින් මහාරාජාට විරුද්ධව කැරළි ගැසීමත් නිසා ජම්මු කාශ්මීර් ප්‍රදේශය තුළ නොසන්සුන්තා ක්‍රමයෙන් උත්සන්න වෙමින්අර්බුදකාරී තත්වයක් උද්ගතවිය. මෙම අර්බුදකාරී තත්වය තුළ මධ්‍ය කාශ්මීර ප්‍රදේශයේ සිටි ඉන්දියානු හමුදාව අත්හැර ගිය මුස්ලිම් වරු "අසාඩ් කාශ්මීර හමුදාව"නමින් හමුදාවක් පිහිටුවා කාශ්මීරය සඳහා වෙනම රාජ්‍යක් ඉල්ලා සිටියහ.
මෙම අවස්ථාව වනවිට පකිස්ථානයේ දේශසීමා අසල සිටි "පතාන්"නම් ගෝත්‍රිකයන් විශාල වශයෙන් "පූනැක්"ප්‍රදේශයට වන්නට වූහ. ඉන්දියාව සහ පකිස්ථානය අතර කාශ්මීරය මුල් කර ගනිමින් ඇතිවන ගැටුම "පතාන්"ගෝත්‍රිකයන් සමඟ ඇතිවන ගැටුමෙන් ආරම්භ වේ. එයට හේතු වූයේ පකිස්ථානයේ සහාය මත "පතාන්"ගෝත්‍රිකයන් සංක්‍රමණය වූ බවට ඉන්දියාව චෝදනා කිරීමත් පකිස්ථානය ඵම චෝදනා ප්‍රතික්ෂේප කිරීමත්ය.
පතාන් ගෝත්‍රිකයන්ගේ සංක්‍රමණ හා එයින් ඇතිවන්නා වූ ගැටුම්කාරී තත්වයන් සමථයකට පත්කිරීමට හින්දු මහාරාජාට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු ඉන්දියානු රජයෙන් සහාය ඉල්ලා සිටියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1947 ඔක්තෝබර් 27 වන දින කාශ්මීරය රැකගැනීම සඳහා ඉන්දීය හමුදා එවීමට කැමැත්ත පලකරනු ලබයි. ඉන්දියාව සහ පකිස්ථානය බිහිවිමේදී, කාශ්මීර ප්‍රදේශය ආක්‍රමණය නොකරන බවට එකඟතාවක් ඇතිවිය. නමුත් ඉන්දියාව විසින් හමුදාව එවීම පකිස්ථානය දුටුවේ එම එකඟක්වය උල්ලංඝණය කිරීමක් ලෙසය. මෙම විරෝධතාවයන් හේතුවෙන් කාශ්මීරය මුල්කර ගනිමින් ඉන්දියාව හා පකිස්ථානය අතර ඇති වූ ප්‍රථම යුද්ධය 1947 දී ඇති විය.
කාශ්මීර ප්‍රදේශයේ අයිතිය මුල් කර ගනිමින් 1947 සිට ඉන්දියාව සහ පකිස්ථානය අතර වරින් ගැටුම් කිහිපයක් ඇති විය. මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම දෙරට අතර ගිවිසුම් හා සම්මුතීන් ඇති කර ගනු ලැබිණ. ඒවා නම්,
1) කරච්චි ගිවිසුම -1949 ජූලි 18
2) ටෂ්කන් සම්මුතිය -1966 ජනවාරි 10
3) සිම්ලා ගිවිසුම -1972 ජූලි 03
4) ලාහෝර් ගිවිසුම -1999 පෙබරවාරි 21
විවිධ ගිවිසුම් හා සම්මුතීන් ඇති වුව ද දෙපාර්ශවය විසින්ම ඒවා වරින් වර උල්ලංඝණය කිරීමත්, ජම්මු කාශ්මීර ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන වල ක්‍රියාකලාපයත්, හේතුවෙන් 1947 දී ආරම්භ වූ කාශ්මීර අර්බුදය තව දුරටත් නොවිසඳුණු ගැටුමක් බවට පත් ව ඇත.
ආශ්‍රිත ග්‍රන්ථ
1.ජාත්‍යන්තර අර්බුද : මහාචාර්ය ඩබ්ලිව්. එම්. කරුණාදාස
අඩවියෙන් බැහැර පිටු