2014 ඊශ්‍රායෙල–ගාසා ගැටුම

ආරක්ෂක ගැටිය මෙහෙයුම (හීබෲ: מִבְצָע צוּק אֵיתָן‎‎, මිව්ට්සා' සුක් එයිටන්, වචනානුසාරයෙන් "ශක්තිමත් පරය මෙහෙයුම") යනු, ඊශ්‍රායෙල ආරක්ෂක හමුදාව (අයිඩීඑෆ්) විසින් පලස්තීනියානු ගාසා තීරයේදී, 2014 ජූලි 8 දිනදී දියත් කෙරුණු ක්‍රියාන්විතයකි. [8] අවම වශයෙන් පලස්තීනියානුවෝ 192 දෙනෙකු හෝ මිය ගියහ.[9] මානවවාදී කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඇස්තමේන්තු කරන්නේ, ජූලි 14 දින වන විට, මිය ගිය අයගෙන් 77% සිවිල් වැසියන් වූ බවත්, එයින් 26% දරුවන් වූ බවත්ය. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පරිදී, පලස්තීනවරුන් 1,400 කට වඩා තුවාල ලබා ඇත.[10] මියගියවුන්ගෙන් 90 දෙනෙක් පමණ හමාස් සටන්කාමීන් බව ඊශ්‍රායෙල ආරක්ෂක හමුදාව ඇස්තමේන්තු කරමින් හමාස් විසින් ගාසානු ජනගහණය මිනිස් පළිහක් ලෙසින් භාවිතා කළ බව කියා සිටින අතර,[11] ඊශ්‍රායෙල රානොසං බෙත්සලෙම් කියාසිටින්නේ ප්‍රහාර 10 ක් විසින් සිවිල් වැසියන් ගණනක් මරාදැමීම යුද්ධ අපරාධ ගණයට ගැනෙන බවයි.[12] ජූලි 13 වන විට, 1,300 කට වඩා ඊශ්‍රායෙල ප්‍රහාර වාර්තා වූ අතර, 800 කට වඩා මිසයිල ගාසා සිට ඊශ්‍රායෙලයට එල්ල කොට තිබුණි.[13]

ආරක්ෂක ගැටිය මෙහෙයුම 2014
ගාසා–ඊශ්‍රායෙල ගැටුමෙ හි කොටසකි

(වම) ඊශ්‍රායෙල විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කෙරුණු ගාසා හී නිවසක්
(දකුණ) යකඩ ගෝලාර්ධය නම්වූ මිසයිල වෙතින් ආරක්ෂාව සපයන පද්ධතිය ක්‍රියාත්මකව පවතිමින්
දිනය8 ජූලි 2014 (2014-07-08) – 26 අගෝස්තු 2014
(50 දින)
පිහිටුම
ප්‍රතිඵලය

දෙපාර්ශවයම ජයග්‍රහණය සඳහා හිමිකම් කියති [4]

  • ඊශ්‍රායෙලය සහ පලස්තීනියානු ජනාධිපති අබ්බාස්ගේ උපදේශකයෙකු පරිදී,[5] හමාස් සංවිධානය දරුණු ලෙස දුර්වලත්වයට පත්වූ අතර එහි ඉල්ලීම් කිසිවක් සාක්ෂාත්කරගැනුමට අපොහොසත් විය [6]
  • හමාස් සංවිධානය පරිදී, ගාසා තීරයෙන් ඊශ්‍රායෙලය පලවා හරින ලදි [7]
යුද්ධාවතීරයන්

 ඊශ්‍රායෙලය

යුද්ධෝපකරණ ආධාර:
 එක්සත් ජනපද[1][2]

පලස්තීන අධිකාරිය ගාසා තීරය

ආඥාපතියන් සහ නායකයන්

බෙන්ජමින් නෙතනියාහු
අග්‍රාමාත්‍ය
මොෂේ යාලෝන්
ආරක්ෂක අමාත්‍ය
බෙනී ගාන්ට්ස්
සාමාන්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රධානි
අමීර් එෂෙල්
ගුවන් හමුදා ආඥාපති
සැමී තූර්ජිමාන්
දක්ෂිණ ආඥාපති

යෝරාම් කොහෙන්
ෂින් බෙට් නායක
ඉස්මයිල් හනියෙහ්
මොහමඩ් ඩෙයිෆ්
අයිස් අඩ්-ඩීන් අල්-කසේම් සේනාංකයන්හී නායක
රමඩාන් ෂාලාහ්
පීඅයිජේ නායක
සම්බන්ධිත හමුදා ඒකකයන්
ඊශ්‍රායෙල ආරක්ෂක හමුදා
ඊශ්‍රායෙල ගුවන් හමුදාව
ඊශ්‍රායෙල නාවික හමුදාව
ෂින් බෙත්
හමාස් හමුදාමය පාර්ශ්වය

එය සිදු කල බවට ඊශ්‍රායෙලය විසින් හමාස් වෙත චෝදනා එල්ල කළ, 2014 ජූනි මාසයේදී බටහිර ඉවුරෙහිදී ඊශ්‍රායෙල ගැටවරයන් තිදෙනෙක් පැහැරගෙන ගොස් මරා දැමීම වෙතින් ඇරඹුනු සිද්ධි දාමයකින් ඉක්බිතිව මෙම මෙහෙයුම ඇරඹිණි. අයිඩීඑෆ් විසින් තදින් කියා සිටින්නේ, ගැටවරයන් පැහැරගෙන ගිය බවට ඊශ්‍රායෙලය විසින් සැක පල කරන මිනිසුන් දෙදෙනා, හමාස් සාමාජිකයන් බවට හොඳින් දන්නා දෙදෙනෙකු බවයි. [14] [15] ඊශ්‍රායෙල බලධාරින් විසින් මේ සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති අතර හමාස් විසින් පැහැරගෙන යෑම පිළිබඳ කිසිදු සම්බන්ධයක් ඇති බව ප්‍රතික්ෂේප කර ඇත. [16] ඊශ්‍රායෙල හමුදා විසින් වයස 18 අඩු දෙදෙනෙකු ඇතුළු පලස්තියානුවන් දස දෙනෙකු මරා දැමූ අතර, [17] මින් ඉක්බිතිව, නැතිවී ඇති ගැටවරයන් පුළුල් අයුරින් සෙවීම සහ හමාස් කුටි සහ යටිතලව්‍යුහ මර්දනය සඳහා ඇරඹුනු හා, සහෝදරයන්ගේ රැකවලා මෙහෙයුම යන නමින් හැඳින්වුනු මෙහෙයුම මගින් තවද සිය ගණනක් බටහිර ඉවුරෙහිදී අත්අඩංගුවට ගැනුණහ. [18] [19] නැතිවුණු ඊශ්‍රායෙල ගැටවරයන් තිදෙන සඳහා දියත් කෙරුණු සෝදිසිය තුලදී, ගිල්ආඩ් ෂලීට් සිරකරු හුවමාරුව තුලදී නිදහස් කෙරුණු බොහෝ දෙනා, අයිඩීඑෆ් විසින් අත්අඩංගුවට ගැනිණි. ආරක්ෂක ස්තම්භය මෙහෙයුම අවසානයේදී, 2012 නොවැම්බර මාසයේදී ඇතිවූ සටන්විරාම එකඟතාවය ඇතිවූ අවස්ථාවෙහි සිට, ගාසා තීරයේ සිට සටන්කාමී රොකට් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට ඊශ්‍රායෙලය විසින් චෝදනා කෙරුණු හමාස් සංවිධානය, 2014 ජූලි 8 දිනදී ඊශ්‍රායෙලය වෙත නොකඩවා රොකට් ප්‍රහාර එල්ලකිරීම පිළිබඳව සෘජු වගකීම භාර ගත් අතර [20]සටන්විරාමයක කොන්දේසියක් වශයෙන් යළි-අත්අඩංගුවට පත් වූවන් නිදහස් කිරීම බලකර සිටියහ. [21]

මරා දැමුණු ඊශ්‍රායෙල් ජාතිකයින්ගේ අවමගුලෙන් පැය කිහිපයකට පසුව, බෙයිට් හනීනා ප්‍රදේශයේ මොහමඩ් අබු කහ්ඩියර් නමැති 16-වියැති පලස්තීනියානු ගැටවරයෙකු, යුදෙව් අන්තවාදීන් විසින් පැහැරගෙන ගොස් අමු අමුවේ පුලුස්සා දමන ලද්දේ පළිගැනීමේ ප්‍රහාරයක් ලෙසිනි. [22] මෙම මරාදැමුම සම්බන්ධයෙන් යුදෙව් සැකකරුවන් සයදෙනෙක් ඊශ්‍රායෙල පොලීසිය වෙතින් අත්අඩංගුවට ගැනුණහ. [22][23] කහ්ඩියර්ගේ සිරුර සොයාගැනීමත් සමගම, නැගෙනහිර ජෙරුසලෙම තුල විරෝධතා හා කෝලහාල ඇතිවී ඒවා රට තුල අරාබි ගම්මාන දක්වා පැතිරුණු අතර,[24] ඊශ්‍රායෙල අග්‍රාමාත්‍යය බෙන්ජමින් නෙතනියාහු විසින් නිල සමාව අයැදීමක් සහ ශෝක ප්‍රකාශයක් කිරීමටද සිදු විය. [25] මෙම කාලසීමාව තුලදීම, ඊශ්‍රායෙලය වෙතට ගාසා-වෙතින් රොකට් ප්‍රහාර සහ ගාසා තීරය වෙත ඊශ්‍රායෙල ගුවන් ප්‍රහාර හුවමාරුව උත්සන්න විය. ඊජිප්තුව විසින් තැරැව්කරන ලද හා, ගාසා වෙත ගුවන් ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායෙල ඇප වීම වෙනුවෙන් රොකට් එල්ලකිරීමෙන් වැලකීමට හමාස් එකඟ වන, භව්‍ය සටන් විරතියක්, ජූලි 4 දින සිට ක්‍රියාත්මක විය හැකි බවට පලවිණි. හමාස් හෙළිදරව් කළේ එකඟවූ සටන් විරතිය පැය කිහිපයක් තුලදී ප්‍රකාශයට පත් කෙරෙන බවයි.ඊශ්‍රායෙල් ප්‍රකාශකයෙක් පැවසුවේ 'තීරණය ඇත්තේ හමාස් වෙත බවයි'. [26]

ප්‍රකාශය සිදුකෙරුණේම නැත. ගාසාහී අඩවි කිහිපයක් වෙත ඊශ්‍රායෙලය විසින් ප්‍රහාර එල්ල කල අතර, ගාසාහී සිට ඊශ්‍රායෙල බල ප්‍රදේශය වෙත, ජූලි 7 දින වන විට රොකට් 100ක් එල්ල කෙරුණේ, බියෙර් ෂෙවා, අෂ්ඩෝඩ්, ඔෆාකිම්, ඇෂ්කෙලෝන් සහ නෙටිවොට් දෙසටය. [27] [28] [29] සඳුදා රාත්‍රිය පුරා ඊශ්‍රායෙලය විසින් ගාසා තීරයේ ඉලක්ක 50ක් වෙත ප්‍රහාර එල්ල කල අතර,[30] ජූලි 8 වන අඟහරුවාදා වන විට, ගාසාහී පලස්තීනියානු සටන්කාමින් විසින් පැය 24 තුල 140 ට වඩා රොකට් ප්‍රමාණයක් ඊශ්‍රායෙල වෙතට එල්ල කල අතර, ටෙල් අවිව් නගරයට ඔබ්බේ උතුරේ වූ හඩේරා දක්වා මේවා එල්ල විය. යකඩ ගෝලාර්ධය නම්වූ, ඊශ්‍රායෙලයේ රොකට්-එරෙහි ආරක්ෂක පද්ධතිය විසින්, එයින් 30 ක් පමණ අතුරුවැරීම් කළේය. මුහුද වෙතින් සිදු කිරීමට උත්සාහ කළ ප්‍රහාරයක්ද ඊශ්‍රායෙලය විසින් වලක්වන ලදි. [31] අඟහරුවාදා උදෑසන වන විට ඊශ්‍රායෙලය විසින් ප්‍රධාන හමුදාමය ප්‍රතිචාරයක් ඇරඹීය.

මෙහෙයුම ආරම්භයේදී, අයිඩීඑෆ් ප්‍රකාශක ට්වීට් වෙතින් පැවසුවේ, "අයිඩීඑෆ් විසින් ගාසාවෙහිදී ආරක්ෂක ගැටිය මෙහෙයුම හමාස්ට විරුද්ධව ඇරඹුවේ, ඊශ්‍රායෙල පුරවැසියන් දෛනික පදනමකින් මුහුණපාන ත්‍රස්තවාදය නැවැත්වීමටය". [32][33]

පලස්තීනයේ ජනාධිපති වෙනුවෙන් පෙනී සිටි ප්‍රකාශකයෙක් විසින්, මෙම මෙහෙයුම 'පලස්තීනුවන් වෙත යුද්ධ ප්‍රකාශ කිරීමක්' බවත්, අහිංසකයන් සංහාරය කිරීමක් ලෙස ඔහු පෙන්වා දුන් මෙය පිළිබඳ විරෝධය පළ කරන බවත් පැවසූ අතර, 'සමස්ත නීත්‍යානුකූල ක්‍රම භාවිතයෙන් තමන් ආරක්ෂා කර ගැනුමට පලස්තීනුවන්ට අයිතිවාසිකමක් ඇති බවත්' එක් කළේය. [34]

2008–2009 දී පැවැති ගාසා යුද්ධයෙන් පසුව ගාසාහී පැවැති බිහිසුණුම හමුදාමය මෙහෙයුම වන්නේ ආරක්ෂක ගැටිය මෙහෙයුමයි. [35]

මෙහෙයුම් කාලානුක්‍රමය සංස්කරණය

ජූලි 8 සංස්කරණය

 
හමාස් විසින් ගාසාහී ක්‍රියාත්මක කෙරෙන විවිධ රොකට් වර්ග වල පරාසයන් දැක්වෙන සිතියමක්.

සටනෙහි භව්‍ය උත්සන්නවීමට සූදාම්වීමක් වශයෙන්, සඳුදා දිනදී (ජූලි 7 දිනදී) අයිඩීඑෆ් විසින් උපසේවා භටයන් 1,500ක් දෙනා සේවයට කැඳවන ලදි.


ආශ්‍රිත සංස්කරණය

  1. "යූඑස් සප්ලයිස් ඊශ්‍රායෙල් විත් බොම්ස් අමිඩ් ගාසා බ්ලිට්ස්". අල් ජසීරා. 31 ජූලි 2014. http://m.aljazeera.com/story/2014730233016747143. 
  2. "යූඑස් කන්ඩෙම් ෂෙලිං ඔෆ් යූඑන් ස්කූල් ඉන් ගාසා බට් රීස්ටොක්ස් ඊශ්‍රායෙලි ඇමියුනිෂන්". ද ගාඩියන්. 31 ජූලි 2014. http://www.theguardian.com/world/2014/jul/30/us-firm-condemnation-shelling-un-school-gaza. 
  3. බෙන් සොලොමන්, ඒරියල්. "වීඩියෝස් ෂෝ ලෙබනීස් ජිහාඩ් ගෲප් ඇක්ටිව් ඉන් ගාසා". ද ජෙරුසලෙම් පෝස්ට්. සම්ප්‍රවේශය 11 ජූලි 2014.
  4. පෘෂර්, ඉලේන් (26 අගෝස්තු 2014). "ඊශ්‍රායෙල් ඇන් පැලස්ටීනියන්ස් රීච් ඕපන්-එන්ඩඩ් සීස්-ෆයර් ඩීල්". Time. http://time.com/3182848/israel-gaza-ceasefire-abbas-netanyahu/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 සැප්තැම්බර් 2014. "...broker a truce between the sides, both of whom were keen to emerge looking victorious, or at least successful..." 
  5. පීඒ ඔෆීෂියල්: හමාස් ෂුඩ් ඇඩ්මිට් ඩිෆීට්, කාලිඩ් අබු ටෝමේ, 28 අගෝස්තු 2014: "Mahmoud al-Habbash, a senior adviser to Palestinian Authority President Mahmoud Abbas, hinted on Thursday that Hamas and other Palestinian groups in the Gaza Strip should admit their defeat in Operation Protective Edge."
  6. නෙතනියාහු:හමාස් සෆර්ඩ් ඉට්ස් ග්‍රේටස්ට් බ්ලෝ සින්ස් ඉට් වෝස් ෆවුන්ඩඩ්
  7. ඊශ්‍රායෙල්-ගාසා කන්ෆ්ලික්ට්: හමාස් ක්ලේම්ස් 'වික්ටර් ෆෝ ද රෙසිස්ටන්ස්' ඈස් ලෝං-ටර්ම් ටෲස් ඊස් අග්‍රීඩ් විත් ඊශ්‍රායෙල්
  8. "අයිඩීඑෆ්ස් ඔපරේෂන් "ප්‍රොටෙක්ටිව් එජ්" බිගින්ස් අගේන්ස්ට් ගාසා". ජුවිෂ් ප්‍රෙස්. සම්ප්‍රවේශය 8 ජූලි 2014.
  9. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; truceplan නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  10. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; OCHA නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  11. ජොසෙෆ් ෆෙඩර්මාන් ඇන්ඩ් මැගී මිචෙල් (2014-07-14). "ඊජිප්ට් ප්‍රොපෝසර්ස් සීස්-ෆයර් බිට්වීන් ඊශ්‍රායෙල්, හමාස්". ඒපී. http://bigstory.ap.org/article/israel-says-its-downed-drone-along-southern-coast. 
  12. බෙත්සලෙම් ඉන්ෆෝ ෂීට්: 52 පැලස්ටීනියන්ස් කිල්ඩ් ඉන් බොබිංස් ඔෆ් හෝම්ස් ඉන් ගාසා ස්ට්‍රිප්, විච් ආ අන්ලෝෆුල්,' බෙත්සලෙම් 13 ජූලි 2014.
  13. තවුසන්ඩ්ස් ෆ්ලී ගාසා හෝම්ස් අන්ඩර් ඊශ්‍රායෙල් ත්‍රෙට්. වොයිස් ඔෆ් ඇමරිකා, 13 ජූලි 2014
  14. "ඊශ්‍රායෙල් අයිඩෙන්ටිෆයිස් ටූ මේන් සස්පෙක්ට්ස් ඉන් ටීන්ස් ඩිසැපියරන්ස්", සීබීඑස් නිවුස්, 26 ජූනි 2014
  15. "ඔපරේෂන් බ්‍රදර්ස් කීපර්", ද ජෙරුසලෙම් පෝස්ට් {{citation}}: |contribution= ignored (help)
  16. ග්‍රීන්බර්ග්, ජොයෙල් (30 ජූනි 2014), "'හමාස් විල් පේ,' නෙතනියාහු වවුස් ආෆ්ටර් බොඩීස් ඔෆ් මිසිං ඊශ්‍රායෙලි ටීන්ස් ආ ෆවුන්ඩ්", බෙලංහැම් හෙරල්ඩ්, මැක්ලාචී
  17. "Middle East & Africa: Murder of three kidnapped Israeli youths has set dangerous new spate", The Economist.
  18. සිටුන්, යොඅව් (21 ජූනි 2014), රෙස්කිවු යුනිට්ස් රෂ්ඩ් ටු හෙබ්රොන්, සර්චිං වෙල්ස් ඇන්ඩ් කේව්ස්, වයිනෙට්.
  19. ජුඩිස්, ජෝන් බී (ජූනි 9, 2014), "ජෝන් කෙරීස් ෆර්ස්ට් පීස් එෆර්ට් ඉන් ඊශ්‍රායෙල් ඇන්ඩ් පැලස්ටයින් ෆේල්ඩ්, බට් නවු හී න්ඩ්ස් ටු ට්‍රයි එගේන්", ද නිවු රිපබ්ලික්.
  20. බ්‍රයන්ට්, ක්‍රිස්ටා කේස්. "එන්ඩිං ඩේටොන්, හමාස් ටේක්ස් රෙස්පොන්සිබිලිටි ෆො ටුඩේස් ස්පයික් ඉන් රොකට් ෆයර් (+වීඩියෝ)". ද ක්‍රිස්ටියන් සයන්ස් මොනිටර්. සම්ප්‍රවේශය 11 ජූලි 2014.
  21. "ෆෝ ඊශ්‍රායෙල් ඉන් ගාසා, අ ඩෙලිකේට් බැලන්සිං ඇක්ට්". ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායෙල්. සම්ප්‍රවේශය 8 ජූලි 2014.
  22. 22.0 22.1 ස්ටර්මාන්, අඩිව් (6 ජූලි 2014). "සික්ස් ජුවිෂ් එක්ස්ට්‍රීමිස්ට්ස් ඇරෙස්ටඩ් ඉන් කිලිං ඔෆ් ජෙරුසලෙම් ටීන්". ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායෙල්. http://www.timesofisrael.com/suspects-arrested-in-killing-of-east-jerusalem-teen/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 10 ජූලි 2014. 
  23. "ඊශ්‍රායෙල් අරෙස්ට්ස් සස්පෙක්ට්ස් ඉන් මර්ඩර් ඔෆ් පැලස්ටයින් ටීන්". මාන් පුවත් කාර්යාංශය. 6 ජූලි 2014. http://www.maannews.net/eng/ViewDetails.aspx?ID=710388. සම්ප්‍රවේශය කෙරුණු දිනය ජූලි 2014. 
  24. "ප්‍රොටෙස්ට්ස් ඉරප්ට් අගේන් ඉන් ඊස්ට් ජෙරුසලෙම්, සදර්න් ඊශ්‍රායෙල්". ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායෙල්. 6 ජූලි 2014. http://www.timesofisrael.com/spate-of-riots-erupt-in-northern-israel/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 10 ජූලි 2014. 
  25. "ඊශ්‍රායෙල් කෝල්ස් අප් රිසර්විස්ට්ස් ඈස් රොකට්ස් ෆ්ලයි". සීඑන්එන්. 8 ජූලි 2014. http://edition.cnn.com/2014/07/07/world/meast/mideast-tensions/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 ජූලි 2014. 
  26. "හමාස් 'රෙඩි ෆෝ ගාසා සීස්ෆයර්' ඉෆ් ඊශ්‍රායෙලි රේඩ්ස් ස්ටොප්", බීබීසී නිවුස්, 4 ජූලි 2014
  27. ඊශ්‍රායෙල් ලෝන්චර්ස් මිලිටරි ඔෆෙන්සිව් ඉන් ගාසා, අල්-ජසීරා, 7 ජූලි 2014.
  28. ෂෙයිසෆ්, නොආම් (7 ජූලි 2014), ඊශ්‍රායෙලි-පැලස්ටීනියන් ක්ලෑෂර්ස් අප්සෙටිං ඊශ්‍රායෙලි ෆේත් ඉන් ස්ටේටස් කෝ, අල්-ජසීරා.
  29. "රොකට්ස් බොම්බාඩ් සවුත්, හමාස් ක්ලේම්ස් රෙස්පොන්සිබිලිටි". හාරේට්ස් (ලයිව් අප්ඩේට්ස්). ජූලි 7, 2014. සම්ප්‍රවේශය 11 ජූලි 2014.
  30. හෝ, ස්පෙන්සර්; යාකොව්, යිෆා (8 ජූලි 2014), "ඊශ්‍රායෙල් හිට්ස් හමාස්, ඉස්ලමික් ජිහාඩ් ලීඩර්ස් ආෆ්ටර් රොකට්ස් ලෑන්ඩ් නෝර්ත් ඔෆ් ටෙල් අවිව්", ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායෙල් (blog), 08:02.
  31. හොරවිට්ස්, ඩේවිඩ් (2013-12-23). "ඊශ්‍රායෙල් හිට්ස් හමාස්, ඉස්ලමික් ජිහාඩ් ලීඩර්ස් ආෆ්ටර් රෙකට්ස් ලෑන්ඩ් නෝර්ත් ඔෆ් ටෙල් අවිව්". ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායෙල්. සම්ප්‍රවේශය 2014-07-10.
  32. "අයිඩීඑෆ් ලෝංචර්ස් ගාසා ඔපරේෂන් 'අගේන්ස්ට් හමාස්' ෆොලෝවිං මැසිව් රොකට් බරාජ් ඔන් සවුත්". වයිනෙට්නිවුස්. සම්ප්‍රවේශය 8 ජූලි 2014.
  33. "ඊශ්‍රායෙල් ලෝංචර්ස් ඔපරේෂන් ටු ස්ටොප් ගාසා -බේස්ඩ් රොකට් ෆයර්". යුදෙව් විදුලි සංදේශ කාර්යාංශය. සම්ප්‍රවේශය 8 ජූලි 2014.
  34. ප්‍රසිඩන්සි: පැලස්ටීනියන්ස් හෑව් ද රයිට් ටු ඩිෆෙන්ඩ් දෙම්සෙල්ව්ස්, මාන් පුවත් කාර්යාංශය, 8 ජූලි 2014.
  35. "20 පලස්ටීනියන්ස් කිල්ඩ් ඕවර්නයිට් ඈස් යූඑන් හෝල්ඩ්ස් එමර්ජන්සි ටෝක්ස්". මිඩ්ල් ඊස්ට් අයි. සම්ප්‍රවේශය 10 ජූලි 2014.