2009 කොළඹ මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාරය

2009 පෙබරවාරි 20 වැනිදා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ ගුවන් ශාඛාව විසින් ශ්‍රී ලංකාවේ කොළඹ නගරය අවට හමුදා ස්ථාන ඉලක්ක කර ගුවනින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන ලදී. සැප්තැම්බර් 11 ප්‍රහාර අනුකරණය කරමින්, එනම් ඉලක්ක වෙත ගුවන් යානා ඝට්ටනය වෙන ලෙස පියාසර කිරීමට සැලසුම් කරන්නට ඇතැයි සැළකේ. ප්‍රහාරකයන්ට සැලසුම් කරන ලද ඉලක්ක වලට ළඟා වීමට ඉඩ නොලැබුනු අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඔවුන්ව බිම හෙළන ලදීය. එහෙත්, එක් ගුවන් යානයක් කොළඹ රජයේ ගොඩනැගිල්ලකට කඩා වැටුනු අතර එයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී 50 කට අධික පිරිසකට තුවාල සිදු විය.