2-සයනොග්වොනඩීන් යනු ග්වොනඩීන් වෙතින් ව්‍යුත්පන්න කරගන්නා නයිට්‍රයිලයකි. එය සයනමයිඩ්හී ද්විඅවයවයක් වන අතර, එය වෙතින් සාදාගත හැක. අවර්ණ ඝන දුව්‍යයක් වන 2-සයනොග්වොනඩීන්, ජලයෙහි, ඇසටෝන්හී, සහ මද්‍යසාරයෙහි ද්‍රාව්‍ය වන නමුදු, ඩයිඑතිල් ඊතර් හෝ ක්ලෝරොෆෝම් වල දිය නොවේ. .[1]

නිෂ්පාදනය සහ භාවිතය සංස්කරණය

2- සයනොග්වොනඩීන් නිෂ්පාදනය කරන්නේ භෂ්මයක් හා සමගින් සයනමයිඩ් පිරියම් කිරීමෙනි. පස තුල එය නිපැයෙන්නේ, සයනමයිඩ් විසංයෝජනය මගිනි. 2- සයනොග්වොනඩීන්, ග්වොනඩීනයන් සහ මෙලමයින් වෙතින් ප්‍රයෝජනවත් සංයෝග විවිධ සමූහයක් නිපැයේ. සෙමෙන් ක්‍රියාකරන පොහොරක් ලෙසින්ද එය භාවිතා වෙයි.

මතභේදය සංස්කරණය

2012 සැප්තැම්බර් මාසයේදී, ෆොන්ටෑරා යන නවසීලන්ත සමාගම විසින් නිපැයෙන කිරි නිෂ්පාදන තුල ඩයිසයන්ඩයමයිඩ් මාත්‍රයන් තිබී හමුවිය. [2] ෆොන්ටෑරා, ෆෙඩරේටඩ් ෆාමර්ස් සංවිධානය සහ රජය විගසින් ක්‍රියාක්මකවී, මහජනයා සහ විදේශීය ගැනුම්කරුවන් සැනසුවේ සෞඛ්‍යයට කිසිදු අවදානමක් නොමැති බවයි. [3] ඩීසීඩී සිද්ධිය හසුරුවාගත් ආකාරය පිළිබඳව ෆොන්ටෑරා වෙත ප්‍රශංසාව හිමි විය. [4] මට්ටම් ඉතා අඩු අගයක පැවති අතර පරික්ෂණ වාර්තා මාධ්‍යයෙහි පලවීම වැලැක්වීමට පරිශ්‍රමය දරන ලදි.[5]

බාහිර සබැඳි සංස්කරණය


ආශ්‍රිත සංස්කරණය

  1. තෝමස් ගූත්නර් (2006). "සයනමයිඩ්ස්". උල්මාන්ස් එන්සයික්ලොෆීඩියා ඔෆ් ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි. වයින්හයිම්: විලී-VCH. doi:10.1002/14356007.a08_139.pub2. {{cite encyclopedia}}: Unknown parameter |coauthor= ignored (|author= suggested) (help)
  2. "ගවර්න්මන්ට් ඩවුන්ප්ලේස් ඩීසීඩී රිස්ක්". 3 News NZ. ජනවාරි 27, 2013. http://www.3news.co.nz/Government-downplays-DCD-risk/tabid/418/articleID/284532/Default.aspx. 
  3. ඇස්ට්ලි, මාර්ක් (ජනවාරි 28, 2013). "ගවර්න්මන්ට් ඩිෆෙන්ඩ්ස් ෆොන්ටෑරාස් සේෆ්ටි". 3 නිවුස් NZ. http://www.3news.co.nz/Government-defends-Fonterras-safety/tabid/421/articleID/284682/Default.aspx. 
  4. "ඩීසීඩී කන්සර්න්ස්: NZ හැන්ඩ්ලිං ඔෆ් ක්‍රයිසිස් වෝස් ‘ටෙක්ස්ට්බුක්’ - රබෝබෑන්ක්". ඩේලි රිපෝටර්. පෙබරවාරි 21, 2013. http://www.dairyreporter.com/Regulation-Safety/DCD-concerns-NZ-handling-of-crisis-was-textbook-Rabobank. 
  5. වොට්කින්ස්, ට්‍රේසි (14 අප්‍රේල් 2013). "සීක්‍රසි ඕවර් ඩීසීඩී ඉන් මිල්ක් ස්කෙයාර් රිවීල්ඩ්". සන්ඩේ ස්ටාර් -ටයිම්ස්. http://www.stuff.co.nz/national/health/8547471/Secrecy-over-milk-DCD-scare-revealed. සම්ප්‍රවේශය කෙරුණු දිනය 13 අප්‍රේල් 2013. 
"https://si.wikipedia.org/w/index.php?title=2-සයනොග්වොනඩීන්&oldid=591074" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි