ෆින්ස්බරි පාක් මුස්ලිම් දේවස්ථානය

උතුරු ලන්ඩන මධ්‍යම මුස්ලිම් දේවස්ථානය ලෙසින්ද හැඳින්වෙන, ෆින්ස්බරි පාක් මුස්ලිම් දේවස්ථානය යනු, ෆින්ස්බරි පාක් නැවතුම් ස්ථානය අසල, ආසනල් පාපන්දු සමාජයෙහි එමිරෙට්ස් ක්‍රිඩාංගණය සමීපයෙහි, ඉස්ලිංටන්හී ලන්ඩන පේරුවෙහි පිහිටි මහල්-5 කින් සමන්විත මුස්ලිම් දේවස්ථානයකි. [2] එක්සත් රාජධානියෙහි පුණ්‍යාතනයක් ලෙසින් ෆින්ස්බරි පාක් මුස්ලිම් දේවස්ථානය ලියාපදිංචිව ඇති අතර, ඉස්ලිංටන්හී සහ අවට උතුරු ලන්ඩන පේරුවන්හී දේශීය ප්‍රජාව වෙත සේවය සපයයි. [3]

ෆින්ස්බර් පාක් මුස්ලිම් දේවස්ථානය
උතුරු ලන්ඩන මධ්‍යම මුස්ලිම් දේවස්ථානය
මූලික තොරතුරු
පිහිටීමෆින්ස්බරි පාක්, ලන්ඩනය
එක්සත් රාජධානිය
භූගෝලීය ඛණ්ඩාංක51°33′49″N 0°06′21″W / 51.5636°N 0.1057°W / 51.5636; -0.1057ඛණ්ඩාංක: 51°33′49″N 0°06′21″W / 51.5636°N 0.1057°W / 51.5636; -0.1057
අනුබැඳියාවබ්‍රිතාන්‍යයෙහි මුස්ලිම් සංගමය
නායකත්වයමොහම්මඩ් කොස්බාර්, ආචාර්ය අසාම් ටමිමි, මොහම්මඩ් සවල්හා
වෙබ්අඩවියfinsburyparkmosque.org
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයමුස්ලිම් දේවස්ථානය
ස්ථාපිත දිනයආරම්භය 1988, ප්‍රධාන ගොඩනැගිල්ල 1994
සම්පූර්ණ විස්තර
ධාරිතාව2,000 [1]
මිනාරට්1

අන්තගාමී දේශකයෙක්වූ අබු හම්සා අල්-මස්රි 1997 වසරෙහිදී එහි ඉමාම්වරයා වීමත් සමගම මෙම මුස්ලිම් දේවස්ථානය වෙත අවධානය යොමු විය. ත්‍රස්ත-විරෝධී පොලීසිය විසින් එය වැටලීම හා සමගම 2003 වසරෙහිදී එහි භාරකරුවන් විසින් මෙම මුස්ලිම් දේවස්ථානය වසා දැමුණු අතර , නව නායකත්වයක් යටතේ 2005 වසරෙහිදී එය යළි-විවෘත කෙරිණි. මෙතැන් සිට, මෙම මුස්ලිම් දේවස්ථානය විසින් එහි අන්තවාදී අතීතය අවඥාවට ලක් කරමින්, දේශීය ප්‍රජාව සමග සමීපයෙන් කටයුතු කරමින් අනෙකුත් ලබ්ධීන් සමග සංවාදයක් ඇරඹීමට සමත් විය. මුස්ලිම් දේවස්ථානයෙහි මෙම විපරිමාණය පුළුල් ප්‍රශංසාවට ලක් විය. [4] 2017 ජූනි මාසයෙහිදී, වාහනයක්-ගැටීමට සැලැස්වීමෙන් දියත් කල ප්‍රහාරයක් මුස්ලිම් දේවස්ථානය අසල සිදු කෙරිණි.

  1. ලන්ඩන්ස් ෆින්ස්බරි පාක් බිල්ට් ට්‍රස්ට් බිට්වීන් මුස්ලිම්ස් ඇන්ඩ් අදර්ස්, ඇන්ඩ් ඉට් පේඩ් ඕෆ්, එල්ඒ ටයිම්ස්, 20 ජූනි 2017
  2. "නෝර්ත් ලන්ඩන සෙන්ට්‍රල් මොස්ක් ට්‍රස්ට් – අබවුට් අස්". සම්ප්‍රවේශය 19 ජූනි 2017.
  3. ෆින්ස්බරි පාක් මුස්ලිම් දේවස්ථානය (10 ඔක්තොම්බර් 2010). "ෆින්ස්බරි පාක් මොස්ක්||බෙටර් කමියුනිටි රිලේෂන්,සර්විස් ඇන්ඩ් ඉමේජ්". ෆින්ස්බරි පාක් මුස්ලිම් දේවස්ථානය. http://www.finsburyparkmosque.org/. 
  4. "ලන්ඩන් මොස්ක් ඇටෑක්: ‘නෝ ඉෆ්ස්, නෝ බට්ස්, දිස් ඊස් අ ටෙරරිස්ට් ඇටෑක්’". http://www.macleans.ca/news/world/london-mosque-attack-no-ifs-no-buts-this-is-a-terrorist-attack/.