හෙන්රි මොන්ක්-මේසන් මුවර්

ශ්‍රීමත් හෙන්රි මොන්ක්-මේසන් මුවර් GCMG, KStJ (1887–1964), සියෙරා ලියෝනයේ, කෙන්යාවේ සහ ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස සේවය නළේය.

ශ්‍රීමත් හෙන්රි මොන්ක්-මේසන් මුවර්
ලංකාවේ පළමුවන අග්‍රාණ්ඩුකාර
In office
4 පෙබරවාරි 1948 – 6 ජූලි 1949
රාජ්‍ය නායකයාහයවන ජොර්ජ් රජ
අනුප්‍රාප්තිකයාහර්වල්ඩ් රැම්ස්බොටම්, පළමුවන සෝල්බරි සාමිවරයා
Personal details
උපත1887
විපත1964
වෘත්තියසිවිල් නිලධාරියා

පූජ්‍ය එඩ්වර්ඩ් විලියම් මුවර්ගේ පුත්‍රයාවූ හෙතෙම, විම්බෙල්ඩන්හී කිංස් කොලෙජ් පාසැලෙහි අධ්‍යාපනය ලැබ, ජීසස් විද්‍යාලය, කේම්බ්‍රිජ් වෙතින් 1909දී උපාධිය ලැබීය. පළමු ලෝක යුද්ධයෙහිදී, 1916 සිට 1919 දෙක්වා සෙලොනිකාහී පිහිටුවා තුබූ රාජකීය කාලතුවක්කු බලකායෙහි ලුතිනන් වරයෙක් වශයෙන් සේවය කලේය.

සියෙරා ලියොනයේ ආණ්ඩුකාර ලෙසින් 1934 සිට 1937 දක්වා සේවය කිරීමෙන් අනතුරුව , 1937 සිට 1939 දක්වා ලන්ඩනයේ යටත්විජිත දෙපාර්තමේන්තුවෙහි සහායක රාජ්‍ය උප ලේකම් ලෙසින්ද 1939 සිට 1940 දක්වා එහි නියෝජ්‍ය රාජ්‍ය උප ලේකම් ලෙසින්ද හෙතෙම සේවය කලේය.