හරිශේන (රා.ආ. ක්‍රි.ව. 475 – ආ. 500) යනු දේවසේන රජුගේ අනුප්‍රාප්තිකයා මෙන්ම පුත්‍රයා ද වේ. ඔහු බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පය, කලාව සහ සංස්කෘතිය කෙරෙහි දැඩි අනුග්‍රහයක් දැක්වී ය. ලෝක උරුම ස්මාරකයක් වන අජන්තා ඔහුගේ ඉදිකිරීම් සඳහා දිනදසුනකි. අජන්තාවේ 16වන ලෙනෙහි වූ අභිලේඛනයක සඳහන් වන්නේ ඔහු විසින් උතුරින් අවන්තියත් (මාල්වා), නැගෙනහිරින් කෝසල (ඡාට්ටිස්ගාර්), කාලිංග සහ ආන්ධ්‍රා ප්‍රදේශත්, බටහිරින් ලාට (මධ්‍යම සහ දකුණු ගුජරාටය) සහ ත්‍රීකූටයත් (නාසික් දිස්ත්‍රික්කය) සහ දකුණින් කුන්තල (දකුණු මහාරාෂ්ට්‍ර) දේශයත් යටත් කරගත් බවයි.[1]

හරිශේන
හරිශේන
රාජ්‍ය සමයආ. ක්‍රි.ව. 475 – ආ. 500
පූර්වප්‍රාප්තිකයාදේවසේන
වංශයවාකාටක රාජවංශය
වාකාටක රාජවංශය
ක්‍රි.ව. 250 – ක්‍රි.ව. 500
වින්ධ්‍යාශක්ති (250–270)
ප්‍රාවරසේන I (270–330)
ප්‍රාවරපුර–නන්දිවර්ධන ශාඛාව
රුද්‍රසේන I (330–355)
පෘථිවිශේන I (355–380)
රුද්‍රසේන II (380–385)
ප්‍රභාවතීගුප්ත (අනුරාජ) (385–405)
දිවාකරසේන (385–400)
දමෝදරසේන (400–440)
නරේන්ද්‍රසේන (440–460)
පෘථිවිශේන II (460–480)
වත්සගුල්ම ශාඛාව
සර්වසේන

(330–355)
වින්ධ්‍යාසේන (355–400)
ප්‍රාවරසේන II (400–415)
නොදනී (415–450)
දේවසේන (450–475)
හරිශේන (475–500)

හරිශේනගේ අමාත්‍යවරයකු, සහ හස්තිභෝජගේ පුත්‍රයා වූ වරාහදේව විසින් අජන්තාවේ ලෙන් අංක 16හි ශෛලමය විහාරය තනවන ලදී.[2] අජන්තාවේ බෞද්ධ ලෙන් තුනක් වන ලෙන් අංක 16 සහ 17යන විහාර ලෙන් සහ අංක 19 චෛත්‍ය ශාලාව කැන ඒවායේ සිතුවම් සහ ප්‍රතිමා නිර්මාණය කෙරුණේ ලද්දේ හරිශේන රාජ්‍ය සමයේ ය.[1] කලා ඉතිහාසඥ වෝල්ටර් එම්. ස්පින්ක් අනුව ලෙන් අංක 9,10,12,13 සහ 15A (ආශ්‍රේ: පිටු අං. 4, Ajanta-A Brief History and Guide - වෝල්ටර් එම්. ස්පින්ක්) හැර සෙසු සියලු අංන්තා ලෙන් ඉදිවූයේ හරිශේන රාජ්‍ය සමයේ ය.[3] නමුත් ඔහුගේ මතයට සැමදෙනාම එකඟ නොවේ.

හරිශේනගෙන් පසු නම් නොදන්නා තවත් රජවරුන් දෙදෙනකු රාජ්‍ය කොට ඇත. රාජවංශයේ අවසානය පිළිබඳ තොරතුරු හමු නොවේ. ඇතැම්විට ඔවුන්ව මහිස්මතියේ කලචූරීන් විසින් පරාජය කරන්නට ඇත.[2]

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ a b Nashik district e-gazetteer - History, ancient period සංරක්ෂණය කළ පිටපත 27 සැප්තැම්බර් 2007 at the Wayback Machine
  2. ^ a b Mahajan V.D. (1960, reprint 2007) Ancient India, New Delhi: S. Chand, ISBN 81-219-0887-6, pp.590-91
  3. ^ Spink, Walter, M. (2009). Ajanta: Defining Features, in Indica, Vol.46, No.1, Mumbai: Heras Institute of Indian History and Culture, pp.3-38
"https://si.wikipedia.org/w/index.php?title=හරිශේන&oldid=408517" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි