ශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජු

(හයවන පරාක්‍රමබාහු රජ වෙතින් යළි-යොමු කරන ලදි)

කෝට්ටේ යුගය ආලෝකමත් කළ ශ්‍රේෂ්ඨතම පාලකයා වූයේ පස්වන බුවනෙකබාහු රජතුමාගෙන් පසු බලයට පත් වූ හයවන පරාක්‍රමබාහු රජු ය. ක්‍රිස්තු වර්ෂ 1415 සිට ක්‍රිස්තු වර්ෂ 1467 දක්වා වසර 53ක් රජ කළ මේ රජතුමා මුළු ලංකාවම එක්සේසත් කළ පාලකයෙක් විය. මේ රජු අභිෂේකයෙන් වසර 3කට පසු තම අගනුවර කෝට්ටේ ට ගෙන ගියේය. කෝට්ටේ නගරය අංග සම්පූර්ණ නගරයක් බවට අත් වූයේ මේ කාලයේ ය. මේ කාලය ලංකා ඉතිහාසයේ අවසාන විභූතිමත් කාලය ලෙස සැලකේ.

හයවන පරාක්‍රමබාහු රජ
සිංහලේ රජ
රාජ්‍ය සමය1415-1467
පූර්වප්‍රාප්තිකයාපස්වන භුවෙනෙකබාහු රජ
අනුප්‍රාප්තිකයාදෙවන ජයබාහු රජ
වල්ලභයාස්වර්ණ මාණික්‍යා කුමරිය
දරුවන්චන්ද්‍රාවතී කුමරිය, ලෝකනාථා කුමරිය
වංශයසිරි සඟබෝ රාජ වංශය
පියාජයමහාලෑන කුමාරයා
මවසුනේත්‍රා දේවිය
ආගමබුද්ධ ධර්මය

මේ රජු සමයේ සිදු වූ වැදගත් සිදුවීම් අතර යාපනය හා වන්නි ප්‍රදේශ ඈඳා ගැනීම, මලය රටෙහි හට ගත් කැරැල්ලක් මැඬලීම, වන්නි ප්‍රදේශවල ස්වාධීන ව නැඟී ආ නායකයින් අවනත කර ගැනීම, යාපනයේ පාලකයා ලෙස සපුමල් කුමරු පත් කිරීම, විජයනගර් අධිරාජ්‍යයේ තොටුපොළක් ආක්‍රමණය කිරීම, ක්‍රිස්තු වර්ෂ 1462 දී ජෝතිය සිටානන් ඇති කළ කැරැල්ලක් මැඬලීමට අම්බුළුගල කුමරු යැවීම හා වෙළඳ ගනුදෙනුවක් මුල් කරගෙන දකුණු ඉන්දියාවේ අදිවිරරාම පටුන ආක්‍රමණය කිරීම ද වෙයි.


ක්‍රිස්තු වර්ෂ 1467 දී මේ රජතුමා මිය ගිය විට එතුමාගේ දියණියගේ පුතා වූ ජයබාහු කුමරා දෙවන ජයබාහු රජ නමින් බලයට පත් විය.