හමුදා හෙලිකොප්ටර් යානා - ප්‍රහාරක හෙලිකොප්ටර් යානා

ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සන්නද්ධ ඒවා වන අතර ඒවායින් යුධ ටැංකි ආදිය විනාශ කිරීමටත් යුධ භූමියට ආසන්නව ගුවන් ආධාරක ප්‍රහාර සැපයීමටත් සමත්ය. නූතන ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවල ප්‍රථමයා වන්නේ වියට්නාම සංග්‍රාමයේ දී යොදා ගත් AH-1 කෝබ්‍රා නම් වූ යානාවයි. එය සාම්ප්‍රදායික ගුවන්නියමුවා නූතනයට රැගෙන ආ පුරෝගාමීය වන අතර පුළුල් යාත්‍ර රාමුවක් සහිත යානාවේ ඉදිරිපසට වන්නට තුවක්කු සහ ප්‍රහාරක රොකට් හා මිසයිල මගින් බලගන්වා ඇති ප්‍රබලයෙකි. තම ඉලක්ක ඉතා පහසුවෙන් හදුනාගැනීමට අවශ්‍ය සංවේදක එනම් MN Wave වැනි රේඛා පද්ධති වලින් මෙම ප්‍රහාරක යානා සමන්විතය. මෙම පද්ධති භාවිතා කිරීමට පහසුකම් ලබාදෙමින් එක්සත් රාජධානිය නිපද වු “ඇපචි” වැනි යානා පෙර විපරම් කටයුතු සඳහා යෝග්‍ය වන්නේ ද ඉහත කී සංවේදක පද්ධති නිසාමය.

නෙවාඩාහි නාවික ගුවන් ස්ථානයෙහි රුසියානු M:-24p..මෙම හෙලිකොප්ටරය ප්‍රහාරක මෙන්ම අඩු ප්‍රමාණයක සෙබළුන් පිරිසක් ද ප්‍රවාහනය කළ හැකි යානාවකි. (2000)

http://en.wikipedia.org/wiki/Military_helicopters#Attack_helicopters