සෙල්ජුක් බදාම රූ
සෙල්ජුක් බදාම රූ යනුවෙන් හැඳින්වෙන්නේ සෙල්ජුක්වරුන්ගේ ප්‍රදේශයන් හමුවූ බදාම රූප විශේෂයකි. ක්‍රි.ව. 11වන සිට 13වන සියවස දක්වා සෙල්ජුක් අධිරාජ්‍යයේ ස්වර්ණමය යුගයේ දී නිර්මාණය වී ඇත. මෙම රූප සෙල්ජුක් මාලිගාවල ඇතුළත බිත්ති සහ බිතු කැටයම් අලංකාර කිරීමට භාවිතා වූ අතර, බදාම සැරසිලි මගින් බිත්ති ආවරණය කිරීම සිදු විය. මෙම රූ තද පැහැයෙන් වර්ණ ගන්වන ලද අතර, බොහෝ අවස්ථාවල රන් ආලේප කිරීම ද සිදු විය. මෙමගින් රාජකීය රූ නිරූපණය වන අතර, බලයේ අධිකාරීත්වයේ සංකේතයක් ලෙස මේවා සැලකේ.
සෙල්ජුක් ඉස්ලාමික කලාව
සංස්කරණයසෙල්ජුක්වරුන් යනු මධ්‍ය ආසියානු සංචාරක ගෝත්‍රික සම්භවයක් සහිත තුර්කික රාජවංශයකි. දණ්ඩනකාන්හි සටනින් ඝස්නවිද්වරුන්ව සහ බුයිද් රාජවංශය පරාජය කිරීමෙන් පසුව, ඔවුහු නැගෙනහිර ආසියානු ලෝකයේ නව පාලකයන් බවට පත් වූහ. මෙම වියග්‍රහණයන්ගෙන් පසු, සෙල්ජුක්වරු තමන් අබ්බාසිද් කාලිෆේටයේ සහ සුන්නි ඉස්ලාමයේ නව අනුග්‍රාහකයන් ලෙස ප්‍රකාශ කරන්නට වූහ. සියවසකින් අර්ධයක පමණ කාලයක් තුළ දී, සෙල්ජුක්වරුන් විශාල අධිරාජ්‍යයක් ගොඩනැගීමට සමත්වූ අතර එයට ඉරානය, ඉරාකය සහ ඇනටෝලියාවෙන් වැඩි ප්‍රදේශයක් ඇතුළත් විය. සෙල්ජුක්වරුන් යටතේ ඉරානය සංස්කෘතික අතින් සමෘද්ධිමත්භාවයක් ලැබී ය. ගෘහිනර්මාණ සහ කලා නිර්මාණ බොහෝමයක් මෙම යුගයේ නිර්මාණය වූ අතර, මෙම ප්‍රදේශයේ පසුකාලීන කලාත්මක සංවර්ධනය කෙරෙහි එය බෙහෙවින් ඉවහල් විය.[1]
සෙරමික් කලාව සැලකූ විට, යටිඔපය සහිත අලංකාර මෝස්තර නිර්මාණය වූ අතර, දීප්තිමත් මෝස්තර සහ බහුවර්ණ සිතුවම්කරණය එහි දී කැපීපෙනිණි. රිදී සහ රන් ගිල්ලවීම මගින් ලෝහ භාණ්ඩ ද අලංකාර කෙරිණි. සෙල්ජුක්වරු සතුන්, මිනිසුන් සහ ස්ත්‍රීන් නිරූපිත බොහෝ සැරසිලි අංග නිර්මාණය කළහ.[2] මෙලෙස මනුෂ්‍යත්වාරෝපිත රූ මුස්ලිම් සංස්කෘතිය තුළ තවදුරටත් විරළ නොවී ය. එහි දී මස්ජිද වැනි ශුද්ධ වූ ස්ථාන සංකේතාත්මකව නිරූපණය දැඩිව තහනම් විය. නමුත් ලෞකික ස්ථානවල රූප බහුලව දැකගත හැකි විය.[3]
සෙල්ජුක් මාලිගා
සංස්කරණයවර්තමානය වන විට, සෙල්ජුක් මාලිගා නටබුන් බවට පත්ව ඇත. කැනීම් කටයුතු අනුව පෙනීගොස් ඇත්තේ මෙම මාලිගා අතීතයේ පිඟන් ගඩොල් සහ ජ්‍යාමිතික මෝස්තර සහිත බදාම බිතු කැටයම්වලින් අලංකාර කොට තිබූ බවයි. පැරණි ඝස්නවිද් යුගයේ මාලිගයක නටබුන් දක්නට ලැබෙන ලෂ්ගාරි බසාර් නම් ස්ථානයෙන් සෙබලුන් 44 දෙනකු නිරූපිත බහුවර්ණ සිතුවම් හමු විය. මේවා ශ්‍රවණාගාරයක පහළ මහල අලංකාර කිරීමට භාවිතා වී ඇත. මේ රූප සියල්ලේම සමාන රවුම් මුහුණු සහ ආමන්ඩ් හැඩවේ ඇස් දක්නට ලැබේ. සම්ප්‍රදායිකව මෙම ලක්ෂණ මධ්‍ය ආසියාවේ තුර්කිවරුන් හා සම්බන්ධ යැයි විශ්වාස කෙරේ.[4]
මෙම බදාම රූ රාජකීය මාලිගාවල මීට සමාන මන්ත්‍රණ ශාලා සහ රාජ සභා අලංකාර කිරීමට භාවිතා වන්නට ඇත. මේවා සෙල්ජුක් සුල්තාන්වරුන්ගේ විශාල මාලිගා හෝ ප්‍රාදේශීය අධිපතීන්ගේ කුඩා මාලිගා සැරසිලි කිරීමට භාවිතාකොට තිබෙනු දැකගත හැක.[3] මෙම බදාම රූ ඇතැම්විට කැටයම්වලට පසුසින් වූ බිත්ති අලංකාර කිරීමට යොදාගත් විශාල ජ්‍යාමිතික හැඩැති සැරසිල්ලක කොටසක් වන්නට පුළුවන. මෙවන් සම්පූර්ණ ස්වරූපයෙන් යුත් බදාම රූ හමුවන ස්ථානයකට නිදසුනක් ලෙස පසුකාලීන 12වන සියවසට අයත් රේයි ප්‍රදේශයෙන් හමුවූ කැටයම් දැක්විය හැත. මෙම රුව මගින් සෙල්ජුක් සුල්තාන් IIවන ටුඝ්රිල් (1194) සිය නිලධාරීන් පිරිවාර සිටිනු දැක්වේ. මීට සමාන නිදසුන් ඇෆ්ගනිස්ථානයේ බාස්ට්, සමර්කාන්ඩ්, සහ උස්බෙකිස්තානය යන ප්‍රදේශවලින් හමුවේ.[5] මේවා රතු, නිල්, කළු වැනි දීප්තිමත් වර්ණවලින් වර්ණ ගන්වා ඇති අතර, රන් ආලේප කොට ඇත. මෙම රූ මාලිගාවල අඳුරු කාමරවල නිර්මාණය කොට තිබීමෙන් පෙනීයන්නේ ඒවා හැකිතරම් ප්‍රදර්ශනය නොවන පරිදි තැබීමට අවශ්‍ය වූ බවයි.[3]
ස්වරූපය
සංස්කරණයබදාම (stucco) යනු මෘදු, සිමෙන්ති වැනි මාධ්‍යයක් වන අතර එට පහුසවෙන් කැටයම්කරණය සහ ඇඹීම සඳහා භාවිතා කළ හැක. එහි ඇති සැහැල්ලුභාවය නිසා පහසුවෙන් බිත්තියේ රැඳවීමට හැකියාව ලැබේ. 12වන සියවසට අයත් බොහෝ බදාම රූ නොවෙනස් ස්වරූපයෙන් පවතින්නේ ඒවා හමුවූ කාන්තාරවල ඇති වියළි ස්වභාවය නිසා ඒවා හොඳින් සංරක්ෂණය වී ඇති හෙයිනි. සෙල්ජුක් බදාම රූ නිල් (කුඩු කරගත් ලැපිස් ලැසුලි), රතු (කුඩු කරගත් පද්මරාග) සහ කළු වැනි දීප්තිමත් වර්ණවලින් වර්ණගන්වා ඇති අතර, රන් ආලේප කොට ඇත.[3]
මෙම රූ බලයේ සංකේතයක් ලෙස සැලකේ. රාජකීය මාලිගාවල නම් මේවා අධිරාජ්‍යයේ බලය සංකේතවත් කළේ ය. රාජකීය සෙබලුන්, රාජකීය අමාත්‍යවරුන්, රාජ සභීකයන් හෝ අමීර්වරුන් එහි දී නිරූපණය කෙරිණි. සෙබලුන් අසිපත් දරාසිටිනු නිරූපිත ය. ඔවුහු වර්ණවත් දිගු කබා, කලිසම්, ටිරාස් පටි සහ දිගු උස් සපත්තු පැළඳ සිටිති. රාජකීය රූවල නම් කිරුළු නිරූපණය කොට ඇත. නිව් යෝක්හි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ඇති රූ දෙකක කිරුළු දක්නට ලැබෙන අතර, ඉන් එක් අයෙක් පියාපත් සහිත කිරුළක් පැළඳ සිටියි. මෙය අධිකාරීත්වය හඟවන පුරාතන සංකේතයක් වන අතර එම සංකේතය පළමුවරට 3වන සියවසේ සැසේනියානු කාසිවල දක්නට ලැබේ. සියලු සේලජුක් බදාම රූපවල රවුම් මුහුණු දර්ශීය උසැති ක්මමුල් ඇට සහ ආමන්ඩ් හැඩැති අස්වලින් යුක්ත ය. මෙම ලක්ෂණය තුර්කික සඳ මුහුණු යනුවෙන් හැඳින්වෙන් අතර එය තුර්කි සහ මොංගෝල ජනවර්ගවල දක්නට ලැබෙන ලක්ෂණයකි.[2] මෙම බදාම රූ මගින් සාමාන්‍යයෙන් කිසියම් සිදුවීමක් නිරූපණය කරන අතර, එම රූ සවිකෙරුණු මාලිගාවේ අදාළ කුටිවල සිදුවන සැබෑ උත්සව එමගින් නිරූපණය විය හැක.[3]
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ Yalman 2001.
- ^ a b "The Seljuks and their Successors". THE DAVID COLLECTION. THE DAVID COLLECTION. 2017. සම්ප්‍රවේශය November 10, 2017.
- ^ a b c d e "Standing Figure with Jeweled Headdress". The Metropolitan Museum of Art. The Metropolitan Museum of Art. 2017. සම්ප්‍රවේශය November 10, 2017.
- ^ Öney 1984, පිටු අංක: 133-5.
- ^ Kianush, K. (1999). "THE SELJUKS 11th - 13th Century". IRANSAGA. Art Arena. සම්ප්‍රවේශය November 10, 2017.
උද්ධෘත කෘති
සංස්කරණය- Öney, Gônùl (1984). REFLECTION OF GHAZNAVID PALACE DECORATION ON ANATOLIAN SELJUK PALACE DECORATION. ASTM. Vol. III. Izmir: EÜ. EdebiyatFakültesi.
{{cite book}}
: Invalid|ref=harv
(help) - Yalman, Suzan (2001). "The Art of the Seljuqs of Iran (ca. 1040–1196)". The Metropolitan Museum of Art. The Metropolitan Museum of Art. සම්ප්‍රවේශය November 10, 2017.
{{cite web}}
: Invalid|ref=harv
(help)
බාහිර සබැඳි
සංස්කරණය- Harris, Beth; Zucker, Steven (2017). "Two royal figures (Saljuq Period)". Khan Academy. Khan Academy. සම්ප්‍රවේශය November 10, 2017.
{{cite web}}
: Invalid|ref=harv
(help)