සුළු -සංඥා ආකෘතිය යනු විදුලි ඉංජිනේරු විද්‍යාවෙහි බහුල ලෙසින් භාවිතා වන්නාවූ විශ්ලේෂණ ශිල්ප ක්‍රමයක් වන අතර, එහිදී සිදු කෙරෙන්නේ රේඛීය-නොවන උපකරණයන්ගේ චර්යාව, ආසන්න වශයෙන්, රේඛීය සමීකරණ අනුසාරයෙන් දැක්වීමයි. මෙම රේඛීයකරණය සිදු කෙරෙන්නේ, උපකරණයෙහි සධා නැඹුරුතා ලක්ෂ්‍යය (එනම්, සංඥාව නොයෙදෙන කල්හී පවතින වෝල්ටීයතා/ධාරා මට්ටම්) අවටදී වන අතර, එම ලක්ෂ්‍යය වටා සුළු පිට පැනීම් වලදී මෙම සන්නිකර්ෂණය සත්‍ය විය හැකිය.

අභිප්‍රේරණය සංස්කරණය

රේඩියෝ පරිග්‍රාහක, සන්නිවේදන, සහ සංඥා සැකසුම් පරිපථ ආදී, බොහෝ විද්‍යුත් පරිපථ සාමාන්‍යයෙන් දරන්නේ, නියත (සධා) නැඹුරුතාවයක් මත වන සුළු කාල-විචල්‍ය (ප්‍රධා) සංඥා වෙති. මෙයින් ඇඟවෙන්නේ, නැඹුරුතා ලක්ෂ්‍යය අසබඩ සිදුවන සාපේක්ෂ වශයෙන් කුඩා කැළඹීම් විශ්ලේෂණයට, පරිමිත අන්තර ක්‍රමයක් භාවිතායෙන් සන්නිකර්ෂණයට සමීප ක්‍රමයක් භාවිතය සුදුසු බවයි. සමස්ත පාලන විචල්‍යයන්ට සාපේක්ෂව එම සමීකරණයෙහි ආංශික ව්‍යුත්පන්න ගැනීමෙන් 'රේඛීයකරණය' කළ හැකි සඹිකරණයක් වෙතින් ඕනෑම රේඛීය-නොවන උපකරණයක් ප්‍රමාණාත්මක ලෙසින් විස්තර කළ හැකිය. මෙම ආංශික ව්‍යුත්පන්න, භෞතික රාශීන් ( ධාරණාව, ප්‍රතිරෝධය සහ ප්‍රේරතාව වැනි), හා ආශ්‍රිත විය හැකි අතර ඒවා හා සම්බන්ධ පරිපථ රූප සටහනක් සූත්‍රණය කළ හැක.

ඉලෙක්ට්‍රෝන නළ, ඩයෝඩ , ක්ෂේත්‍ර-ආචරණ ට්‍රාන්සිස්ටර (එෆ්ඊටී) සහ ද්විධ්‍රැව ට්‍රාන්සිස්ටර සඳහා සුළු-සංඥා ආකෘති පවතින අතර, වඩාත් සංගණ්‍ය ලෙසින් දෙමුහුන්-පයි ආකෘතිය සහ බොහෝ ද්වි-කවුළු ජාල පවතිති.


ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සුළු_-සංඥා_ආකෘතිය&oldid=290882" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි