සීමා බිස්වාස්

ඉන්දියානු නිළිය

සීමා බිස්වාස් (උපත 1965) යනුවෙන් හැඳින්වෙන්නේ ඇසෑමයෙන් බිහි වූ ඉන්දියානු චිත්‍රපට සහ වේදිකා නිළියකි. ඇය ප්‍රමුඛත්වයට පත්වූයේ ශේඛර් කපූර්ගේ බැන්ඩිට් ක්වීන් (1994) චිත්‍රපටයෙහි ඇය නිරූපණය කළ ඵූලන් දේවීගේ චරිතය නිසායි. ඒ උදෙසා ඇයට හොඳම නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය හිමි විය.[1] 2000 සංගීත් නාටක් ඇකඩෙමි සම්මානය හිමිකරගත් ඇය, දීපා මේහ්තා විසින් අධ්‍යක්ෂණය කළ වෝටර් (2005) චිත්‍රපටයෙහි ශකුන්තලා ලෙස නිරූපණය කළ චරිතය වෙනුවෙන් 2006 හොඳම නිළිය සඳහ වූ ජීනී සම්මානය දිනාගත්තා ය. ඇගේ අනෙකුත් මුඛ්‍යධාරා චිත්‍රපට අතරට ඛාමෝෂි: ද මියුසිකල් (1996) (මේ සඳහා ඇයට හොඳම සහාය නිළිය සඳහා ස්ක්‍රීන් සම්මානය හිමි විය), භූත් (2003), විවාහ් (2006), සහ හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ් (2017) වැනි චිත්‍රපට අයත් වේ. චිත්‍රපටවලට අමතරව බිස්වාස් රූපවාහිනී වැඩසටහන් ගණනාවක ද පෙනීසිට ඇත.

සීමා බිස්වාස්
බිස්වාස් 2009 නොවැම්බරයේ ඉන්දියාවේ 40වන අන්තර්ජාතික චිත්‍රපට උළෙල හි දී මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර
උපත1965 (වයස 58–59)
නාල්බාරි, ඇසෑම්, ඉන්දියාව
රැකියාවනිළිය
සක්‍රීය වසර1988–වර්තමානය
ප්‍රධාන නිර්මාණ
බැන්ඩිට් ක්වීන්

සටහන් සංස්කරණය

  1. "Bandit queen used to cry all night, used to act nude in front of director and cameraman". News Track (ඉංග්‍රීසි බසින්). 14 January 2020. සම්ප්‍රවේශය 25 June 2020.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සීමා_බිස්වාස්&oldid=477547" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි