සීක්‍රට් ඩෝ (රූපවාහිනී කතාමාලාව)

සීක්‍රට් ඩෝ (කොරියානු비밀의 문; ප්‍රරෝබිමිර්-උයි මුන්) යනු 2014දී විකාශය වූ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවක් වන අතර, මෙහි චරිත නිරූපණය හන් සුක්-ක්යු, ලී ජේ-හූන්, කිම් යූ-ජුං, පාක් ඉයුන්-බින්, කිම් මින්-ජොං සහ චෝයි වොන්-යොං විසින් සිදුකරයි. මෙය SBS නාළිකාව ඔස්සේ සඳුදා සහ අඟහරුවාදා 22:00ට විකාශය වූයේ 2014 සැප්තැම්බර් 22 සිට දෙසැම්බර් 9 දක්වා කථාංග 24කින් යුක්තව ය.[1][2][3][4]

සීක්‍රට් ඩෝ
ප්‍රභේදයකාලාන්තර නාට්‍ය
නාට්‍ය
දේශපාලන
අභිරහස්
රචනය කලේයූන් සුන්-ජූ
අධ්‍යක්ෂණය කලේකිම් හ්යුං-ෂික්
රඟපෑමඅන් සුක්-ක්යු
ලී ‍ජේ-හූන්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන24
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)චෝයි මූන්-සුක්
නිෂ්පාදක(යෝ)ලී යොං-ජූන්
ලී සං-මින්
ස්ථානය(න්)කොරියාව
ධාවන කාලයසඳුදා සහ අඟහරුවාදා 22:00ට (KST)
නිෂ්පාදන සමාගමපෝලොව්නියා
ප්‍රචාරණය
මුල් නාලිකාවසෝල් විකාශන පද්ධතිය
මුල් ධාවනයසැප්තැම්බර් 22, 2014 (2014-09-22) – දෙසැම්බර් 9, 2014 (2014-12-09)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේටෙම්ටේෂන්
අනුගමනය වනුයේපන්ච්
බාහිර සබැඳි
වෙබ් අඩවිය

කථාපුවත සංස්කරණය

මෙම කාලාන්තර නාට්‍යය මගින් යොංජෝ රජු සහ ඔහුගේ පුත් යි සුන් (කිරුළහිමි සදෝ කුමරු) අතර පැවති ඛේදනීය සම්බන්ධතාවය නිරූපණය වේ. යොංජෝ රජු රාජකීය බලය ශක්තිමත් කිරීමට උත්සාහ දරන විට, සරාගී, විචක්ෂණශීලී සුන් කුමරු සිහින දකින්නේ සමානාත්මතාවයෙන් යුත් පන්ති භේද රහිත සමාජයක් ගැනයි.[5]

චරිත නිරූපණය සංස්කරණය

ඓතිහාසික පසුබිම සංස්කරණය

සීක්‍රට් ඩෝ යනු විවේචනවාදී නාට්‍යයක් වන අතර, එය කිරුළහිමි සදෝ කුමරුගේ ජීවිතයේ අවසන් වර්ෂ අට නිරූපණය කෙරෙයි.[2]

ඓතිහාසික ලේඛන අනුව, ප්‍රධානව ඔහුගේ බිරිඳ විසින් ලියන ලද හ්යේග්යොං ආර්යාවගේ මතක සටහන් ග්‍රන්ථය අනුව, අනුව සදෝ උමතු, ප්‍රචණ්ඩකාරී පුද්ගලයකු වූ අතර ස්ත්‍රී දූෂක ඝාතකයකු ද විය. ඔහුව රාජ්‍යත්වයට නුසුදුසු වූ අතර, මාලිගයේ නීති අනුව යොංජෝ රජුට ඔහුව ඍජුවම මරාදැමිය නොහැකි විය. ඒ අනුව යොංජෝ රජු 1762 උණුසුම් ජූලි මාසයේ දිනෙක සදෝට විශාල සහල් ලී මංජුසාවකට නගින ලෙස පවසා ඔහුව එහි සිරකිරීමට නියෝග කළේ ය. දින අටකට පසු, 27 වියැති සදෝ හුස්මගැනීමේ අපහසුව සහ කුසගින්න හේතුවෙන් මියගියේ ය. සදෝට මානසික ආබාධයක් නොතිබූ බවට කුමන්ත්‍රණකාරී කටකතා පැතිරගියේ ය. ඔහු සිදුකළ විප්ලවකාරී වෙනස්කම් හේතුවෙන් ඔහුගේ විරුද්ධවාදීන්, ඔහුව නොකළ වැරදිවලට ඔහුව හසු කොට තිබූ බව ඉන් පැවසිණි. ඔහුගේ මරණය වටා සිදු වූ සිදුවීම් කොරියානු ඉතිහාසඥයින් අතර වාදවිවාද සඳහා තුඩු දී තිබේ.[1]

සදෝගේ පුත්‍රයා වූ ජොංජෝ රජු සිහසුනට පත් වූ පසු, සිය පියාගේ සොහොනට ගෞරව කළේ ය. ඔහු සදෝ සහ හ්යේග්යොං දෙදෙනාව ඔවුන්ගේ මරණින් පසු තනතුරෙන් ඔසවා තබා යංජෝ අධිරාජයා සහ හොන්යොං අධිරාජිනිය යන තනතුරු ලබා දෙන ලදී.

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

වර්ෂය සම්මානය ප්‍රවර්ගය පුද්ගලයා ප්‍රතිඵලය
2014 SBS නාට්‍ය සම්මාන විශිෂ්ටතම සම්මානය, මාලානාට්‍යයක නළුවා ලී ජේ-හූන් දිනාගති
හන් සුක්-ක්යු නිර්දේශිත
විශේෂ සම්මානය, මාලානාට්‍යයක නළුවා චෝයි වොන්-යොං නිර්දේශිත
ඉහළම තරු 10 ලී ජේ-හූන් දිනාගති
නවක තරු සම්මානය කිම් යූ-ජුං දිනාගති
නෙටිසන් ජනප්‍රියතා සම්මානය ලී ජේ-හූන් නිර්දේශිත
හොඳම යුවල සම්මානය ලී ජේ-හූන් සහ පාක් ඉයුන්-බින් නිර්දේශිත

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 ජුං, හ්යුන්-මොක් (18 ජූලි 2014). "පොප් කල්චර් රිසරෙක්ට්ස් ප්‍රින්ස් සදෝ". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2014-11-09.
  2. 2.0 2.1 බෙක්, බ්යුං-යුල් (18 අගෝස්තු 2014). "සේම් රෝල්, ඩිෆරන්ට් ඇක්ටර්ස්". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2014-11-09.
  3. ලී, සුන්-යොං; චුං, ජූ-වොන්; ආන්, සුං-මි (16 සැප්තැම්බර් 2014). "නිව් ටීවී ඩ්‍රාමාස් ටු ලුක් අවුට් ෆෝ". ද කොරියා හෙරල්ඩ්. සම්ප්‍රවේශය 2014-11-09.
  4. "සීක්‍රට් ඩෝ'ස් එන්තුසයස්ටික් ප්‍රෙස් කොන්ෆරන්ස්". ඩ්‍රාමාබීන්ස්. 18 සැප්තැම්බර් 2014. සම්ප්‍රවේශය 2014-11-09.
  5. "හිඩ්න් ටියර්ස් ඉන් සීක්‍රට් ඩෝ'ස් කැරැක්ටර් පෝස්ටර්ස්". ඩ්‍රාමාබීන්ස්. 1 සැප්තැම්බර් 2014. සම්ප්‍රවේශය 2014-11-09.
  6. පාක්, ජි-ර්යොන් (28 ජූනි 2014). "කිම් යූ ජුං ‍ටු ටේක් රෝල් ඉන් සීක්‍රට් ඩෝ විත් හන් සොක් ග්යු ඇන්ඩ් ලී ජේ හූන්". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය 2014-11-09.
  7. ලී, සුක්-මින් (10 ජූලි 2014). "කිම් මින්-ජොං සයින්ස් ෆෝ සීක්‍රට් ඩෝ". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2014-11-09.

බාහිර සබැඳි සංස්කරණය