සිසුපාල්ගාර්
සිසුපාල්ගාර් හෙවත් සිශුපාල්ගාර් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂාහි ඛුර්දා දිස්ත්‍රික්කයේ පිහිටි නටබුන් වූ බලකොටුවකි.[1] මෙය ඉන්දියාවේ විශාලතම සහ වඩාත්ම හොඳින් සංරක්ෂණය වී පවත්නා මුල්කාලීන ඓතිහාසික බලකොටු ප්‍රදේශයක් වේ.
ඛණ්ඩාංක: 20°13′35.9″N 85°51′11.0″E / 20.226639°N 85.853056°E
විස්තරය
සංස්කරණයසිසුපාල්ගාර් පුරාතන නගරයේ නටබුන් සොයාගැනුණේ ඉන්දියාවේ ඔඩිෂාහි අගනුවර වන භුබනේස්වර් ආසන්නයෙනි. සිසුපාල්ගාර් ජාතික ආරක්ෂිත ස්මාරකයකි. ගෘහනිර්මාණ සැලැස්ම සහ මුල්කාලීන කැනීම්වල දී සොයාගත් පුරාවස්තූන් අනුව, බී. බී. ලාල් නිගමනය කළේ මෙම බලකොටු නගරය දියුණුව පවතින්නට ඇත්තේ ක්‍රි.පූ. 3වන සියවසත් සහ ක්‍රි.ව. 4වන සියවසත් අතර කාලයේ බවයි. නව සොයාගැනීම් මත පදනම්ව, එම්. ස්මිත් සහ ආර්. මෝහන්ති පවසන්නේ මෙම බලකොටු නගරය පැවතියේ ක්‍රි.පූ. 5වන සියවස අටව කාලයේ සිට ක්‍රි.ව. 4වන සියවසෙන් පසු කාලය දක්වා බවයි.[2] මේ අනුව, මෙම ආරක්ෂිත ජනාවාසය මෞර්ය අධිරාජ්‍යයට පෙර ඇරඹී ඇත. නගරයේ ජනගහනය 20,000 සිට 25,000 දක්වා ප්‍රමාණයක වන්නට ඇත. පුරාවිද්‍යාඥයන් විසින් භූභෞතික සමීක්ෂණ, ක්‍රමගත පෘෂ්ඨ එකතූන් සිදුකොට ඇති අතර බලකොටු ප්‍රදේශයේ 4.8 kmක පරිමිතියකින් යුත් ප්‍රදේශයක කැනීම් කටයුතු සිදුකොට ඇත. ඔවුන් තනි නිවෙස් සහ නගර මෙන්ම ගෘහ නිර්මාණය පිළිබඳව ද අධ්‍යයනය කොට ඇත. සම්භාව්‍ය ඇතැන්ස්හි ජනගහනය 10,000ක් වූයේ යැයි සිතේ තබාගත් විට මෙහි ජනගහනය පිළිබඳ දළ අදහසක් ලබාගත හැක. කෙසේනමුත්, මෙම නගරයේ ජනගහනය පිළිබඳ අදහස් දැක්වීමට ඉක්මන් නොවිය යුතු බව පුරාවිද්‍යාඥයන් පවසන්නේ දැනට කැනීම් කොට ඇත්තේ නගරයේ කොටසක පමණක් වන නිසායි.[3] මෙම අඩවියේ පළමු කැනීම් කටයුතු සිදුකළේ 1948දී බී. බී. ලාල් විසිනි. ඇමරිකානු-ඉන්දියානු කණ්ඩායමක් 2001දී මෙහි වැඩ කටයුතු ආරම්භ කරන ලදී. 2005දී භූමි විනිවිදුම් රේඩාර් තාක්ෂණය මගින් දකුණු ප්‍රාකාරයේ භව්‍ය පිහිටීමක් පිළිබඳ අනාවරණය විය.[4] ලේසර් පරිලෝකකය ආධාරයෙන් බලකොටුවේ මධ්‍යය තෙක් (D කලාපය) කුළුණු ව්‍යූහ 19ක් ත්‍රිමාණව අනාවරණය කොටගෙන ඇත. මෙය බාධාවන්ට ලක්ව ඇති අතර අසම්පූර්ණ ය. චතුරස්‍රාකාර සැලැස්මේ බෑවුම් දොරටු දෙක මගින් විනිවිද යයි. සමකාලීන ජෞගාඩා සැලැස්ම 10° දක්ෂිණාවර්තව උතුරට විහිදේ.[5] 1125 m x 1115 m (මසත්කය මිනුම් කළ විට) වර්ග ප්‍රමාණයෙන් යුත් සිසුපාල්ගාර් හි පෘෂ්ඨය ජෞගාඩාවලට වඩා විශාල ය. සිසුපාල්ගාර්හි ආරක්ෂක විධිවිධාන මේ කාලයේ ඉන්දියාව පිළිබඳ වඩාත්ම අනාවරණය වූ තොරතුර වේ. පුරාතන ජනාවාස එතරම් ඝනත්වයකින් ව්‍යාප්ත නොවන්නට ඇත.
නටබුන් සංරක්ෂණය
සංස්කරණයලාල්ගේ කාලයේ මෙම අඩවිය කැලයෙන් වැසී ගොස් තිබිණි. මෙම පුරාතන ආරක්ෂිත ජනාවාසයේ භූමියෙන් විශාල පෙදෙසක් පෞද්ගලික භූක්තියට පත්ව ඇත. මෙම අඩවිය ජාතිකව ආරක්ෂිත නිසා මෙය ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතියි. 2005දී ඉන්දු-ජර්මන් කණ්ඩායමක් මෙම ජාතික ආරක්ෂිත අඩවියේ සිදුකොට ඇති නීතිවිරෝධී ඉදිකිරීම් පිළිබඳ වාර්තා කොට ඇත.[6][7] [8] 2002 සිට, වාර්ෂික චන්ද්‍රිකා ඡායාරූප මගින් මෙහි වයඹදිග චතුර්ථකයේ නීතිවිරෝධී ගොඩනැගිලි බහුලව ඇති බව අනාවරණය කොට ඇත. එය 2010 සිට වේගයෙන් වර්ධනය වේ. බලෙන් අල්ලාගන්නා ඉඩම්වල ක්‍රමයෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය ද අසුරා ඇත. අත්තිවාරම් බිත්ති ද ඉදිකෙරේ. නිලධාරීන් ක්‍රියා කිරීමට පෙර ඉක්මණින් ගොඩනැගිලි තැනීම සිදුවේ. 2010 සිට, මෙම පුද්ගලයින් දකුණු නගර ප්‍රාකාරය වෙත ද ළඟාවන බැව් පෙනෙන්නට ඇති නමුත්, නිලධාරීන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවක් නොපෙනේ.
සුප්‍රකට ඉතිහාඥ කරුණා සාගර් බෙහෙරා මෙම පොළොවේ වැළලුණු උරුමය සංරක්ෂණය පිළිබඳ හඬනගා ඇත. ඔහු සඳහන් කොට ඇත්තේ, "1940 දශකයේ පසු කාලයේ මෙහි පළමු කැනීම්වලින් හමුවූ රන් කාසි සහ ටෙරාකොට මැටි බඳුන් පසුව අතුරුදන් වීම ලජ්ජාවට කාරණකි."
ගැලරිය
සංස්කරණයසටහන්
සංස්කරණය- ^ "Sisupalgarh had a flourishing urban life: researchers". The Hindu. Chennai, India. 2008-02-08. සම්ප්‍රවේශය 2008-02-19.
- ^ M. Smith, Sisupalgarh Project (2001), http://www.sscnet.ucla.edu/ioa/smith/
- ^ Sahu, Sandeep (2008-02-18). "Ancient city discovered in India". BBC News. සම්ප්‍රවේශය 2008-02-19.
- ^ P. Yule. Early Historic Sites in Orissa, p. 20.
- ^ P. Yule–W. Böhler, Sisupalgarh: an Early Historic Fortress in Coastal Orissa and its Cousins, Beiträge Allgemeine Vergleichende Archäologie 24, 2004, 16-19, ISBN 3-8053-2518-5, URL: http://archiv.ub.uni-heidelberg.de/savifadok/volltexte/2009/222/
- ^ P. Yule/C. Borchert Sisupalgarh/Orissa: Illegal building operations in the North-West Area, privately distributed, 2005. URL: http://archiv.ub.uni-heidelberg.de/savifadok/volltexte/2008/146/
- ^ "A forgotten fort called Sisupalgarh". සම්ප්‍රවේශය 30 August 2010.
- ^ http://www.archiam-centre.com/Research/Sisupalgarh+Fortress.aspx
ආශ්‍රේයයන්
සංස්කරණය- Martin Brandtner, Kalinga und seine Hauptstadt in frühgeschichtlicher Zeit. Zum Bedeutungswandel einer ethnischen und geographischen Beziehung (Hamburg 2000)
- B.B. Lal, Sisupalgarh 1948: An Early Historical Fort in Eastern India. Ancient India 5, 1949, 62-105
- Dieter Schlingloff, Die altindische Stadt eine vergleichende Untersuchung (Mainz 1969)
- M. Smith, Sisupalgarh Project (2001), http://www.sscnet.ucla.edu/ioa/smith/
- Paul Yule, Early Historic Sites in Orissa (Delhi 2006) ISBN 81-89645-44-7
- http://archiv.ub.uni-heidelberg.de/savifadok/volltexte/2008/147/
- http://archiv.ub.uni-heidelberg.de/savifadok/frontdoor.php?source_opus=147&la=de/ සංරක්ෂණය කළ පිටපත 2012-06-01 at the Wayback Machine
- http://heidicon.ub.uni-heidelberg.de/EZDB-BildSuche?easydb=9ag4sm4rpao9ep96tq7bft69f0/
- http://archiv.ub.uni-heidelberg.de/savifadok/volltexte/2011/1793/