සිව්හෙළ සංකල්පය
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "සිව්හෙළ සංකල්පය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
සිව් හෙළ සංකල්පය යනු මහාසම්මතවාදීන් විසින් සිංහල ජාතියේ ප්‍රභවය පිළිබදව ඉදිරිපත් කරන්නාවූ මතවාදයයි. සිංහල ජාතියේ ප්‍රභවය පිළිබදව අතීතය පරිනාමයේ මූලය දක්වාම විහිදේ. බලංගොඩෙන්, බුලත්සිංහල ෆාහියන් ලෙනෙන් මතුවන්නේ ඒ අතීත හෙළයාගේ පරිනාමයේ විවිධවූ අවධීන්ය. මේ පූරාණ තලෙළු මිනිසා ආහාර එකතු කරන්නාගේ සිට දඩයක්කරුවා දක්වා පරිනාමය වී ඇති ආකාරය ආචාර්ය රාජ් සෝමදේව මහතාගේ පුරාවිද්‍යා හෙළිදරව් මාර්ගයෙන් තහවුරුවී ඇත.
ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජනාවාස පනහක් පමණ අපේ පුරාවිද්‍යාඥයෝ සොයාගත්හ.මේවා අතර ඉදල්ගස්හින්න, හල්දුම්මුල්ල, බණ්ඩාරවෙළ, පඹහින්න සහ සුවිශේෂීය. හල්දුම්මුල්ල කැණීම් තුළින් ගල් ආයුධ සහ ලෝහ පාෂාණ විශේෂයක්ද හමුවූබව වාර්ථාවිය. හෙළයා ගල් යුගයේ සිට යකඩ යුගය දක්වා පරිනාමය වූ ආකාරය මෙයින් මනාව පැහැදිළිවේ.
දඩයමෙන් ජීවත්වූවෝ විවිධ වූ පාරිසරික හා සමාජීය හේතු මත ගොවිතැනටද හුරු විය. රාජ් සෝමදේවගේ මතය අනුව මහඑළය නොහොත් වත්මන් හෝර්ටන්තැන්නේ දුරාතීතයේ විසල් ගොවිබිම් පැවත ඇත. ඉන් පුරාණ දඩයක්කරුවන් හා අර්ධ ගොවීයන් සඹරගොමු නිම්නයට පල්ලම් බැස ඇත.
මෙසේ පරිනාමය වූ හෙළ මානවයා දඩයක්කාර වැද්දා දක්වා වර්ධනය විය. වැදි යන වදනෙහි අරුත වනයේ වෙසෙන්නා යන්න මෙන්ම දඩයක්කාරයාය යන්නද වේ' වනයේ දඩයමෙන් ජීවත්වන වැදි සමයේ පරිසරයෙන් එන විවිධ භාධක හමුවේ බොහෝවිට සිය නෑසියන් හා සහෝදරත්වයෙන් වරිගයක් ලෙසින් ජීවත් විය. තමන් වෙත පැමිනෙන හදිසි අනතුරු අණ ලෙසත් කිසිවෙකු විසින් පමුණවන විපත් විණ ලෙසත් සැලකූහ. මේ අණවිණ වලින් ගැලවීමට ඔව්හු තමන්ව ජීවත්ව සිටින සමයේ ආරක්ෂාකා කළ දෙමාපියන් ඇතුළු නෑ සියන් නෑ යකුන් ලෙස දේවත්වයට පමුණවා ලීය. මේනිසාවෙන් යක් යන නාමය හෙළයින්ට පටබැදින. මේ ජනයා යකඩ නිපදවිම හා භාවිතය නිසාද පොදුවේ හෙළ යක් වැදි ගොත්තන් ලෙස හැදින්වියැ.
දඬයම් හිගවන විටැ ගොවිතැනට හුරුවීම මානවයාගේ ස්වභාවයකි. මේ අනුවැ හැල්, කුරක්කන්, වී වැනි වගාවන් හා සත්ව පාලනයට යොමුවිය. මේ පිරිස අස්වද්දන්නන් යන අරුතෙන් අසුර නාමය ගත්හ. ඔව්හු සෙසු යක් ගොත්තන්ගෙන් වෙනස්වැ සංවවර්ධනය විය.
විවිධ දේශීය හා විදේශීය අභයෝග හමුවේ සිය ජීවන වෘර්තීන් සමග ආරක්ෂක කටයුතු කාර්යක්ෂම සිදුකිරීමට නොහැකි නිසා ඉතිහාසයේ එක් දිනක හෙළ දිව පුරා විහිදී බැවති ගෝත්‍ර දෙකේම වරිගවලට අයත් සෑම ගම්මානයක්ම නියෝජනය කරන ගමිණිවරු එක් ස්ථානයකට රැස්විය. මෙහිදී මධ්‍යගත පාලන ඒකකයක්, පාලන නීති රීති පද්දතියක් හා ආරක්ෂක කාරිය සදහා වෙනම පිරිසක් තෝරාගැනීමටද යොජනාවිය.
මෙහි දී සංවිධනය කරගන්නා ලද රක්ෂස ගෝත්‍ර හමුදාව අවසාන රාවණ රජුසමයේ රාම ආක්මරණය දක්වාම පැවතින. එමෙන්ම මෙහිදී සම්මතකර ගත් නීති රීති පද්දතිය පෙර සිරිත ලෙසින් උඩරට ගිවිසුම දක්වාම පැවතුණි. ජනතාවගේ සෘජු නියෝජිතයින්ගේ සම්මතයෙන් පත්වූ නිසා හෙළයේ පාලකයාගේ මූලය ජනතාවය. මහා සම්මතවාදය නම්වූ පාලන ක්‍රමය අඩු වැඩි වශයෙන් උඩරට ගිවිසුම දක්වාම පැවතුනි.
මේ ගෝත්‍ර ත්‍රිත්වයට අමතරව නාග නම් වෙළද, නාවික හා වාරිශිල්පීය ගෝත්‍රයක්ද නාග නමින් නිර්මානය විය. කලක් යන විට නාග නමින් අභිචාරයක්ද මොවුන් අතර ජනප්‍රිය විය. පසුකාලයේ සෙසු ගෝත්‍ර අභිමවමින් මෙම නාගයින් බලවත්වනු දක්නට ලැබේ.
මෙම යක්ෂ දේව රක්ෂස නාග යන හෙළ සිව්හෙළ ගෝත්‍ර කාලයාගේ ඇවෑමෙන් සී හෙළ - සී හළ -සිංහල විය.