සිවතීර්ථ මාථා, පැරණි නගරය
සිවතීර්ථ මාථා යනු භුවනේස්වර් පැරණි නගරය අවට පිහිටා ඇති හින්දු මාථාවකි. (ආශ්‍රමයකි)[1] මෙය චන්දන් යාත්‍රා සහ දෝල පූර්ණිමා යන උත්සව සඳහා ප්‍රසිද්ධියට පත්ව ඇත. දෝල පූර්ණිමා උත්සවය සමරනු ලබන්නේ, දෝල පූර්ණිමා දිනයේ දී ලිංගරාජ දෙවියන් සිය පන්ක්ති භෝගෝ (සමූහ දිවා භෝජනය) ගත් ස්ථානය මෙම මාථා ආශ්‍රමය යැයි ඇති විශ්වාසයත් සමගිනි.[1]
සිවතීර්ථ මාථා | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | භුබනේස්වර් |
භූගෝලීය ඛණ්ඩාංක | 20°14′21.69″N 85°50′3.03″E / 20.2393583°N 85.8341750°Eඛණ්ඩාංක: 20°14′21.69″N 85°50′3.03″E / 20.2393583°N 85.8341750°E |
අනුබැඳියාව | හින්දු ආගම |
ජනපදය | ඔඩිෂා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | කාලිංග සම්ප්‍රදායය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය) |
පිහිටීම සංස්කරණය
භුබනේස්වර් පැරණි නගරයෙහි රාථාගාදා චොව්ක් හි නැගෙනහිර දෙසින් මෙම මාථා ආශ්‍රමය පිහිටයි. මෙම ආශ්‍රමයට පිවිසිය හැකි එක් පිවිසුමක් වන්නේ ලිංගරාජ් දේවස්ථානයේ සිට මෞසිමා දේවාලය තෙක දිවෙන රථා මාර්ගය ඔස්සේ ය. මෙය ලිංගරාජයේ උත්තර ද්වාරයේ සිට මීටර් 30ක් පමණ දුරින් පිහිටා ඇත. 1970 දී මාථා ආශ්‍රමය උරුම කොමිසම යටතට ගන්නා ලදී. මෙම මාථා ආශ්‍රමය සංකරාචාර්ය නම් සම්ප්‍රදායයට අයත් වේ. ලිංගරාජ දෙවියන්ගේ රථය තැනීමට ගන්නා දැව කඳන් වඩුවන් විසින් කැටයම් කිරීමට ප්‍රථම මෙම දේවාලය වෙත ගෙනැවිත් ඇත.
සිවතීර්ථ මාථා භූමදාන දේවස්ථාන සංස්කරණය
මාථා සීමාව තුළ දේවස්ථානයන් පිහිටා ඇත්තේ නැගෙනහිර කෙළවරට වන්නට ය. ලිංගරාජ් දේවස්ථානයේ උත්තර පිවිසුම ඉදිරිපස රථා මාර්ගය ඔස්සේ මාථා පිහිටා ඇත. දහතුනක් පමණ වන භූමදාන දේවස්ථාන පේළි එක හමාරක් ලෙස ගොඩනගා ඇත. පසුපස පේළියෙහි දේවාල නවයක් දක්නට ලැබේ. ඉන් උතුරු දෙසින් පිහිටි දේවාල සතරක්පෞද්ගලික තාප්පයක් විසින් අනවසරයෙන් කොටු කරගෙන ඇත. දකුණු දිශාවේ පිහිටි දේවස්ථාන අර්ධ වශයෙන් වැළලී ඇත. පළමු පේළියේ ඇති දේවාල හතරෙන් තුනක් ගන්දි අංගය තෙක් වැළලී ඇති අතර සිව්වන දේවාලය බාදා දක්වා ඇත. භූමදාන දේවාල චතුරස්‍රාකාර සැලැස්මකින් යුක්ත ය. උච්චත්වය අනුව මෙම දේවාල ඵීඪ ක්‍රමයෙන් යුත් අතර, ඒවායේ බාදා, ගාන්දි සහ මස්තක යන අංග දැකගත හැක. මෙම දේවාලවල ගන්දි පේසා තුනකින් සමන්විත ය.
මේවාත් බලන්න සංස්කරණය
ආශ්‍රේයයන් සංස්කරණය
- ↑ 1.0 1.1 "Dola Purnima at Sivatirtha Matha, Bhubaneswar - TOH". 18 January 2013.
ග්‍රන්ථාවලිය සංස්කරණය
- Lesser Known Monuments of Bhubaneswar by Dr. Sadasiba Pradhan (ISBN 81-7375-164-1)