සිංගප්පූරු පාෂාණය
සිංගප්පූරු පාෂාණය යනු, විශාල වැලි ගල් පුවරුවක ඛණ්ඩයක් වන අතර, එය මුලින්ම පැවැතියේ සිංගප්පූරු ගංගාවේ මුව දොරෙහිය. අවම වශයෙන් 13වන සියවස තෙක් කාල නිර්ණය කෙරෙතැයි විශ්වාස කෙරෙන මෙම පුවරුව, සමහරවිට 10වන හෝ 11වන සියවස තරම් පැරණි විය හැකි අතර, ව්‍යාඛ්‍යානය නොකළ සෙල්ලිපියක් එහි විය. මෑත සිද්ධාන්ත ගෙන හැර පාන්නේ, මෙම සෙල් ලිපිය එක්කෝ පුරාණ ජාවා හෝ සංස්කෘත හෝ භාෂා වලින් ලියැවී තිබුණු බවයි. මෙම සෙල් ලිපිය පිහිටවූ තැනැත්තා සුමාත්‍රා ජාතිකයෙකු වූවා විය හැක. ගංගා මුව දොර පුළුල් කිරීම සඳහා සහ එය අවහිර වලින් තොර කිරීම සඳහා 1843 වසරෙහිදී මෙම පුවරුව පුපුරවා හැරියේ බලකොටුවක් තැනීම සහ එහි ආඥාපතියාගේ නිවහන තැනීම උදෙසාය.
සිංගප්පූරු පාෂාණය | |
---|---|
ද්‍රව්‍යය | හුණුගල් |
Size | 67 සෙ.මී. (26 අඟල්), 80 kg (180 රාත්) |
ලේඛනය | නොදන්නා පෙළ; බොහෝ විට පුරාණ ජාවා හෝ සංස්කෘත |
Created | අඩුම වශයෙන් 13වන සියවස සහ, සමහර විට 10වන හෝ 11වන සියවස |
සොයාගැනීම | සිංගප්පූරු ගංගාවේ මුව දොර, 1819 |
වර්තමාන පිහිටුම | සිංගප්පූරු ජාතික කෞතුකාගාරයෙහි සිංගප්පූරු ඉතිහාසය පිළිබඳ ගැලරියෙහි ප්‍රදර්ශනයට තබා ඇත |
14 වන සියවසෙහි විසූ යෝධයෙකු වූ බඩං හා සබැඳි පුරාවෘත්තගත කථාන්තරය සහ මෙම පුවරුවෙහි සම්බන්ධතාවයක් තිබිය හැකි අතර, මෙම යෝධයා විසින් සිංගප්පූරු ගංගාවෙහි මුව දොර වෙත විශාල පාෂාණයක් වීසි කළ බව කියැවෙයි. බඩංගේ මරණයෙන් පසුව, රජු විසින් ඔහුගේ සොහොන මතින් ගල් ටැම් දෙකක් තැනූයේ "සිංහපුර සමුද්‍ර සන්ධිය පිහිටි ස්ථානයෙහි" බව කියැවෙයි.
දැනට, සිංගප්පූරු ජාතික කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති මෙම පාෂාණය, කෞතුකාගාරය විසින් 2006 ජනවාරි මාසයෙහිදී නම් කෙරුණේ, "ජාතික වස්තූන්" 11 අතුරින් එකක් බවට වන අතර, ජාතික උරුමයන් පිළිබඳ සභාව විසින් එය නම් කෙරුණේ, එහි කෞතුකාගාරයන්හී තබා ඇති වටිනා පුරා කෘතීන් 12 අතුරින් එකක් බවටයි.