සිංගප්පූරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

සිංගප්පූරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු, සිංගප්පූරුවේ උත්තරීතර නීතිය වෙයි. ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වන්නාවූ එහි පෙළ, 1965 අගෝස්තු 9 දින සිට බලාත්මක වූ අතර, එය ව්‍යුත්පන්න වූයේ 1963 සිංගප්පූරු රාජ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සිංගප්පූරු ජනරජයේ නිදහස් පණත 1965 (No. 9 of 1965, 1985 Rev. Ed.) වෙතින් සිංගප්පූරුවට අදාළ පරිදී සකස් කෙරුණු මලයාසියාවේ ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන් සහ, සිංගප්පූරු ජනරජයේ නිදහස් පණත යන්නම යන දේ වෙතිනි. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙළ, සිංගප්පූරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ නීතිකව බන්ධනීය මූලාශ්‍ර අතුරින් එකක් වන අතර, අනෙකුන් වන්නේ ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ අර්ථ නිරූපණ සහ, වෙනත් අනෙකුත් ආඥා පණත් වෙති. බන්ධනීය-නොවන මූලාශ්‍ර වන්නේ, මෘදු නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සම්මුති සහ, රාජ්‍ය ජාත්‍යන්තර නීතිය වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නීතිය කෙරෙහි වන බලපෑම් වෙති.

සිංගප්පූරු ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, 2006 ජනවාරියේදී ඡායාරූපයට නගන ලදි
උද්ධාරය1985 Rev. Ed., 1999 Rep.
ප්‍රඥප්ත කළේසිංගප්පූරුවේ පාර්ලිමේන්තුව
ප්‍රඥප්ත කළ දිනය22 දෙසැම්බර් 1965
අනුමතියට පත්වූ දිනය23 දෙසැම්බර් 1965[1]
ඇරඹුනු දිනය9 අගෝස්තු 1965
නීති පද්ධතියේ ඉතිහාසය
පණතසිංගප්පූරු ජනරජ නිදහස් පණත
පණතේ නම් කිරීමපණත් අංක. 1965 වසරෙහි B 43
ඉදිරිපත් කළේලී ක්වාන් යූ
පළමු කියවීම13 දෙසැම්බර් 1965[2]
දෙවන කියවීම22 දෙසැම්බර් 1965[3]
තෙවන කියවීම22 දෙසැම්බර් 1965[4]
සබැඳි නීති පද්ධති
සිංගප්පූරු ජනරජයේ නිදහස් පණත 1965 (No. 9 of 1965, 1985 Rev. Ed.)
(ඉහත දින මෙම පණතට අදාල වෙති)
තත්ත්වය: සක්‍රීය

එහි ප්‍රථමවර අධිකරණපාත්‍රතාව– එනම්, ප්‍රථමවර නඩු ඇසීමේ බලය – ව්‍යාපාරණයේදී, මහාධිකරණය විසින් අධිකරණමය පුනරික්ෂණ දෙකක් පිළිගනියි: නීති පද්ධතියේ අධිකරණමය පුනරික්ෂණය සහ, පරිපාලනමය පණත් වල අධිකරණමය පුනරික්ෂණය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි IV කොටසෙහි දැක්වෙන මූලික නිදහස ලිහිල් ලෙසින් අර්ථකථනය කළ යුතු බවට 1980දී වූ නඩුවකදී ප්‍රිවි කවුන්සිලය විසින් පිළිගනු ලැබුවද, පාර්ලිමේන්තුවට අනුවර්තනයක් දැක්වීමේ සහ දැඩි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල වලංගුතාවය දැඩි ලෙසින් පූර්වනිගමනය කිරීමේ දර්ශනයක්, සිංගප්පූරු අධිකරණයන් විසින් සාමාන්‍යයෙන් අනුගමනය කරන අතර, මෙය නිසාම සමහර නඩු විභාගයන්හිදී මූලික නිදහස පටු ලෙසින් අර්ථ විග්‍රහයට ලක්ව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විධිවිධානයන්ට පාදකවූ අභිප්‍රාය හෝ විෂය වස්තුව හෝ වෙත අනුග්‍රහ දක්වන අර්ථ නිරූපණ වෙත පක්ෂපාතී අභිප්‍රායමය උපගමනයක් මෙම අධිකරණයන් විසින් අපත්‍යීකරණය කෙරෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 4 වන වගන්තිය විශේෂාකාරයෙන් ප්‍රකාශ කර සිටින්නේ එය රටෙහි උත්තරීතර නීතිය බවටයි. උත්තරීතර භාවය සඳහා වන ඇල්බට් වෙන් ඩයිසිගේ උපමානයන් ත්‍රිත්වය, මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සම්පූර්ණ කරන බවක් පෙනෙයි: සංහිතාකරණය, අනම්‍යතාව සහ, අධිකරණයන් විසින් අධිකරණමය පුනරික්ෂණ සඳහා අවකාශ පැවතීම. කෙසේවෙතත්, සාමාන්‍ය අදහස වන්නේ ප්‍රයෝගික වශයෙන් එය උත්තරීතර නොවිය හැකි බවත් සීංගප්පූරුවේ නීති පද්ධතිය තත්වාකාරයෙන් විදහාපාන්නේ පාර්ලිමේන්තු ස්වෛරීත්වය බවත්ය.

  1. ^ ඒ.පී. රාජා (කතානායක), "මෙසේජ් ෆ්‍රොම් ද ප්‍රසිඩන්ට් ඔෆ් ද රිපබ්ලික් ඔෆ සිංගපූර් (අසෙන්ට්ස් ටු බිල්ස් පාස්ඩ්)", සිංගප්පූරු පාර්ලිමේන්තු විවාද, නිල වාර්තාව (24 දෙසැම්බර් 1965), vol. 24, col. 557.
  2. ^ ලී ක්වාන් යූ (අග්‍රාමාත්‍යවරයා), ජනරජයේ නිදහස පණතෙහි පළමු කියවීම අතරතුර කථාව , සිංගප්පූරු පාර්ලිමේන්තු විවාද, නිල වාර්තාව (13 දෙසැම්බර් 1965), vol. 24, col. 37.
  3. ^ ලී ක්වාන් යූ, ජනරජයේ නිදහස පණතෙහි දෙවන කියවීම අතරතුර කථාව , සිංගප්පූරු පාර්ලිමේන්තු විවාද, නිල වාර්තාව (22 දෙසැම්බර් 2012), vol. 24, cols. 451–455.
  4. ^ ලී ක්වාන් යූ, ජනරජයේ නිදහස පණතෙහි තෙවන කියවීම අතරතුර කථාව , සිංගප්පූරු පාර්ලිමේන්තු විවාද, නිල වාර්තාව (22 දෙසැම්බර් 2012), vol. 24, cols. 455–456.