Australasian Darter

බමන නටන්නිය යනු චක්‍රනෘත්‍යයෙහි යෙදෙන නාටිකාංගනාවක් වැනි සදෘශ්‍යයක් දක්වන, චාලක, බහුස්ථායි ප්‍රකාශ මායාවකි. සමහරක් නිරික්‍ෂකයන් ආරම්භයෙහිදී දකින්නේ රූපය දක්‍ෂිනාවර්තව බමන බවක් වන අතර සමහරෙක් එය වාමාවර්තව බමන බවක් දකිති. මීට අමතරව, සමහරෙක් විසින් රූපය හදිසියෙහි විරුද්ධ අතට බැමීම අරඹන බවක් දකිනු ලබති. මෙම මයාව ව්‍යුත්පන්න වන්නේ ගැඹුර දක්වන දෘශ්‍ය ඉඟියන් රහිත වීම නිසාවෙන් ජනිත සහජ ව්‍යාකූලත්වයක් නිසාවෙනි. මෙම හෝ මෙවැනි හෝ දෘශ්‍ය ව්‍යාකූලත්වයන් හේතුවෙන් ජනිත වන්නාවූ, නෙකර් ඝනකය වැනි වූ, අනෙකුත් ප්‍රකාශ මායාවන්ද ඇත්තේය.

ඡායාරූපය: Nobuyuki Kayahara