සාරා (රූපවාහිනී කතාමාලාව)

සාරා යනුවෙන් හැඳින්වෙන්නේ 2006 දෙසැම්බර් 4 දින සිට 2008 ජූනි 20 තෙක් විකාශය වූ ඉන්දියානු මාලා නාට්‍යයකි.[1] මෙම කතාමාලාව විකාශය කෙරුණේ සහරා වන් නාළිකාවෙනි.

සාරා - ප්‍යාර් කි සෞගත්
"සාරා" සඳහා ප්‍රවර්ධන තේමා රුවක්
තැනුවේඑඩිට් II ප්‍රොඩක්ෂන්ස්
රචනය කලේශෝභිත් ජයිස්වාල්
අධ්‍යක්ෂණය කලේපවන් කුමාර් සාහු
රඟපෑමමෙතැන ඔබන්න
ඇරඹුම් තේමාව"සාරා"
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාංග ගණන362
නිෂ්පාදනය
ධාවන කාලයආසන්න. මිනිත්තු 25
ප්‍රචාරණය
මුල් නාලිකාවසහරා වන්
රූප ආකෘතිය480i (SDTV),
මුල් ධාවනය4 දෙසැම්බර් 2006 – 20 ජූනි 2008
බාහිර සබැඳි
වෙබ් අඩවිය

මෙම රූපවාහිනී කතාමාලාවේ අපර නාමය ප්‍යාර් කි සෞගත් වන අතර, මෙය කථාංග 362කින් සමන්විත විය.

කථාපුවත සංස්කරණය

මෙම කතාමාලාව තුළින් නිරූපණය වන්නේ සාරා ඛාන් නැමැත්තියගේ කථා පුවතයි. ආරම්භයේ දී ඇය සිය දීර්ඝ කාලීන පෙම්වතා වන සමාර් විවාහ කරගන්නට සූදනාම්ව සිටියි. නමුත් ඇගේ සොයුරිය වන සීනත්, ඇයට සිය සැමියා වන ආමීර්ගේ දෙවන බිරිඳ වන මෙන් ඉල්ලා සිටියි. මෙයට හේතුව සීනත්හට පවුලට උරුමකරුවකු ලබා දීමට නොහැකි වූ හෙයින් ආමීර්ගේ පවුලේ සාමාජිකයින් ඔහුට දෙවන විවාහයක් සූදානම් කොට තිබීමයි. සීනත් විශ්වාස කරන්නේ සාරා එම බිරිය විය යුත්තේ, වෙනත් තරුණියක විවාහ කරගැනුමෙන් ඔවුන් දෙදෙනා අතර දුරස් බවක් ඇතිවීම වළක්වා ගැනීමට බවයි. සමාර් අත්හැර සාරා ආමීර් සමග විවාහ වන්නේ සිය සොයුරියගේ යහපත ගැන සිතමිනි. කාලයක් යත්ම, සාරා සහ ආමීර් ප්‍රේමයෙන් බැ‍ඳෙති‍‍‍. එසේම සීනත් සහ සාරා යන දෙදෙනාම ගැබ් ගනිති.

කෙසේනමුත්, සීනත්ට ඇතිවූ අනාරක්ෂිතභාවය හේතුවෙන් ඇය සාරා සහ ආමීර් එකට සිටිනු දැකීම ප්‍රිය නොකරයි. සිය සොයුරිය සමග සැමියා බෙදා ගැනීමට අකමැති වන ඇය සාරා සහ ආමීර් අතර විරසකයක් ඇති කරයි. එසේම ඇය ආමීර්ට ඒත්තු ගන්වන්නේ සාරා‍ගේ දියණිය වන ඛුෂි ඔහුගේ දරුවකු නොවන බවත්, වෙනත් අයකුගේ බවත් ය. මෙය සාරාගේ ඇති වංකභාවය යැයි ඔහු සිතයි. අනතුරුව සාරාව දික්කසාද කරන ආමීර් ඇයව නිවසෙන් පලවා හරියි. තමන් සහ ආමීර් සහ විරසකයක් ඇති කළේ සීනත් බව සාරා වටහා ගනියි. මෙයට උපකාර කොට ඇත්තේ අන් කිසිවකු නොව ඇගේ පැරණි පෙම්වතා වන සමාර් බවත්, ඔහු ඊර්ෂ්‍යාවෙන් යුතුව තමන්ගෙන් පළිගන්නට උත්සාහ කරන බවත් ඇය හෙළි කරගනියි.

සරල අවංකව යුවතියක වූ සාරා මේ වනවිට පරිණත බුද්ධිමත් කාන්තාවක බවට පත්ව සිටින්නී ය. ඇය තමන්ට සහ තම දියණිය‍ට සාධාරණය ඉටු කිරීමට උත්සාහ දරයි. කථාවේ ඉතිරි කොටස මගින් නිරූපණය වන්නේ ඇය සීනත් සහ සමාර්හට දඬුවම් ලබා දීමට ගන්නා උත්සාහයයි. සාරා විසින් ආමීර් මරාදැමූයේ යැයි සිතන උසාවිය ඇයව වසර 10ක සිරදඬුව්ම නියම කරයි. වසර 10කට පසු ඛුෂි වැඩී සිටින අතර, සාරා සිරභාරයෙන් නිදහස් වෙයි. ඇය නැවත නිවස වෙත පැමිණෙයි. එම නිවසේ විසූ බොහෝ සාමාජිකයන් ඒ වනවිට දක්නට නැත. සාරාව ගිරිකුලක් වෙත රැගෙන එන සීනත්[2] ඇයට වෙඩි තබයි. ගිරි කුලෙන් ඇද වැටෙන සාරා මියගියේ යැයි සැවොම සිතති. නමුත් සාරාගේ ආත්මය තවත් දැරියකගේ සිරුරට ඇතුළු වී තිබේ. තම දරුවන් අනතුරක සිටින බව වටහාගන්නා ඇය යළි නිවසට පැමිණේනනේ සිය දරුවන් ආරක්ෂා කරගැනීමටත් සහ තමන්ගේ මරණයට හේතුව දැන ගැනීමටත් ය. ඇය මඳ කලකින්ම නිවසේ ෂෑම දෙනා සමගම මිතුරු වෙයි. සාගර්ගේ (ඛුෂිගේ ගුරුවරයා) සහාය ඇතිව සාරා සීනත්ගේ අනන්‍යතාව හෙලි කරන්නට සැලසුමක් යොදයි.

සීනත් සාගර්ව මරා දම්නනට තැත් කරන අතර, පවුලේ සියලු දෙනාම එය දැන ගනියි. තමන් ආමීර්ගේ දෙවන බිරිය ලෙස නිවසට රැගෙන ඒමට හේතුව කුමක්දැයි සාරා, සීනත්ගෙන් විමසයි. මෙම කාන්තාව සාරා බව සැමදෙනාම වටහා ගනිති. සීනත්ගේ කුමන්ත්‍රණ සහායිකාව වන ගූල් සියුල දෙනා ඉදිරියේ පාපොච්චාරණය කරයි. සාරා කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පසුවූ සීනත්, සාරාට එරෙහිව කුමන්ත්‍රණය කොට ආමීර්ව මරා දමා ඇත. ඇය සාරාව මරාදැමීමට ද කිහිප වරක් තැත්කොට තිබිණි. එසේම හෙළිවන්නේ සාරා විසින් සිය සොයුරියගේ සතුට (සීනත්ට අවශ්‍ය වූයේ පුත්‍රයකු බිහි කිරීමටයි) උදෙසා සිය පුත්‍රයාව ඇයට ලබා දී සීනත්ගේ දියණිය වූ ඛුෂි තමන්ගේම දරුවක් ලෙස හදාවඩා ගත් වයි. සාරා වෙත යන අමන් සිය මවට සමාව ලබා දෙන මෙන් ඉල්ලා සිටියි. සාරා අමන් සහ ඛුෂිව වැළඳගනියි. පොලිස් නිලධාරීන් විසින් ෂීනත්ව රැගෙන යනු ලබයි. වරද වෙනුවෙන් සාරාගෙන් සමාව ලද ගූල් ද යහපත් තැනැත්තියක බවට පත්ව සිටියි. සාගර් ඛුෂි හට විවාහ යෝජනාවක් ගෙන එයි. කථාව අවසන් වන්නේ පවුලේ සෑමදෙනාම ප්‍රීතියෙන් යුතුව යළි එක්වීමෙනි.

චරිත නිරූපණය සංස්කරණය

අන්තර්ජාතික විකාශය සංස්කරණය

ඇෆ්ගනිස්ථානය තුළ මෙම කතාමාලාව ඒරියානා ටීවී නැමැති නාළිකාව ඔස්සේ දාරි පර්සියන් බසින් හඬකවා සෝහ්රා යන තේමාව යටතේ විකාශය කරන ලදී. රුමේනියාව සහ මෝල්ඩෝවාවේ නැෂනල් ටීවී නාළිකාව මගින් මෙම කතාමාලාව විකාශය කරන ලදී. අසර්බයිජානයේ ලයිඩර් ටීවී නාළිකාව විසින් ද මෙම කතාමාලාව විකාශය කරන ලදී.

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Sahara One Programmes