සාගර ආග්‍රීකරණය


මානවයා විසින් නිකුත් කරන ලද කාබන් ඩයොක් සයිඩ් මගින් මුහුද මතු පිට PH අගය 1700 හා 1990 වකවානුවලදී වෙනස් වේ.

සාගර ආම්ලීකරණය යනු පෘථිවි සාගරවල සිදුවන PH අගය අඩුවීමට දී ඇති නමයි. වායු ගෝලයේ කාබන් ඩයොක් සයිඩ් ප්රමාණය මිනිසා විසින් වැඩි කිරීම නිසා එය ඇති වී ඇත. 1751 සිට 1994 දක්වා සාගර මතු පිට PH අගය දල වශයෙන් 8.179 සිට 8.104 දක්වා එනම් -0.75 ක වෙනසක් ලෙසින් අඩුවී ඇති බවට ගණන් බලා ඇත.

කාබන් චක්රය

ස්වභාවික කාබන් චක්රයේදී වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්රණය වායු ගෝලය, භෞමික ජෛව ගෝලය හා සාගර අතර ප්රවාහයන්ගේ සමබරතාවයයි. භූමි පරිහරණය කිරීමේ වෙනස්කම් පොසිල ඉන්ධන දහනය හා සිමෙන්ති නිෂ්පාදනය වැනි මානව ක්රියාකාරකම් වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් ප්රවාහයක් ගලා ඒමට හේතු වී ඇත. ඒවායින් ඇතැම් කොටසක් වායු ගෝලයේ ඉතුරු වී ඇත. (ඒ වායු ගෝලීය සාන්ද්රණ වැඩි වීමට වග කියයි.) ඇතැම් කොටස් භෞමික ශාක මගින් ලබාගන්නා බවත් ඇතැම් ඒවා සාගර මගින් අවශෝෂණය කර ගන්නා බවත් විශ්වාස කෙරේ.

CO2 දිය වූ විට එය ජලයත් සමග ප්රතික්රියා කොට අයනික හා අයනික නොවන රසායනික විශේෂ අතර තුලිත තාවයක් ඇති කරයි. ඒ ජලීය කාබන් ඩයොක්සයිඩ් (Co2 aq) කාබනික් අම්ලය (H2Co3) බයිකාබනේට් Hco3- හා කාබනේට් CO32- අතර වේ. මෙම විශේෂ අතර අනුපාතය රඳා පවතින්නේ මුහුදු ජලයේ උෂ්ණත්වය හා භාෂ්මිකතාවය යන සාධක මතයි. (සාගරයේ ද්රව්ය පොම්පය) ලිපිය වැඩි විස්තර සඳහා බලන්න.

CO2 මුහුදු ජලායේ දියවීම සාගරයේ H+ අයන සාන්ද්රණය වැඩි කරයි. මෙය සාන්ද්රණික PH අගය අඩු කරයි. මෙම ක්රියාවලිය විස්තර කිරීමට සාගරික ආම්ලිකරණය යන පදය 2003 දී කැල්ඩේරියා හා විකට් විසින් හඳුන්වා දෙන ලදී.

කාර්මික විප්ලවය ආරම්භ වීමත් සමග ඒකක දශම 1 කින් පමණ සාගරික Ph අගය පහත වැටුණු බව විශ්වාස කෙරේ. මිනිසා විසින් නිකුත් කරන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කල හොත් 2100 වන විට තවත් ඒකක දශම 3 සි්ට 5 දක්වා පහත වැටෙතැයි ගණනය කොට ඇත.

සාගරය ආම්ලීකරණය වුවද එහි Ph අගය ජලයේ උදාසීන 7 ට වඩා වැඩි බව හඳුනා ගන්න. එබැවින් සාගරය භාෂ්මික තාවයෙන් අඩුවන බවට විශ්වාස කළ හැක.

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Ocean_acidification

"https://si.wikipedia.org/w/index.php?title=සාගර_ආග්‍රීකරණය&oldid=465187" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි