පිටුවේ ලිපිනය නිවැරදි කිරීම සංස්කරණය

මේ ලිපිය හන්තාන ලිනක්ස් නමින් නිවැරදි මාතෘකාව සහිත ලිපිනයට ගෙන යා යුතු නමුත් දැනට හන්තානලිනක්ස් නමැති (පද බෙදීමේ අවුලක් සහිත) පිටුව පවතින බැවින් දේ එම පිටු මාරුව කිරීමට විකිය ඉඩ නොසලසයි. මේ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ගය කුමක් ද?

--Anandawardhana (talk) 02:56, 2 මාර්තු 2012 (යූටීසී)Reply

මේ පිටුවට විෂය වී තිබෙන ව්‍යාපෘතියෙහි සහ මෙහෙයුම් පද්ධතියේ නම හන්තාන ලිනක්ස් මිස හන්තානලිනක්ස් නො වේ. පිටුවේ ලිපිනය නිවැරදි කරගැනීමට උපකාර අපේක්ෂා කරමි. මේ කරුණු මා නිගමනය කරන්නේ හේතු කිහිපයක් නිසාවෙනි. 1) අදාළ මෙහෙයුම් පද්ධතියට නම තැබීමට සහභාගී වූ පිරිසගෙන් කෙනෙකු වීම නිසා 2) අදාළ මෙහෙයුම් පද්ධතියෙහි නිල වෙබ් අඩෙවියෙහිත් සියලු ලිපි ලේඛනවලත් එය හන්තාන ලිනක්ස් නමින් හැඳින්වෙන නිසා. විකිපීඩියාව මත මෙය නිවැරදි කරගැනීමට උපකාරයක් අපේක්ෂාවෙන් සිටිමි. එතෙක් අඛණ්ඩ ව පිටුවේ අන්තර්ගතය මත ද නැවත නැවතත් හන්තානලිනක්ස් යනුවෙන් ලිවීමෙන් වළකින මෙන් ඉල්ලා සිටිමි.--Anandawardhana (talk) 11:51, 2 මාර්තු 2012 (යූටීසී)Reply
නිවැරදියි. -- බිඟුවා සාකච්ඡාව 14:42, 2 මාර්තු 2012 (යූටීසී)Reply
බොහොම ස්තුතියි :) --Anandawardhana (talk) 02:43, 3 මාර්තු 2012 (යූටීසී)Reply
Return to "හන්තාන ලිනක්ස්" page.