සාකච්ඡාව:රුසියාවෙහි ඉතිහාසය

Latest comment: වසර 8කට පෙර by Rsekanayake

රුසියාවේ ඉතිහාසය අලලා ආසියානු මාසය වෙනුවෙන් නිර්මාණය කල මෙම ලිපිය උසස් තත්වයක ඇත. සමහර ස්ථාන නිවැරදි ලෙස අනුවර්තනය වී නැතිබවක් පෙනේ. මෙම ලිපිය තවදුරටත් වර්දනය කර නිර්මාණය කල යුතු බව මගේ වැටහීමයි.මෙම ලිපිපිය ඉංග්‍රීසි භාෂාවෙන් ලියවී තිබෙන මෙම ලිපියේ කොපියකි. එබැවින් ,මෙය ඉංග්‍රීසි විකිපීඩියාවේ පවතින අයුරෙන්ම හෝ ඊටත් ඔබ්බට යමින් තවදුරටත් සංවර්ධනය කරන්න්නේනම් එය සිංහල විකිපීඩියාවට කරන මහගු සේවයකි. ස්තුතියි ,ජයශ්‍රී --Rsekanayake (talk) 13:38, 27 නොවැම්බර් 2015 (යූටීසී)Reply

අනුවර්තනය වී නොමැති ස්ථාන දක්වන්නේ නම් නිවරද කිරීමේ කාර්යය පහසු වනු ඇත. --- Shwetha (talk) 15:02, 27 නොවැම්බර් 2015 (යූටීසී)Reply

@ Shwetha

  • 'පරිවර්තනය යනු කලාවකි' .එය එක් බසකින් තවත් බසකට පෙරලීමම පමණක් නොවේ.වාග් විද්‍යාත්මක දැනුමක්ද ඊට අමතරව භාෂා දෙකෙහිම සංස්කෘතිය ගැන ද හොඳ දැනුමක් තිබිය යුතුයි(ද්විභාෂිකත්වය).පරිවර්තනය සහ 'අනුවර්තනය' වෙනසද එහිදී හදුනාගත යුතුය . අන්‍ය ,පර භාෂාවකින් ශුද්ධ පරිවර්තනයක් සඳහා තවත් භාෂාවකට පෙරළන විට සිංහල භාෂාවේ, සංස්කෘතියේ, උප සංස්කෘතියේ හෝ සිංහල (ශ්‍රී ලාංකික) ජාතියේ අනන්‍යතාව නොබිඳෙන අයුරින් පරිවර්තනය කළ යුතුය. යම් වචනයකට ඇති බහු විද අරුත් මනා ලෙස දැන පරිවර්තනය හෝ අනුවර්තනය කල යුතුය.

'පරිවර්හානයකදී'

  • අනුවර්තකයාට අදහස ගෙන ලිවීමේ නිදහස ඇතත් පරිවර්ථකයාට එවැනි නිදහසක් නැත.
  • සිංහල පරිවර්ථනයක මුල් කෘතිය වෙනස් විය යුතතේ භාෂාවෙන් පමණි.අදහස ඒ අයුරෙන්ම ඉදිරිපත් කල යුතුය.
  • මුල් කෘතියේ අදහස සම්පුර්ණයෙන පරිවර්තනය කල යුතුය.
  • මුල් කෘතියේ භාෂා විලාසය පවත්වාගත යුතුය.
  • සිංහල භාෂාවට හානි නොකළ යුතුය.
  • මුල් කෘතියේ නාම වෙනස් නොකර ඒ අයුරෙන්ම පවත්වාගත යුතුය.

නමුත් අනුවර්තනයකදී මුල් කෘතියේ එන අදහස එම කතුවරයා ඉදිරිපත් කර ඇති ආකාරයටම ඉදිරිපත් කලයුතු නැත.භාවය පමණක් දීම ප්‍රමාණවත්ය. භාෂා විලාසය අවශ්‍ය පරිදි පවත්වා ගත හැකිය.සිංහල උරුවට අවශ්‍ය පරිදි ප්‍රදේශ නාම ආදී සංඥා නාම, යෙදිය හැක.

  1. මෙවැනි දීර්ග ලිපියක් පරිවර්තනය සදහා තෝරාගැනීමම වැරදියි.ඒ මක්නිසාද යත්. එම ලිපියෙන් දහයෙන් එක් පංගුවක් පමණ වන ප්‍රමනයකටයි ඔබ අවදානය යොමුකොට ඇත්තේ.එම ලිපියේ මුලාශ්‍ර පෙන්වීම්ම 222 තිබුනත් ඔබේ ඇත්තේ 2 ක් පමණි. ඉංග්‍රීසි නව කතාවක පෙර වදන පමණක් යම් කෙනෙකු පරිවර්තනය කිරීමෙන් යම් කෙනෙක් කියනවානම් මුළු කතාවම පරිවර්තනය කල බව එය පිළිගත නොහැක.
  2. ඔබ මෙම ලිපිය  ඉදිරිපත්කර ඇත්තේ තරගයකටය.තවද මෙමලිපිය මා පෙන්වාදීමෙන් අනතුරුව සංස්කරණයද කර ඇත.

ඔබ ඉදිරිපත්වී ඇති තරගයේ නීති රීති වල මෙසේ සදහන්වේ ' ලිපිය හුදෙක්ම යාන්ත්‍රික පරිවර්තනයක් නොවිය යුතු අතර, එය සතුව ඔබින භාෂා විලාසයක් තිබිය යුතුයි.'The article must not be purely machine translated and should be written in a decent language style. සිංහලට පරිවර්තනය කල පොත් ඕනෑතරම් වෙළද පොලේ ඇත. කොච්ච්චාර සිංහල දැනගත්තත් එවැනි පොතක් කෙතරම් නිරසද කියා කියවපු අය දන්නවා ඇති. තවද ඉංග්‍රීසි අකුරු යොදාගෙන සිංහල සිංග්ලිෂ් ක්‍රමයට ලියවුනු වදන් වැකි. සාකච්චා අන්තර්ජාලයේ බොහෝ සේ අපට හමුවේ .එකම වචනය දෙතුන් සැරේ කියවා කියවා තේරුම් ගැනීමට උත්සහා දැරීමට සිදුවේ. දීර්ග ලිපියක් නම් අවසානයේ පාඨකයාට ඔලුවේ කැක්කුම සෑදේ. මෙච්චර දිග ලිපියක් තෝරාගැනීම අවශ්‍යමනම් එය කෙටියෙන් ඉක්මනින් කල යුතුව තිබුනෙත් නම් ඔබ විසින් කළයුතුව තිබුනේ අනුවර්තනයකි.(සමස්තය කියවා බලා කෙටියෙන් සිංහලයට ගැලපීමය ,ඉහත මා සදහන් කර ඇත ) සමහර විවේචන ඔබ අප එකග නොවනවා විය හැක,එය හිත පාරවන සුළු විය හැක, නමුත් එය අවශ්‍යය. එහි ක්‍රියාකාරීත්වය හරියටම මිනිස් සිරුරේ සංවේදී තාවයට සමාන කල හැක.එය අපව අවදියෙන් තබයි,එය අපව නීරෝගීව තබයි.විනාශයෙන් වලකයි.

කෙසේ වෙතත් මට නොහැකි ඒ දේ ඔබ කෙටි කලකින් කිරීම ගැන අප ඔබට ගවුරව කල යුතුය.'පරිවර්තනය කිරීම යනු කලාවකි' හැකිනම් එය ප්‍රගුණ කරන්න! ,ඔබේ මේ කැපවීම තුලට එම කලාවද ගලපවා ගතහොත් සිංහල පාඨකයන්ට මහත් සේවයක් සැලසේ කියා සිතිය හැක. --Rsekanayake (talk) 23:24, 30 නොවැම්බර් 2015 (යූටීසී)Reply

Return to "රුසියාවෙහි ඉතිහාසය" page.