සාකච්ඡාව:බෞද්ධ පන්සල් ලැයිස්තුව

විකිපීඩියාවේ දැනටමත් ලිපි ඇති නම් අමුතුවෙන් ලයිස්තුවක් සැකසීමේ ප්‍රයෝජනය මට නොවැටහේ. ප්‍රවර්ග කිරීමෙන් එම අරමුණ සපුරා ගත හැකිය​. ලයිස්තුවක් තැනීමේ ප්‍රයෝජනය විය යුත්තේ වෙනම ලිපියක්(stub එකක් බවට හෝ) බවට පත් වීමට නොහැකි ප්‍රස්තූත​(මෙහි දී පන්සල්) ගැන වගුවක(සුදුසු) ආකාරයට සංක්‍ෂිප්ත තොරතුරක් සැපයීම හෝ ප්‍රස්තූත ගැන overview එකක් ලබා දීමටය​​. මෙම ලිපිය අමුතුවෙන් කිසිදු තොරතුරක් සපයන්නේ නැත​. ප්‍රවර්ගයක මෙහෙය කිරීමට ලිපි අවැසිද​? මේ කාරණාව ම චිර ප්‍රකට ආදි නාලන්දියයෝ ලිපියේද මතු කළෙමි. එහි වී ඇති එක ම දෙය notability ගණයට නොවැටෙන පුද්ගලයෝ ද තම නම තමා විසින් ම එයට ඇතුළත් කර ගැනීම ය​.    | අනංගයා | සංවාදය​ | 08:44, 28 ජූලි 2016 (යූටීසී)Reply

බෞද්ධ පන්සල් සංස්කරණය

මෙහි ශ්‍රී ලංකාව යටතේ දැක්වෙන අටමස්ථානය, ජේතවනාරාම දාගැබ, රුවන්වැලිසෑය, ලෝවාමහාපාය, ශ්‍රී මහා බෝධිය, අනුරාධපුර, සමාධි බුදු පිළිමය - අනුරාධපුර යන ඒවා බෞද්ධ පන්සල් නොවේ. ඒවා බෞද්ධ පුදබිම් ලෙස වහරේ යෙදීම සුදුසු වේ. මින් රුවන්වැලිසෑය, ලෝවාමහාපාය, ශ්‍රී මහා බෝධිය, අනුරාධපුර යන පුදබිම් මහා විහාරයට අයත් ඒවා වේ. ජේතවනාරාම දාගැබ, දාගැබකි. සමාධි බුදු පිළිමය, බුද්ධ ප්‍රථිමාවකි. අටමස්ථානය යන්න පන්සලක් ගැන අදහසක් නොදේ. මෙම ලිපිය පරිශීලක අනංගයා විසින් දක්වා ඇති පරිදි වගුවක (සුදුසු) ආකාරයට සංක්‍ෂිප්ත තොරතුරු සපයමින් සංවර්ධනය කල යුතු වේ. නිකන්ම සබැදිය යෙදීම, ප්‍රවර්ගයක කාර්යයම සිදු කරයි.--L Manju (talk) 11:35, 28 ජූලි 2016 (යූටීසී)Reply

Return to "බෞද්ධ පන්සල් ලැයිස්තුව" page.