මෙම පිටුව පිළිවෙලට සැකසීම ආරම්භ කර ඇත. අතුරු ලිපි වලට විස්තරාත්මක දෑ ගෙන යාම එහි පළමු පියවරයි... --Kalyanamithra 07:17, 17 මැයි 2008 (UTC)



කරුණාකර ඔබගේ මූලාශ්‍ර මූලික බුද්ධ දේශනා ඇසුරින්ම දක්වන්න. ඒ සඳහා The Pali Tipitaka යන මාර්ගගත ත්‍රිපිටකය යොදා ගත හැක. එය රුචි වීමට හේතූන් නම්,

  • මුළු ත්‍රිපිටකයම ඡේද කිහිපයකට වරක් (විවිධ ත්‍රිපිටක සංස්කරණ වල පිටු අංක වලට අනුකූලව) <a name=""> කේත යොදා අන්තර්ගතය මනා සේ උපුටා, යොමු දැක්විය හැකි පරිදි සකසා තිබීම
    උදා: මජ්‌ඣිමනිකායො→මූලපරියායවග්‌ගො→චූළයමකවග්‌ගො→චූළවෙදල්‌ලසුත්‌තං හි සංස්ඛාර ගැන කියවෙන පරිච්ඡේදය

[http://www.tipitaka.org/sinh/cscd/s0201m.mul4.xml#para463] පරික්‍ෂාකර බලන්න

  • භාෂා ගණනාවක අක්‍ෂර වලින් එකම රටාවට එම කේත යොදා තිබීම; මෙය අනෙක් විකි ව්‍යාපෘති වලට දත්ත ගෙන යාමට පහසුවකි
    උදා: ඉහත පරිච්ඡේදය ඉංග්‍රීසි අක්‍ෂර වලින්

[http://www.tipitaka.org/romn/cscd/s0201m.mul4.xml#para463] පරික්‍ෂාකර බලන්න


--Kalyanamithra 06:05, 18 මැයි 2008 (UTC)


මාතෘකාව සමඟ නොගැලපෙන අඩවියෙන් බාහිර පිටු කිහිපයකට යොමු ඉවත් කරන ලදී. --Kalyanamithra 06:13, 18 මැයි 2008 (UTC)

Introduction too long සංස්කරණය

The introduction part of this article is too long. I suggest part of introduction to be merged in to a 'History' section. --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 16:15, 8 මැයි 2010 (යූටීසී)Reply

එළ ! Singhalawap 17:21, 8 මැයි 2010 (යූටීසී)Reply

ජෛන ආගම නිවුන් දර්ශනයක් ලෙස සටහන් කිරීම සංස්කරණය

ජෛන ආගම නිවුන් දර්ශනයක් ලෙස සටහන් කිරීම යන කොටස තුල නිවුන් යන්නෙන් ගම්‍ය වන අර්තය පැහැදිලි නැත. මම එය යෝජනා කරමි

දසුන් (talk) 15:57, 7 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

එකඟයි. තර‍මක් සමාන ලක්‍ෂණ ඇති සමකාලීන ආගමක් ලෙස වෙනස් කිරීම වඩා සුදුසු යයි සිතමි. Singhalawap (talk) 16:04, 7 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

ධර්ම චක්‍රයේ නිවැරදි ආකාරය සංස්කරණය

ලිපියෙහි දැක්වෙන ධර්ම චක්‍රය ගරාදි 8කින් යුක්ත වේ.නමුත් මා දන්නා තරමින් නිවැරදි ධර්ම චක්‍රය සඳහා ගරාදි 24 අඩංගු විය යුතුවේ. බුදු දහම පිටුව සංස්කරණයට පලමුව සාකච්චාවට යොමු කර සිටිමි.

 
ගරාදි 24කින් යුතු ධර්ම චක්‍රය
ගරාදි 24 අරුත (චතුරාර්ය සත්‍ය)
  • දුක්ඛ ආර්ය සත්‍යය -12
  • දුක්ඛ සමුදය ආර්ය සත්‍යය -3
  • දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය -1
  • දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය (ආර්ය අෂ්ඨාංගික මාර්ගය) -8

ප්‍රදීප් මධුරංග (talk) 09:35, 9 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

Different cultures use different ධර්ම චක්‍ර. What you have shown is the "Ashoka"/"Mauryan" dharma chakra.
So both variations (8 & 24 ගරාදි) are correct.
Singhalawap (talk) 15:16, 9 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply




හිතවත් ප්‍රදීප් මධුරංග,
සිංහල විකිපීඩියාවේ පරිපාලකයෙකු වන Singhalawap ඔබගේ සිංහල පරිකථනයට ඉංග්‍රීසි බසින් පිළිතුරු දීම ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරමි. එතුමා සිංහල විකිපීඩියාවෙහි පරිපාලකයෙකු ලෙස (මනාප 8න්) තේරී පත්වුවද එතුමාගේ සිංහල දැනුම එතරම් මට්ටමක නැත. එතුමාගේ පරිකථනය සිංහලෙන් දක්වා සිටිමි. "විවිධ සංස්කෘතීන් විවිධ ධර්ම චක්‍ර භාවිතා කරති. ඔබ දක්වා ඇත්තේ අශෝක/මෞර්යය ධර්ම චක්‍රයයි. එබැවින් අනුවාද දෙකම (8 සහ 24 ගරාදි) නිවැරැදිය" ඔබට හා අනෙකුත් පරිහීලකයන් හට මෙය ප්‍රයෝජනවත් යැයි සිතමි. --ගිල්ගමෙෂ් (talk) 17:40, 9 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply
ස්තූතියි, ගිල්ගමෙෂ්
Singhalawap (talk) 18:07, 9 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply
අහා! ඔබටත් මෙම පරිවර්තනය ප්‍රයෝජනවත්ද? ප්‍රීතියි ප්‍රීතියි!! -- ගිල්ගමෙෂ් (talk) 18:29, 9 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply
බොහොම ස්තූතියි දෙපලටම,ගිල්ගමෙෂ් සහ Singhalawap වෙත.
ධර්ම චක්‍රයෙහි නිමාව නැව් සුක්කානමක ආකාරය නොගත යුතුය.එය කරත්ත රෝදයක ආකාරය ගත යුතු වේ එමෙන්ම නිදහසේ පෙරලී යාහැකි විය යුතුය.එබැවින් ගරාදි 8 හා 24 යන ආකාර දෙකම ඉහත අයුරින් වෙනස් වියහොත් නිවැරදි වේ.
ප්‍රදීප් මධුරංග (talk) 02:02, 11 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply
ප්‍රදීප් මධුරංග, සිද්ධාන්තයක් ලෙස මමද ඔබගේ මතයේ සිටිමි. නමුත් විකිපීඩියාවේ අපි කැමතිදේම කරන්න බෑනෙ. සිංහල බෞද්ධ ධර්ම චක්‍රය සම්මත ක්‍රමය අනුව නැව් සුක්කානමක් වගේ. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේත්, JR යුගයේ නිත්‍ය මුද්දරයේත් (ධර්මිෂ්ඨ සමාජයක්) ධර්ම චක්‍රය නැව් සුක්කානමක් වගේ. Singhalawap (talk) 01:18, 12 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply
Singhalawap ඔබ නිවැරදියි, ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයෙහිද පෙර සිටම පවතින්නේ ධර්ම චක්‍රය නැව් සුක්කානමක් ආකාරයටයි.එබැවින් සමහර අවස්ථා වලදී අප හට නිවැරදි දෙයට වඩා ඉතිහාසය හා ජනතාවගේ පුරුදු සඳහා ඉඩ දිය යුතු වේ. ප්‍රදීප් මධුරංග (talk) 16:17, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply


අඳුරේ සිටිමුද ඉටි පහනක් පත්තු කරමුද? --- අස්ලාන් (talk) 01:29, 12 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

මෙම පිටුවේ දැක්වෙන ගරාදි 24 න් ධර්‍ම චක්‍රයද, ගරාදි 8 න් අෂ්ට ලෝක ධර්‍මයද නිරූපණය වේ. නිවැරදි තීරණයක් ගැනීමට අරකේ වගෙ, මේකෙ වගේ යනාදිය සැලකිය යුතුද? raju (talk) 09:43, 14 ජනවාරි 2015 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:බුදු_දහම&oldid=326023" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "බුදු දහම" page.