Image nominated for deletion සංස්කරණය

Just to inform you commons:Commons:Deletion requests/File:Burning Man 228 (241613953) crop.jpg --MGA73 20:00, 1 ඔක්තෝබර් 2009 (යූටීසී)Reply

සීගිරි ලලනාවන් දක්වන්නේ නග්නත්වයද
ලිපියෙහි දැක්වෙන පරිදි නග්නත්වය යනු ඇඳුම් නොඇඳ සිටීම නම් සීගිරි ලලනාවන් ඇයි. මෙය බහාලූ පරිශීලක මහතා නාරිගම වෙත ගොස් ඡායාරූප ගෙන බහාලිය යුතුව තිබුණි. එකල සමාජයේ උඩුකය නිරුවත සමාජ තත්වය දක්වන්නක් වූ බව පවසන උගතුන් ඇත. එබැවින් සීගිරි ලලනාවන් මෙය කාමුකත්වය දක්වමින් කල එකක් නොවේ. ---- ශ්වෙත (talk) 15:48, 27 දෙසැම්බර් 2010 (යූටීසී)Reply

එතුමාගේ නිශ්චිත අදහස ගැන කීමට නොහැකි වුනත්, මෙම ගොනුව යොදාගැනීමේදී මෙය කාමුකත්වය දනවන්නට යොදාගත්තා යැයි කිසි තැනෙක සදහන් නොවෙයි. ඔබගේ සැලකිල්ල අගය කරන නමුත්, නග්නත්වය සෑම විටම ලිංගිකත්වය සමග ගලපා නොගත යුතුය. මෙම පිටුවෙහි ඉංග්‍රීසි පිටපතෙහි පවා නග්න කලා කෘති යොදා ගෙන ඇත, ඒ මිනිස් නග්නත්වයෙහි විවිධ අවස්ථා හා පැතිකඩයන් නිරුපණය කිරීමට විනා විෂයයට නොවැදගත් පුහු කාමුකත්වයක් පෙන් වීමට නොවේ. සීගිරි ලලනාවන්ගේ සිතුවම් හුදු කාමුකත්වයක් වෙනුවෙන් අදින ලද්දවල් යනුවෙන් පොදු විශ්වාශයක් ද නොපවතී. එකල ලාංකීය සමාජයේ පින්තුර යොදා ගැනීම ද උචිතව තිබුනද, වර්තමාන සමාජයේ පමණක් ජීවත් වන එතුමාට වෙන කෙනකුන් විසින් අතීතයේ ගන්නා ලද අවසර ලත් ඡයරූපයක් යොදා ගැනීම හුරුණු කොට, එවැන්නක් කීරීම පිළිබදව ඇති තාර්කිකත්වය ගැනද විෂේෂයෙන් සලකා බැලිය යුතුයි. මන්ද යත්, වර්තමාන ශ්‍රී ලංකාවේ නාරිගමෙහි එවැනි සංසිද්දීන් නොමැති නිසාවෙනි. කෙසේ වෙතත්, විකිපීඩියාව වාරණය කර නොමැති බවද මෙහෙදී මතක තබා ගත යුතුය.--Lankan wikier (talk) 15:55, 4 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply

මෙම ලිපිය අර්ධ ආරක්‍ෂිත කල යුතුය සංස්කරණය

ලිපියෙහි ඇති සංවේදී දෑ හේතුවෙන් ලිපිය කෙලෙසීමට ඇති ඉඩ නිසාවෙන්ද, මෙහි ඉංග්‍රීසි පිටපත පවා එම හේතුව නිසා අර්ධ ආරක්‍ෂිත කර ඇති හෙයින්ද, ලිපිය අර්ධ ආරකෂා කල යුතු බවට යෝජනාවක් කරමි.--Lankan wikier (talk) 16:35, 4 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:නග්නත්වය&oldid=345515" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "නග්නත්වය" page.