සාකච්ඡාව:ජිමී වේල්ස්

Latest comment: වසර 10කට පෙර by තඹරු විජේසේකර in topic අන්තර්ගතය

I have translated the Jimmie Wales's donation request message. Please add to relevent location if it is not available on Sinhala Wikipedia. Thanks.

http://wikimediafoundation.org/wiki/Appeal22C/en?utm_medium=sitenotice&utm_campaign=100test1110&utm_source=2010_testing50&country_code=LK

විකිපීඩියා විශ්වකෝෂයේ නිර්මාතෘ ජිමී වේල්ස් ගෙන් ඉල්ලීමක්

වසර 10 කට පෙර විකිපීඩියාව පිලිබඳව සඳහන් කරන විට බොහෝ දෙනාගෙන් ලැබුණේ සිනහමුසු ප්‍රතිචාරයකි.

සරළව කියතොත් සමහර ව්‍යාපාර චින්තනයන්ට අනුව, ළොව වටා ස්වේච්ඡා සාමාජිකයන් එකතු වීමෙන් අද්විතීය මිනිස් දැනුම් සම්භාරයක් නිර්මාණය කිරීම - විශේෂයෙන්ම එකිනෙකා හවුලේ භාවිතය යන සරල අරුතින් නිරමාණය කිරීම අදහා ගැනීමටත් ඉතා අසීරු විය.

දැන්වීම් නැති, ලාභ නොලබන, සැඟවුණු අරමුණු නොමැති ව්‍යාපාරයක් !

විකිපීඩියාව නිර්මාණයෙන් දස වසරකට පසුව අද, ආසන්න වශයෙන් මිලියන 400කට අධික පිරිසක්, එනම් අන්තර්ජාලය පරිහරණය කරන්නන්ගෙන් 1/3 පමණම විකිපීඩියාව සහ එහි සහෝදර වෙබ් අඩවි භාවිතා කරති.

විකිපීඩියාව ලොව 5 වන ජනප්‍රියම වෙබ් අඩවියයි. අපට ඉහල ජනප්‍රියත්වයක් ඇති වෙබ් අඩවි සතරම ඩොලර් බිලියන ගනණින් ආයෝජනය කර ඇති, අති විශාල කාර්ය මංඩලයන් සහිත, අධික ලෙස ප්‍රචාරණය සඳහා වියදම් කරන ආයතන වේ.

නමුත්, විකිපීඩියාව අනෙකුත් වාණිජ වෙබ් අඩවි සියල්ලන්ගෙන්ම වෙනස් වූවකි. එය ප්‍රජාව විසින් නිර්මාණය කල, ස්වේච්ඡා සාමාජිකයන් විසින් පිටුවෙන් පිටුව ලියන ලද වෙබ් අඩවියකි. මෙය පරිහරණය කරන ඔබ, අපගේ ප්‍රජාවේ කොටස්කරුවෙකි. මම අදදින ඔබවෙත ලියන්නේ විකිපීඩියාවේ ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙනි.

අප සැමගේ එකමුතුවෙන් විකිපීඩියාව නොමිලේ සහ දැන්වීම් වලින් තොරව පවත්වාගෙන යා හැකිය. අපට එය නිදහස් - එනම් එහි අන්තර්ගත තොරතුරු ඕනෑම ආකාරයකට භාවිතා කල හැකි ලෙස පවත්වාගෙන යා හැකිය. දස දෙසට දැනුම පතුරවමින් එය වර්ධනය කර සාමාජිකත්වය සඳහා සියල්ලන්ට ඇරයුම් කල හැකිය.

සෑම වසරකම මේ කාල වකවානුවේදී අප ඔබ අතුළු විකිපීඩියා සාමාජික ප්‍රජාව වෙත එන්නේ අපගේ ප්‍රජා ව්‍යාපාරයේ පැවැත්ම සඳහා ඩොලර් 20, 30, 50 හෝ වෙනත් ගණනකින් ආධාරයක් බලාපොරොත්තුවෙනි.

අදහස් සපයන සහ අදහස් ජනිත කරවන තැනක් ලෙස ඔබ විකිපීඩියාව අගය කරන්නේ නම්, නොපමාව ක්‍රියාත්මක වීමට ඔබ තීරණය කරනු ඇති බව මට විස්වාසයි.

සෙත් වේවා, ජිමී වේල්ස් නිර්මාතෘ - විකිපීඩියාව

පසුව ලියමි : විකිපීඩියාව යනු විශ්මයජනක දේ කිරීම සඳහා මිනිසා සතු බලයේ ප්‍රතිමූර්තියකි. අප වැනි මිනිසුන් විකිපීඩියාව ලිවූයේ වරකට එක් වචනයක් බැගිනි. අප වනිම මිනිසුන් එයට අරමුදල් සපයන්නේත් වරකට එක් ප්‍රදානය බැගිනි. එය අපගේ එකමුතු බවේ ශක්තිය පිලිබඳ සහතිකයයි.

— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Naveen (සාකච්ඡාවදායකත්ව) විසින් 14:03, 11 නොවැම්බර් 2010 හිදී එක් කර ඇත


පරණ ලිපිය මකලා අළුතින් දැම්ම ටික මෙතනින් කොපි කරලා නේද? ---ශ්වෙත (talk) 16:42, 21 නොවැම්බර් 2010 (යූටීසී)Reply

අන්තර්ගතය සංස්කරණය

ජිමී වේල්ස් ගැන කෙසේවෙතත් මේක විකිපීඩියාවෙ “ප්‍රචාරක දැන්වීමක්“ වගේ. :D Wikify විය යුතුයි. --තඹරු විජේසේකර සාකච්ඡාව 05:06, 25 ජූනි 2013 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ජිමී_වේල්ස්&oldid=268363" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "ජිමී වේල්ස්" page.